19 කොටස

Mulai dari awal
                                    

"ඒයි රිලවි"
ආන්‍යාගෙ මූඩ් එක වෙනස් කරන්න කියල හිතන් අබිරු එහෙම කෑ ගැහුවේ ආන්‍යව චුට්ටක් අව්ස්සන්නත් එක්කමයි ..
ඒත් අබිරු දිහා හැරිලා බලපු ආන්‍යා ආපහු යන්න ගියේ අබිරුගෙ වචන කමකට නොගෙන...

ඒක අබිරුට මදිකමක් වගේ දැනුන නිසා දුවගෙන දුවගෙන ආන්‍යා ලගට ආව අබිරු ආන්‍යව වඩාගත්තේ ආන්‍යා හයියෙන් බෙරිහන් දෙද්දි...

"යෝධ මිනිහෝ මාව අතාරිනවා"

"ආව්ශ්..ඔය ආවේ කටට පණ"

ඒම කියන ගමන් හිමීට ආන්‍යව බිමින් තියපු අබිරු ආන්‍යාගේ කොන්ඩෙ ඇවිස්සුවේ ආන්‍යා රවලා අබිරු දිහා බලන අතරෙයි....

තාන්‍යා ආයම වතාවක් ඇවිත් අබිරුව බදාගද්දි ආන්‍යාත් ඒකට එකතු උනෙ ආය කවදා මේම ඉන්න ලැබෙයිද කියලා නොදන්න නිසා....

තුන්දෙනාම ටික වෙලාවක් ඒම ඉදලා විසිරුණේ තව වෙලාවක් හිටියොත් එයාලා තුන්දෙනාටම ඇඩෙන නිසා...ඉක්මනට වාහනේ ස්ටාර්ට් කරලා වාහනේ පාරට දැම්ම ආන්‍යාත් තාන්‍යාත් අතර දේශිලගෙ ගෙදරට යනකම් පැවතුණෙ දැඩි නිහැඩියාවක්....

"අක්කි.."

"ම්ම්ම්"

"මන් ඔයාට කලිම් නොකිව්වට සමාවෙන්න"

"අයියා ගැනද"

"ම්ම්ම්..ඔව්"

"කමක් නැ...ඒක හොදයි .."

"බහිමු නේද..දැන් ඉදන් අයියා කිව්වෙ වගේ සාමාන්‍ය විදියට හැසිරෙමු..නැත්නම් මල්ශි අක්කට සැක හිතිලා දේශි අක්කටත් කියයි"

"ඔව්..පස්සෙ මට යේශි එක්ක ඉන්නත් බැරි වෙයි.."

"ම්ම්ම්..යන් ඒනම්"

ආන්‍යායි තාන්‍යායි දෙන්නම වාහනෙන් බැහලා දේශිලගෙ ගේ ඇතුලට ආවේ දේශි යේශි මල්ශි තුන්දෙනාම සාලෙට වෙලා සින්දු කිය කිය ඉන්න අතරෙයි...

සින්දු කියන අයට බාධා නොකර හිමීට ගේ ඇතුලට ආව ඒ දෙන්නත් දේශිලා ලගින් වාඩි උනේ දේශිලාට සින්දු සාජ්ජෙට එකතු වෙන්නත් එක්කයි...

යේශිගේ ලස්සන කටහඩින් කියන සින්දු අහ අහ හතර දෙනාම හිටියෙ භාවනාවකට සම වැදිලා වගේ.......

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Tempat cerita menjadi hidup. Temukan sekarang