"පුතා!!!"

"මැදින් පනින්න එපා තාත්තෙ!
මං කියලා ඉවරවෙනකල් පොඩ්ඩක් අහගෙන ඉන්න!
මං හිටියෙ මුඩුක්කුවක.
රටේ නැති දහජරාව සේරම කටේ ගහගෙන.
මං කුඩු කසිප්පු සේරම ජාති ගහපු එකෙක්.
කටින්, නහයෙන් විතරක් නෙමෙයි, ඇඟට කටුවලිනුත් ඒවා ගහගත්තා.
දවසට හතර පාරක් කුඩු ගැහුවෙ නැත්තම් මට සික් එක!
වමනෙ ගිහින්, දාඩිය දාලා, ඇඟ වෙව්ලන්න අරන් මං පිස්සෙක් වෙනවා.
මහා නරුමයෙක් යකෙක් වෙනවා.
හිතලා බලන්න මං ඒ තත්වෙන් ගෙදර ආවා නම් ඔයාලා මාව පිළිගන්නවද?
කියන්න අම්මෙ?
එහෙනම් ඒත් මේ වගේම ආදරෙන් ගෙදර එක්කගෙන යන්න හදනවද?

අර මනුස්සයා මං වෙනුවෙන් නැහිලා නැහිලා දැන් තමයි පුංචි හරි සැනසීමක් විඳින්න පටන් ගන්නෙ.
ඉතින් දෙයියන්ගෙ නාමෙට ඒක නැති කරන්න නම් ලෑස්ති වෙන්න එපා.
මොකද එහෙම වුනොත් තඹරු මුඩුක්කුවක් අස්සෙ මැරයෙක් විදියට ජීවත් වුනා කියලා සාක්ශිත් එක්කම ඔයාලගෙ ඇස් ඉස්සරහා පේන්න ගනියි.

ඔය දෙන්නා නොදන්න නිසා කියන්නම්. ඔය මගේ අයියගෙ ඉස්සරහා පේන්න ඉන්න එකා නෙමෙයි ඇත්තම තඹරු!
ඌ ඊට වඩා සෑහෙන්නම නරක එකෙක්!
අයියගෙ හිතට වේදනාවක් දෙන කාව වුනත් විනාසම කරලා දාන්න මං දෙපාරක් හිතන්නෙ නෑ.
ඒ නිසා පිං සිද්ද වෙයි ඒ වගේ වැරැද්දක් කරන්න පාර කපලා මාව මහා පව්කාරයෙක් කරන්න එපා.
මං ගැන පොඩි හරි ආදරයක් ඔයාලගෙ හිතේ තියෙනවා නම් එච්චරමයි මං ඉල්ලන්නෙ!"

මං පට්ටම ගැම්මෙන් කියාගෙන කියාගෙන ගියා.
අම්මලා වුනත් දැනගන්න ඕනෙ අයියා ඉස්සරහා හුරතල් වුනාට තඹරු කියන්නෙ මැරයෙක් කියලා.
මගේ ලස්සන රෝසමල බය වෙයි කියලා මං මේ නිවිලා ඉන්නෙ!

කොහොම හරි මට කියන්න ඕනෙ කරපු ටිකෙන් සෑහෙන්නම ටිකක් මං කියාගත්තා.
ඒත් මගේ කතාව අවසානයි!
අසා සිටි ඔබ සැමට ස්තූතියි කියන්න වුනේ නෑ.
අයියා පීසා ටිකත් උස්සගෙන ඇතුලට ආවා.
මං කෝකටත් කියලා අම්මටයි තාත්තටයි වෝනිං ලුක් එකක් දීලම, දුවගෙන ගිහින් අයියගෙ අතින් පීසා ටික ගත්තා.

"අපි යමු යන්න තේමිය!
මුන්ව හදලා, වදලා, තියෙන සැප සේරම දුන්නා මදිවට මෙහෙම කතා අහන්නත් ඕන නෑනෙ.
කියන දේ අහන්නෙ නැත්තම් ඕන දෙයක් කරගත්තාවෙ.
මෙච්චර කල් හිටියා වගේ අපි කොහොම හරි හිත හදාගෙන ඉමු!"

මානස (Completed)Opowieści tętniące życiem. Odkryj je teraz