ඉතින් ඔන්න මුළු දවසම අපි දෙන්නා කූඩැල්ලො දෙන්නෙක් වගේ ඇඟවල්වල එල්ලි එල්ලිම හිටියා.
කොටිම්ම මගේ කම්මැලි අයියා පැටියා උයන්නවත් කුස්සියට ගියේ නෑ.
Order කරලා කෑම ගෙන්නගෙන ඇඳ උඩටම වෙලා ඒවා කකා අපි පට්ට්ම leisurely හිටියෙ.
මොකද ඉතින් හෙටට මූණ දෙන්න ජවය බලය ශක්තිය එහෙම හොඳට එකතු කරගන්න ඕනෙනෙ.

පහුවදා අපි දෙන්නා තමයි මුලින්ම හොටෙල් එකට ගියේ.
ගිහිල්ලා අපේ මේසෙන් වාඩි වෙලා කට්ටිය එනකල් බලාගෙන හිටියා.
මුලින්ම ආවෙ අපේ අම්මලා.
තාත්තා නම් හිනා වෙලා එහෙම ආවට අම්මා නම් බුම්මගෙනමයි හිටියෙ.
ඊලඟට අයියගෙ සෙට් එක.
ආන්ටියි, අංකලුයි, දිදුනියි තුන් දෙනාම බුම්මගෙන!

අයියා ලස්සනට කට්ටියව පිලිගත්තා.
මාත් ඉතින් නිව්ට්‍රල් පිට එයා ලඟට වෙලා හිටියා.
කෑම මහා ගොඩකින් මේසෙ පිරුනම කට්ටිය කන්න ගත්තා.
හැබැයි හරියකට කෑවෙ මායි, අයියයි, තාත්තයි, අංකලුයි විතරයි.
ගෑණු සෙට් එකම අතගෑවා.

කෑම මැද්දෙදි අයියා බෝම්බෙ අතෑරියා.

"We are leaving tomorrow!"

කවුරුත් කතා කලේ නෑ.
සද්ද නැතුවම බිම බලාගෙන පුදුම උනන්දුවකින් හැමෝම කනවා.

"The flight's at 8pm."

අයියම ආයෙමත් කිව්වා.
පව් එයා!
තනියෙන්මයි ආපු වෙලේ ඉඳන් කතා කරන්නෙ!

"We might not be coming back for sometime!
That's why we thought of giving you all a treat!"

"So... are you some Father of Sri Lanka now?
Taking beggars with you and caring for them!"

ඒ අංකල්!
මම මොකුත් කිව්වෙ නෑ.
ඒ මනුස්සයා කියන්නෙත් බොරු නෙමෙයිනෙ ඉතින්.
මං හිඟන්නෙක් තමයි.
ඇත්තටම නම් හිඟන්නෙකුත් නෙමෙයි.
ඊටත් වඩා නරක එකෙක්.
ඒවා අංකල් හරියටම නොදන්න නිසා හොඳයි.

"Yeah!
I'd really like to do that thaththi.
But unfortunately still it's not the time.
So this time only I and my husband are going!"

අයියා මේසෙ යටින් මගේ අත අල්ලගන්න ගමන් කිව්වෙ.
දැන් එයා අවුලෙන් ඇත්තෙ.
මං ඕන නෑ කියද්දිත් එයාටමනෙ අම්මලාට කෑමක් දෙන්න ඕන කලේ.

"තඹරු!!
තවත් ඕවා අහ අහ මෙතෙන්ට වෙලා ඔන්න උඹට ලැජ්ජ නැද්ද?"

ඔන්න ඒ පාර අම්මා පටන් ගත්තා.
මං මොකුත්ම කිව්වෙ නෑ.
අයියට ඕනෙ වුනේ කට්ටියට ලස්සනට සමුදෙන්නනෙ.
ඉතින් ඒක විනාස කරන්න බෑ මට.

මානස (Completed)Where stories live. Discover now