..................********.......................

මේ අතරවාරයේදි ආන්‍යාත් සමග ආන්‍යාගේ ගෙදරට පැමිනි දේශි මල්ශි යේශි වගේම තාන්‍යාත් වාහනෙන් එලියට නොබැස කල්පනා ලෝකෙක තනි වුනේ වෙන දේවල් ගැන හිතාගන්න බැරුවයි....

ඒ එක්කම ජයවීර මහතා දුවගෙන ඇවිත් ආන්‍යාව වැලදගත්තෙ දවස් ගානකට පසුව දකින තම දියණිය ඔහුට බොහෝලෙස මග හැරුණු නිසයි...

එවෙලෙහි ඔහු දුටුවේ ගේට්ටුවෙන් පිටත සිටින තම ප්‍රාණ සම පුත්‍රයා වූ අබිරුයි...ජයවීර මහතාව දුටු අබිරු තම බයික් එක ආපසු හරවාගෙන වේගයෙන් ගමන් කලේ ඇස්වලින් කඩා පනින කදුලු වැල්  නැවැත්වීමට කිසිදු උත්සාහයක් නොගෙනයි....

ජයවීර මහතා ලොකූ හුස්මක් පිටතට දමා වාහනය දෙස බැලුවේ වාහනය තුල තම එකම මිතුරාගේ දියණියන් සිටින නිසාවෙන්....

"තාත්ති..අම්මි කෝ"

"ඇතුලෙ"

"ගෙදරට කට්ටිය ආවමත්"

"එයාව හදන්න බෑ..කෝ මේ ළමයි ටිකව එලියට අරගමු"

කාරයේ පිටුපස දොර විවෘථ කල ආන්‍යා දේශිටත් යේශිටත් කාරයෙන් බැසීමට උදව් කලේ ඔවුන් නොසන්සුන් ස්වභාවයකින් ඉන්න බව දැනුන නිසයි...

"දේශි අක්කේ මේ අපේ තාත්තා.."

"කොහොමද මාමෙ"

"හොදයි හොදයි දූ..ඇතුළට යන්ද..."

"මට මෙහෙ දැකලා පුරුදුයිනෙ අප්පා"

"ම්ම්ම්..ඒම වෙන්න එපෑ"

"ඒ කිව්වෙ මාමේ"

"යන්කෝ යන්කෝ ඇතුලට"

ජයවීර මහතා විසින් මල්ශිවත් දේශිවත් නිවස තුලට එක්ක ගියේ යේශි සහ ආන්‍යා හිමින් සීරුවේ නිවස තුළට පැමිණෙන අතරතුරයි

"ආන්‍යා"

"ම්ම්ම්ම් කියන්න princess "

"ඔයාලයි ගෙදර ලොකුයිද ගොඩක්"

"ඔව් ටිකක් .."

"ම්ම්..අපි ආවට අම්මා කැමතිද"

"ඇයි ඒම අහන්නෙ"

"නෑ නිකම්"

"නිකම්...නිකම් වෙන්න බෑ"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)حيث تعيش القصص. اكتشف الآن