පුන්චි කාලේ කොල්ලා කිරි නැතුව අම්මා නැතුව පිටි කිරි නොබී අඩනකොට කොල්ලට තව අම්මෙක් ගේන්න මහේන්ට බැරි වුනේ, කුඩම්මා කවදාවත් අම්මා වෙන්නෙ නෑ කියන හේතුව මහේන් දැනන් උන්නටත් වඩා ආදරේ කරපු ගෑනිගෙන් පිට තව ගෑනියෙක්ගෙ බඩ උඩ නගින්න මහේන්ට කවදත් හිත හදාගන්න බැරි බව මහේන් දැනන් උන්න නිසා...

ඉතින් කිව්වත් වගේ අප්පච්චිගෙ නමට කලු පැල්ලම් ඇති කලේම නිරුද්...

ඒ කියලා ඒ අප්පච්චිගෙ ආදරේ අඩුවක්ද!

මහේන් රාජපක්ෂ එයාගේ එකම පුතාව ලෝකෙට අදුන්වලා දෙන්නෙම එයාගෙ ලොකුම ආඩම්බරේ විදියට!

තේරෙන කාලෙ ඉදලම බැට් එකට බෝලෙට පට්ටම ලව් නිරුද්ගේ ඒ හීනෙට යන්න කොල්ලට ලොකුම පන්නරය උනේ අප්පච්චි කිව්වොත් ඒකේ කොහොත්ම වරදක් නැති තරම්... අනික කොල්ලගෙ ඉස්කෝලෙ... කොහොමත් ඇමති පුත්තු රජ කරන ලංකාවේ නම ගිය ලොකුම පිරිමි ඉස්කෝලෙත් නිරුද්ට ඒ කාලේ තිබුනේ සුළුපටු තැනක් නම් නෙවෙයි.. දැන් කියලත් වෙනසක් නෑ.. ඉස්කෝලෙටත් නිරුද් කියන්නෙ සෑහෙන ලොකු ආඩම්බරයක්!

අනිකා නිරුද්... මහ පගයා කොච්චර ජඩ වැඩ කලත් උගෙ අප්පච්චිට පණ.. අප්පච්චි පුතේ කිව්වත් ඇති කොල්ලා අප්පච්චිගෙ දෙපා මුල.. ඊටත් වඩා එයාගේ
අප්පච්චි ගැන කවුරුම හරි පිට මනුස්සයෙක් හොදක් කියනවා නිරුද්ට ඇහුනත් ඇති, ඒ මූනේ ඇදෙන්නෙම හරි ලස්සන හිනාවක්.

ගහපු ගේම් සේරම හීන් නූලෙන් ගහලා මුකුත් නොකල අහිංසකයාගෙ චරිතෙ රඟපාන කේසර නිරුද් රාජපක්ෂ ගැනත් තාමත් මුතුඇටේ ජනතාවට තියෙන්නෙත් සැලකියු තරමේ හොඳ ආකල්පයක්..

ඇයි ඉතින් පුතණ්ඩියගෙ ජඩ වැඩ එකක් වත් අප්පච්චිගෙ කනෙන් පිට යන්න අප්පච්චි වත් අප්පච්චිගෙ මිනිස්සුවත් ඉඩ දුන්නද... නෑනේ!

අනිත් කාරණේ නම්, ගෙවුන අවුරුද්දක කාලය ඇතුළත මුතුඇටේ ඉන්න ක්‍රිකට් ලෝලීන්ට නම් නිරුද්ව දෙයියෙක් ගානට පෙනුනා වෙන්නත් බැරි නෑ.. මොක පහුගිය අවුරුදු ගානක් තිස්සෙම වැටීගෙන ආව සිරිලංකන් ක්‍රිකට් ආයෙම යතාතත්‍වයට එන්න ගත්තෙම අවුරුද්දකට උඩදි නිරුද්ගෙ කරපිට පැටවුන නායකත්වයේ බර එක්ක!

ප්‍රේමයට කාරණාOù les histoires vivent. Découvrez maintenant