උන දේ හිතාගන්න බැරුව දේශි මල්ශි වගේම තාන්‍යාත් ගල් ගැහිලා බලන් ඉද්දි එයාලගෙ නිහඩතාවය බිදුනේ ටික දුරක් ගිහිම් ආපහු හැරිලා ආව අබිරු එයාලට කතා කරද්දි...

"කට්ටියම ගේ ඇතුලට යන්න..කිසි කෙනෙක් එලියට එන්නෙපා..කවුරු කතා කරත්...මන් ආය එන්නෙ ආන්‍යාවත් එක්කගෙන..ආන්‍යායි මායි දෙන්නම ඇවිත් ඔයාලට කතා කරනකම් දොර අරින්නෙපා.."

"අයියේ ඒත් ඔයා යන්නෙ"

"කතා කරන්න වෙලාවක් නෑ..අරකි දැනටමත් සැහෙන්න දුර ගිහින් ඇති..පරිස්සමෙන් ඉන්න හැමෝම"

"අයියත් පරිස්සමෙන් "

දේශි එහෙම කිව්වත් අබිරුගේ බයික් එකේ සද්දෙට ඒක නෑහුණා සේ අබිරු යන්න ගියේ ආපහු හැරී හෝ නොබලා...

අබිරු කිව්ව විදියටම කට්ටිය ගෙ ඇතුලට ඇවිත් දොරවල් ජනෙල් වහගෙන ඉක්මනින් රෑ කෑම කාලා නිදාගන්න යන්න ලෑස්ති උනේ දැන් උන දේ ගැන ඒ අයට හිතාගන්න බැරි නිසා.....

................******...................

"අබිරු අබිරු..."

"කව්ද"

"මන්"

"මන් කිව්වෙ"

"දොර ඇරපන් බේසික බල්ලො"

"හ..හ..රිත අයි..යා.."

"හ...හ..රිත..නෙවෙයි හරිත..දොර ඇරපන් දොර කඩන් එන්න කලිම්"

"අනේ අයියා කිව්වේ කවුරුත් ආවට දොර අරින්න එපා කියල"

"දොර ඇරපන් නැත්නම් මේක කඩන් ඇතුලට ඇවිත් මන් උබට අරින්නෙ"

"බෑ බෑ මට බෑ.."

"ඇරපන් "

ඒ එක්කම ගේ ඇතුලේ ඉදන් සිතුම් හා පැටියෙක් වගේ දොර ඇරියේ හරිත දොරත් තල්ලු කරන් ඇතුළට එද්දි...ගේ ඇතුලට ආව හරිත ඉක්මනට දොර වහලා දැම්මෙ කවුරුත් දකියි කියල බයෙන් වගේ...

"අබිරු කොහෙද "

"අයියා නෑ"

"අයියා නෑ කියල මාත් දන්නවා මිනිහෝ..කොහෙද ඒ යකා ගියෙ කියල අහන්නෙ මන්"

"මන් දන්නෑ.."

"හරි...උබට මොකක්ද අයියා කිව්වෙ.."

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now