• විසිහතර වන දිගහැරුම •

Start from the beginning
                                    

හෑලියා වගේ කියව ගෙන ගිහින් මාමණ්ඩියට බැනලා යුගාන් ගෙන් නිකරුණේ ගුටි කන්න බැරි නිසා තීනු හිමිච්චා වගෙ කට වහ ගත්තා . යුගාන් පී කරලා කලිසමේ ශිපර් එකත් වහලා ලග තිබුනු පයිප්පෙන් තමන්ගේ අත් දෙක හෝද ගන්න ගද්දි තීනු තමන්ගේ කලිසමේ ශිපර් එක ගලවලා පෝච්චියට පී කරන්න ගත්තා . එහෙන්මම බිත්තියට හේත්තු උනු යුගාන් තීනු දිවත් එලියේ දාගෙන පී කරන දිහා තමන්ගේ යටි තොලත් හපා ගන්න ගමන් බලන් හිටියා .

යුගාන්ගේ බැල්ම එච්චර තමන්ට දිරෙව්වේ නැති නිසාම තීනු තමන්ගේ ඇස් හීනි කරන් යුගාන් දිහා බලද්දි යුගාන් තමන්ගේ අත් සාක්කුවට ඔබා ගන්න ගමන් බිම බලා ගත්තා . විසිල් පාරකුත් ගහන ගමන් පී කරලා ඉවර උනු තීනු කලිසමේ ශිපර් එක දාගෙන අත් දෙක තමන්ගේ ඇදුමෙන්ම පිහිද ගත්තා . යුගාන් බිම බලා ගෙන බිංකුණ්ඩෝ හොයනවා වගේ ඉද්දි තීනු යුගාන්ට බිංකුණ්ඩෝ හොයා ගන්න දීලා වොශෘම් එකෙන් එලියට යන්න දොර ගාවට හැරෙද්දි යුගාන් තීනුගේ ශර්ට් එකෙන් අල්ලලා ඇදලා ගත්තා .

" පොඩ්ඩක් හිටපන් බබා මට තමුසෙ එක්ක ලොකූ කතාවක් තියෙනවා "

" මට නාස්ති කරන්න වෙලාවක් නැහැ ඉක්මනට කියන්න තියෙන දෙයක් කියනවා "

තීනු තමන්ගේ ඇදුමේ තියෙන යුගාන්ගේ අත ගසලා දාලා තරමක් දිගට වැවුනු තමන්ගේ කොණ්ඩ කැරැල්ලක් කන පිටු පසින් රදව ගන්න ගමන් කියද්දි යුගාන් ආයෙම තමන්ගේ කලිසම් සාක්කුවට අත් දෙක ඔබා ගන්න ගමන් තීනුගේ මූණට ලං උනා . යුගාන්ගේ දිගු තියුණු ඇස් එක එල්ලේ තීනුගේ ඇස් එක්කලා ගැටෙද්දි යුගාන්ට තීනුගේ හුරතල් බව හැම දෙයක්ම අමතක කරන්න සැලැස්සුවා .

ඒත් ඒ හුරතල් මූණ පිටු පස තියෙන කුපාඩි පඩත්තලකම් මතක් වෙද්දි යුගාන් ආයෙම තමන්ගේ මූඩ් එකට ආවා . තීනුගේ උරහිස් දෙපැත්තෙන් අල්ලා ගත් යුගාන් තීනුව එහෙන්මම බිත්තියට හේත්තු කරලා තමන්ගේ කලිසම් සාක්කුවෙ දාගෙන ආපු එදා තීනු දුන්නු චිට් අරන් තීනුගේ අත උඩින්ම තිබ්බා . ඒක දැක්කා ගමන් බඩු හරි කියලා තේරුනු තීනු හෙන අහිංසක හිනාවක් දැම්මත් තීනුගේ මායම් නම් මේ වෙලාවේ වැඩ කලේ නැහැ .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now