11. මැඩම්...

163 27 23
                                    



ඒක පාර්ශික ප්‍රේමයක් කියලා ඇහෙද්දිත් අදටත් මාව වෙව්ලනවා.. ඕක තනිකරම විද දරාගැනීම.. එක්ක ආපහු නොපෙරලා මුකුත් බලාපොරොත්තු නොවි කරන දෙයක්.

නියම ඒක පාර්ශික ප්‍රේමවන්තයෙක්ට තියන හදවත... ගැන කතා කරන්න වචන මදි වේවි. ඒ හදවත මහා පරිමාණ දරාගැනීමක් එක්ක සෞම්‍ය හැඟීම් දැරැවත්.. ඒක වේදනාවක්.

වෙනසක් තියන්⁣න පුලුවන්.. ඒ ප්‍රේමවන්තයා අර වේදනාවත් අමෘතයක් කරගන්නවා නම්.


මමත් ඕක දශමෙකින් හරි.. විදලා තියනවා. අවුරැදු ගානක් නොවුනත්.. මමත් ඔය රිදුනත් විදින්න හිතෙන ඒක පාර්ශික අනන්තයට ඇදන් වැටුනු කෙනෙක්.






මගේ ඇස්වල කඳුලු නතර වෙනකල්ම හිටිය මම හොදට මූණ හෝදගත්තා. නළල ගෙඩි ගැහිලා වගේම ඔලුවත් සැහෙන්න රිදෙනවා.

' It's okay... you're okay...'

හොදින් නෙමෙයි.. තමයි.. ඒත් මම නිකම්ම මාවම අතඇරලා දැම්මේ නැහැ.

' I am not gonna let myself down.....'



ඒ වෙද්දි ගාථා කියලා උදේ රැස්වීම ඉවර වෙලා තිබුනේ. මම හැදුවේ... එතනින් යන්න.. ඒත් කෙනෙක් මාව නැවැත්තුවා.




" ක..කවීන්..."


" ච්හ්.. මට මුකුත් ඇහුන්නැ... බය වෙන්න එපා මම මුකුත් දැක්කෙත් නැහැ..."




පොඩි අයගේ වොශ්රූම් එක හරියෙන් ආව කවීන් එහෙම කියලා ඉක්මනින් ගියා. කවීන් කියන්නේ සුදු චුට්ටක් විතර හුරතල් පාට කොල්ලෙක්. මතීෂ තරම් උස නැහැ.. මට වඩා පොඩ්ඩක් උස ඇති.. දැන් මගේ ගෘප් එකේ ඉන්න හාදයෙක්. අපෝ දැන් ඉතින්.. මදැ කලා. ඔය යකාට ඇහෙන්න ඇති.. දකින්නත් ඇති. හොඳටම විශ්වාසයි.. කොන්ඩේ බලයි කියලා.. මේකා ඔය රැස්වීම ඉවර වෙනකල් ඕක අස්සට වෙලා හැංගිලා ඉන්න ඇති. මොනා කරන්නද ඉතින් මම පන්තියට ගියා. ඒ වගේම ඒ මොහොතේ ඉදන් මම මතීෂව ඉග්නෝ කරන්න පටන් ගත්තා.


ඒක මහ පරිමාණ ඉග්නෝ කිරීමක්.. මම සාමාන්‍යයෙන් ආඩම්බර කෙල්ලෙක්. මාව අඳුරගන්න කලින් දකින හුඟක් අය මං ගැන හිතන්නේ එහෙමයි කියලා මම දන්නවා.. මොකද එයාලා පස්සේ කාලෙක මට ඕක කියනවා.


MY DEAREST || SINHALA || COMPLETEDWhere stories live. Discover now