Start

51 7 1
                                    

ජීවිතේ....
හමුවීම් හිමිවීම් වගේම අහිමිවීම් දරාගැනීම් එක්ක තමා ජීවිතේ ගෙවෙන්නේ

ඩේව් සහ දේව් කියන්නේ කුමාරවරු දෙන්නෙක් නිකම් නෙවෙයි වැම්පයර් කුමාරවරු දෙන්නෙක්

ඩේව් වැඩිමලා දේව් බාලයා

ඩේව් අවුරුදු 97 දී අහම්බෙන් හම්බෙන මිනිස් කෙල්ලෙක් එක්ක ආදරෙන් බැදෙනවා ඒත් ඒ වෙද්දිත් එයාගේ පවුලේ අය සාරා කියලා වැම්පයර් කෙල්ලෙක්ට ඩේව්ව යෝජනා කරලයි තියෙන්නේ

ආදරේදි ඕවා මතක් වෙන්නෑනේ ඉතින් ඩේව් එයාගේ ආදරේ එක්ක සතුටින් ඉන්නවා ඒත් එයාගේ 100 වෙනි උපන් දිනය දා රජතුමා දැනගන්නවා ඩේව්ගේ අනවශ්‍ය සම්බන්දය ගැන

එයා මිනිස් ගම්මානයම ගිනි තියලා
දාන්නේ ගින්නෙන් තුවාල උන ඩේව්ගේ ආදරය එයාගේ අත් උඩම අවසන් හුස්ම හෙද්දියි

ඩේව්ට මේ දේ හින්දා තමන්ගෙම වර්ගයා ගැන ඇති උනෙ මහ කලකිරීමක් රජතුමා කියන දේ පොඩ්ඩක්වත් අහපු නැති ඩේව් මාලිගාව වගේම මුලු වැම්පයර් ‍රාජ්‍යම අත ඇරලා දාලා මිනිස්සු ජීවත් වෙන පැත්තේ පාලු ගෙදරකට ආවා
දේව් නිකම් අයියාගෙ නැට්ට වගේ පස්සෙන්ම ඉන්න කෙනෙක් අවුරුදු පනහක වයස් පරතරයක් තිබ්බට ඒ දෙන්නා හිටියේ හොදම යාලුවෝ වගේ ඩේව්ගේ ආදරේ යූරා දේව්ට එයාගෙම අක්කෙක් යාලුවෙක් වගේ උනා මේ නිසා දෙපාරක් නොහිතා දේව් ඩේව් එක්කම ගියා

ඒ 1578 දේව් ඩේව් එක්ක වංශවත් තරුනයෝ දෙන්නෙක් විදිහට නම් වෙනස් කරන් මිනිස්සු එක්ක ජීවත් උනා ඒ දෙන්නා ගාව තිබ්බ මාලේ නිසා ඉර එලියෙන් කරදරයක් නොවුනත් සුදු ලූනු ආගමික සංකේත වලින් එයාලට වෙන හානිය නැවතුනේ නෑ

ඩේව් එයාගේ මල්ලි එක්ක දිගටම යූරාව හෙව්වා ඒත් වැඩක් උනේ නෑ
අහංකාර මාලිගාවෙන් ඈත් වෙලා මේ කුමාරවරු දෙන්නා ඒ ගැන හොයන්නෙවත් නැතුව ජීවත් උනා
අවුරුද්දෙන් අවුරුද්ද එයාලගෙ ගෙදර ගරා වැටෙද්දි ඩේව් සහ දේව් ඒ පාලු ගෙදර අස්සෙ ජීවත් උනා
නිකම් පාලු ගෙදරක හොල්මන් වගේ
අවුරුදු  ගානක් මේ විදිහට ගත උනා




Dew Dewince
ඩේව් ඩෙවින්ස්



Dew Dewinceඩේව් ඩෙවින්ස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Waiting For YouWhere stories live. Discover now