'ඇයි හුත්තො මේ හීතලේ පීනන්නේ... උඹේ සෙන්සර් ගෙවිලද.. එක්කෝ.. මූට නම් සිරාවටම සයිකො'

නිරුද්ගේ හිත දැන් එහෙමත් කියනවා... ඒ එක්කම වගේ පොඩි එකත් මෙහෙට පීනගෙන එනවා... ආවත් වගේ ආයෙම නොහැරි නතරවුන මේඝව නොදැන උනත් වතුරෙන් උඩ ඇවිත් තිබුනේ හරියටම නිරුද්ගේ දෙපා මුලින්... මොකද නිරුද් හිටගෙන හිටියෙත් පූල් එක කෙලවරක.. ගැට්ට අයිනටම වෙන්න!

ඉතින්,

"මහ පාන්දර පීනන්නේ... සන්නිය හදාගන්න ආස හිතිලද මේඝවට...?"

හරියට වතුරෙන් මූන උස්සනත් කලින් මේඝවට ඇහුනේ එයා කොහෙත්ම මේ මොහොතේ අහන්න බලාපොරොත්තු නොවුන කටහඬක් කිව්වොත්, ඔව්.... බලාපොරොත්තු නොවුන පාරට කොල්ලව ගැස්සිලා ගිය විදිය නිරුද්ගේ කොටි ඇස් වලට උනත් නොවැරදීම නෝට් වුනා කියන එක සමහරවිට මේඝව නම් දකින්න නැතුව ඇති..

මොකද උත්තරයක් දෙන්නවත් ඒ මූන බලන්න සිහියක් නැති වුන මේඝව තාමත් බලාගෙන හිටියේ එයාගෙ ඇස් මට්ටමෙන් පේන ඒ ලස්සන කකුල් දෙක දිහා.. එතනින් එහා මේඝව උඩට ආවෙත් චුට්ට චුට්ට...

හරිම පිලිවෙලට කොටුවට නියපොතු කපපු මූනෙ පාටම කකුල් දෙක, විලුඹ වෙනකන් දිග උන ස්වෙට් පෑන්ට් එක වගේම ඒ දිගේ ඇස් උඩට අරන් ගිය මේඝවගෙ මූනත් දැන් නම් මැච් එක වෙලාවෙ තිබුන කෝලියගෙ මූන වගේම ඇද වෙලා ගිහින්!

ඇයි ඉතින්... කොල්ලා එයාගෙ ඇස් උඩට අරන් ආවෙ කකුල් දෙක දිගේනෙ.. ඔය ගමන අතරමැද මේඝවගේ ඇස් දෙකට අහුවුන එයා ඉස්සරහ හිටගෙන ඉන්න මහඋරඟ දැවැන්තයගෙ බල්ජ් ඒරියා එක හරිම නිදහසේ තියෙන හැටි මේඝව දැක්කේ ඇස් කොනින් එහෙම නම් නෙවෙයි.. කෙලින්ම තනිකර ඇස් වලින්...

ඉතින් මේඝවට හිතුනෙම,

'ඒව් මූ ජොකෙක් වත් දාලා නැතුවද මේ හොලව හොලව ඇවිදින්නේ... පිසාචයෙක්නෙ මහ'

ඔහොම!

කොහොම හිතින් හිතුවත්, මේඝව උනත් මේ දැන් එයා ඉස්සර හිටගෙන ඉන්නේ ඇත්තටම කවුද කියන්න නොදන්නවාමත් නෙවෙයි. මොකද මීට විනාඩි තුන හතරකට ඉස්සර මහා බර කැප්ශන් එකකුත් එක්ක නායකත්වය දුම් බොන පින්තූරයක් ස්ටෝරි අප්ලෝඩ් කලේ අපි කවුරුත් කියලද.. එයාමනෙ!

ප්‍රේමයට කාරණාWhere stories live. Discover now