• විසිපස් වන දිගහැරුම •

Start from the beginning
                                    

තමන්ගේ ගෙදර ඉදන් යුගාන්ලගේ ගෙදරට යන්න උපරිම විනාඩි දහයක් විතර ගත වෙනවා උනත් තීනු විනාඩි පහෙන් යුගාන්ලගේ ගේ ගාවට ඇවිත් හිටන් හිටියා . යුගාන් එක්ක තද මලෙන් ඉන්න නිසා තීනු ඇවිදලා ආවා නෙමෙයි දිව්වා . යුගාන්ව අහු උනු හැටියෙම ඕකගේ කන පලලා පොල් ගහක් හිටවන්න තීනු මග බලන් හිටියා . යුගාන්ලගේ ගෙදර තියෙන ලොකුම ලොකු ගේට්ටුවෙන් එලියේ ඉදන් තීනු බෙල්ල එක ගහන්න ගද්දි ගේට් එක ඇරියේ යුගාන්ලගේ වත්ත බලා ගන්න කෙනා .

" මේ පාලිත අන්කල් අර සක්කිලි පකයා ඉන්නවද ?? "

ගේට්ටුව ඇරුනු හැටියෙම තීනු පාලිත ගෙන් එහෙම අහද්දි පාලිත ඇස් දෙකත් ලොකු කරන් තීනු දිහා බැලුවේ තීනු කිව්ව ජාතියේ නමක් තියෙන එකෙක් මේ ගෙදර නැති නිසා .

" කවුරු කියලද කිව්වේ පුතේ ?? "

" ආර්ර් යුගාන් යුගාන් අනේ !! "

" ආහ් යුගාන් බේබී ඉන්නවා "

" හොද බේබී !! ඕකගේ බේබී වැඩ දන්නේ මමනේ .. පාලිත අන්කල්ට කියන්න ඕකට වටේම ගෑණු !! ඕකව ජීවිතේට හදන්න බැහැ හුලගට ගහන් යන්න ජම්ගි කෑල්ල වගේ ඕකා වටේ යන එකමයි කරන්නේ !! මං මිනිස්සුන්ට කතා හදන්න කැමති නැහැ පාලිත අන්කල් ඒත් මං මේ මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඔය යුගාන් කෙල්ලෙක් එක්ක ක්ලබ් එහෙකට යනවා !! බුදුන් පල්ලා ජේසු පල්ලා අම්මා පල්ලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න නැත්තම් මට වැඩකුත් නැහැ ඒත් මම කිව්වේ මේ ඇත්තමයි !! "

තීනු ගේට්ටුවට හේත්තු වෙලා පාලිතට ගල් පැලෙන බොරු කියද්දි කිසිම දෙයක් නොදන්න අහිංසක පාලිත නිකටට අතකුත් තියා ගෙන තීනු කියපු දේවල් අහන් හිටියේ විශ්වාස කර ගන්න බැරුව . යුගාන් දඩබ්බර හිතුවක්කාර කොල්ලෙක් කියලා ගෙදර වැඩ කරන හැම කෙනෙක්ම දැනන් හිටියත් යුගාන් මේ වගේ වැඩ කරන නොසන්ඩාලයෙක් කියලා නම් පාලිත හීනෙකින් වත් හිතුවේ නැහැ .

" දෙයි හාමුදුරුවනේ !! යුගාන් බේබී එහෙම දරුවෙක් කියලා මං හිතුවේ නැහැ !! "

" මාත් හිතුවේ නැහැ පාලිත අන්කල් ඒත් මූ හෙන කබරයා !! පාලිත අන්කල්ට දුවෙක් එහෙම ඉන්නවා නේද පරිස්සන් කර ගන්න හොදේ පස්සේ අපි නොකිව්වයි කියන්න එපා !! "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now