"එහෙනම් ලිෆ්ට් එකට තෑන්ක්ස් කේසර අයියේ.. ඔයත් පරිස්සමෙන් යන්න..."

නිරුද් පහත් කරපු ශටර් එකෙන් ඇතුලටත් එබිලා හිනාවෙලා ඒ කිව්ව මේඝව දැන් එක හිතින් ලෑස්තියි ගෙට පැනලා ඇදට වැටිලා නිදාගන්න.. හාහ් කිරිකෝපි එක.. ඒක බොන්නත් එපෑනෙ. තව ඩිංගෙන් අමතකත් වෙනවනෙ..

ඉතින් නිරුද්ට පරිස්සමෙන් යන්න කියන ගමන් ආපිට හැරුනු මේඝව එතනින් එන්න ආවත්, කොල්ලට එක අඩියකට වඩා ඉස්සරහට තියාගන්න බැරි උනා වගේම පුදුමෙන් වගේ ආපිට හැරුනු පොඩි එකා දැක්කේ ශටර් එකෙන් එලියට අතක් දාගෙන යන්න ගිය එයාගේ අතේ මැනික්කටුවෙන් අල්ලගෙන ඉන්න නිරුද්ව..

ඉතින් දැන් පුදුමයි! ඒ පාර මොන හෙනගෙඩියක්ද.. ඇයි අප්පා අම්මගේ චූටි පුතාගේ නින්දට මෙච්චරම බාධා වෙන්නේ..?

"ගෙදරටම ආව මනුස්සයෙක්ව ඔහොම පිට පාරෙන්ම හරවලා යවන එක හොදද බබා... ම්ම්?"

හහ්! බබා කිව්වේ.. කවුද බබා? අනික කවුද පොල් ඔලුවගේ බබා.. මේඝව බබෙක්ද.. නෑනේ! පොල් ඔලුවගේ බබා වෙන්න කොහොමත් බෑනේ... එක්කෝ මූට නිදිමත වැඩි වෙලාද විකාර කියවන්නේ..

අනික, ගෙදර පලයන්කෝ බං අයියේ.. මටත් ගිහින් නිදාගන්න ඕනිනේ!

මේඝවගෙ හිත එහෙම කිව්වත්, කොල්ලගේ හිතේ තව කෑල්ලක් දැන් කොල්ලට හොදටම බනිනවා.. ගෙදරටම අරන් ආව එකාවනේ උඹ තේ එකක් වත් නොදී එලවන්න හැදුවෙ කියලා..

"මම හිතුවෙ ඉතින් අයියත් මහන්සි නිසා ගෙදරම යයි කියලා.. ඉන්නකෝ එහෙනම් මම ගේට් එක අරින්නම්.. තේ එකක් බීලා යන්"

හිනාවෙලා එහෙම කිව්වත් හිතින් පුලුවාන් තරමක්ම නිරුද්ට දෙහි කපන ගමන් මේඝව ආයෙම හැරුනේ දැන් ඉතින් එයා ඇතුලට ගිහින් මූට වාහනේ ඇතුලට ගන්නත් ගේට් එක අරින්න ඕනි නිසා උනත්,

මේ පාරත් හැරුනට මොකද මේඝවට අඩියක් වත් ඉස්සරහට යන්න බැරි උනා.. ඇයි ඉතින් අත මෙතන ගලවලා තියලා යන්නද..

"අහ්ම් අහ්ම්... අයියේ.. මේ..."

ආයෙමත් වාහනේ පැත්තට හැරුනු මේඝව එහෙම කිව්වත් වගේ,

"ඇයි ලමයෝ.. ඉක්මන්ට ගිහින් ගේට් එක අරිනවා මෙතන මේක මෙහෙම නවත්තන් ඉන්න බෑනේ..."

ප්‍රේමයට කාරණාWhere stories live. Discover now