"නන්ගි..28 වෙනිදා ලන් වෙනව"

"28..?"

"හ්ම්ම්"

අබිරුගේ මතක් කිරීමත් සමග ආන්‍යාට එක්වරම සිහියට ආවේ ඇය පණමෙන් ආදරය කරන ඇගේ පෙම්වතියගේ දෙමාපියන් දෙපලම අවාසනාවන්ත විදියට මියගිය දවසයි...

"ම්ම්"

"ගෙදරම එයාලව තියාගන්න නන්ගි"

"ම්ම්ම්"

"තව ටික දවසනෙ..පරිස්සමෙන් ඉමු හැමෝම..මොන දේ අපි කළත් වැඩක් නෑ අපි කවුරුත් පරිස්සම් වෙන්නැතුව"

"හ්ම්ම්..තැන්ක් යූ..මතක් කරාට.."

"ඒත් මන් යන බව දන්නෙ කොහොමද"

"දේශි කිව්වෙ..අද මාත් යන්න හිටියෙ එයා එක්ක...ඒත් දැන් ටිකකට කලිම් හරිත ආවා..ඒ ගැන කියල ගියා"

"හරිත"

"ඔව්..මගේ දෙවෙනි මල්ලි"

"අහ්...මාව හම්බෙන්න පෙරේදා හවසත් ආවා මිනිහා"

"මොකටද ඒ"

"නිකම්..කතා කරලා යන්න ගියා"

"මොනවද"

"ආශ්...ඔච්චර ප්‍රශ්න අහන්නෙපා ඕයි...මන් තමුසෙගෙ කෙල්ල නෙවෙයි ...මන් තියනව"

"හරිත මොනාද......."

අබිරු හරිත ගැන නැවතත් අසන්නට සූදානම් වෙද්දිම ආන්‍යා දුරකථන ක්‍රියා විරහිත කර දැමුවේ අබිරුගේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටනහනට ඇය අල්ප මාත්‍රයක හෝ කැමැත්තක් නොදක්වන නිසයි...

ආන්‍යා දුරකථනය ක්‍රියා විරහිත කර යේශි හා දේශිගෙ කාමර වෙත පියමැන්නෙ අද සැලසුම් කරගත් ගමන යාමට නොහැකි බව ඔවුන්ට පවසන්නයි...

"අක්කෙ"

"ඕඕහ්..අහ්..ආන්‍යා...මොකෝ"

"මේ අද එළියට යන්න වෙන්නෑ "

"ඔයාලටද"

"නෑ අපි හැමෝටම"

"ඒ කිව්වෙ"

"අයියා කිව්වා ගෙදර ඉන්න කියල"

"මොන අයියද"

"අපේ ලොකු අයියා"

"ලොකු අයියා"

දේශි ඇහිබැම ඔසවා ආන්‍යාගෙ මුහුණ දෙස බැලුවේ ආන්‍යාට වැඩිමහල් සහෝදරයෙක් සිටින බව ඇය නොදන්නා නිසයි...

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now