"ම්ම්ම්ම්...ඔව් හරියට ඔයා වගේ"

"හ්ම්...අනේ මන්දා..මට හොයන්න ඕන තොරතුරක් හොයාගන්නම බැරි එකා ගැන"

"කෝමද"

"කෝම හරි"

"මොකක්ද මේ අක්කා නගෝ කෝමහරි හොයන්න හදන්නෙ..."

එහෙම කියන් ගේ ඇතුලෙ ඉදන් එලියට ආවේ මල්ශි...මල්ශිට මේ දෙන්නගේ අමුතු වැඩ ගැන ආන්‍යාව එදා එයාලයි අම්මා ඇවිත් එක්කන් ගිය දවසෙ ඉදන් සැක හිතිලා තිබුනේ සැකෙන්ම වගේ ආන්‍යා දිහයි තාන්‍යා දිහයි බලපු මල්ශි බොරු හිනාවක් දාන් විහිලුවට වගේ එහෙම ඇහුවම ආන්‍යයි තාන්‍යයි දෙන්නම මූණට මූණ බලාගත්තෙ මොකක්ද දැන් මෙයාට කියන්නෙ කියල වගේ මූණක් හදාගෙන්.....

ඒත් එක්කම එලියට ආව දේශි නොහිතා උනත් ආන්‍යාවයි තාන්‍යාවයි බේරුවේ තේ බොන්න කට්ටිටම ඇතුළට කතා කරන්..ලැබුනු අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මේ ඩබල දේශිගෙ පස්සෙන් ගියෙ මල්ශිටත් හිනාවක් දාන්....මල්ශිත් නැවත අලුත් වෙච්ච සැකමුසු බැල්මකින් දෙන්නා පේන්නැතුව ගියාට පස්සෙ බලන් කල්පනා කරේ  මොනවද මෙයාලා මේ හොරාට හොරාට කරන්නෙ
කියලා...

කට්ටියම තේ බීලා ඉවර උනත් එක්කම මෙච්චර වෙලා කුස්සියේ ඉදන් ආන්‍යා දිහා බලන් හිටිය දේශි බලන් හිටියෙ කොයි වෙලාවේ හරි ආන්‍යා එයා ළගට ඇවිත් යේශි ගැන අහයි කියල....

ඒත් දේශිගේ බලාපොරොත්තු සුන් කරගෙන ආන්‍යා තාන්‍යා එක්ක තාන්‍යාගෙ කාමරේට යන්න ගියෙ රෑ යේශි කියපු දේවල් ටික ටික දේශිට මතක් වෙන්න ගද්දි....

ට්වින් ආවම ආන්‍යා එක්ක ඉන්න එක යේශිට තවත් අමාරුවෙන බව යේශි දැනන් හිටියා...මගේ නන්ගිට රිද්දන්නෙ කෝමද ආන්‍යා ඒ විදියට ..නන්ගි කොයි වෙලාවෙ ඉදන්ද බලන් ඉන්නෙ ආන්‍යා එනකම්...

එහෙම හිත හිත කට්ටියගෙ කෝප්ප හෝදන්න ගත්‍ත දේශි ලගට ආවේ ආන්‍යා....

"අක්කෙ"

"අහ් කියන්න ආන්‍යා නන්ගි"

"මේ යේශිට තේ හදලා දුන්නයි"

"දැන්ද ඔයාට එයාව මතක් උනෙව්"

"අනෙ නෑ අයියෝ..මන් ඉතිම් තාන්‍යා එක්ක ගියා"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)حيث تعيش القصص. اكتشف الآن