Chapter 3 (END)

Zacznij od początku
                                    

"මොනාව තමුන් කියන්න හදන්නේ "

"මන් කියන්නෙද තමුසෙ ඇලිස්ව ලස්සනට පරිස්සමට බලා ගත්ත නිසා ඇලිස් ගොඩක් ශාරීරිකව මානසිකව Healthy විදිහට් හිටියා මට එයාගෙ හම වෙනුවෙන් කොච්චර මුදලක් හම්බුනාද කියලා තමුසෙට හිතා ගන්නවත් බැහැ "

පොලිස් නිලදාරියා නැත්තන් Surgeon එසේ කියද්දි ජැක් කේන්තියෙන් පුටුව කඩන්නමයි උත්සහ කලේ

" නැ නැ කොල්ලො උබට දැන්ම එලියට එන්න බැහැ උබේ නංගිටත් ඒ වගෙම මන් මුදලක් අරන් තියෙන්නෙ මේකෙදි උබ වාසනාවතයි මොකද උබ ආදරේ කරපු එක්කෙනෙක්ගෙ හරි අන්තිම තත්පරේදි එකටම ඉන්නවනෙ"

"ඒයී....! අත තියන්න එපා මගෙ නංගිට"

"ඇයි තමුන් මොනා කරන්නද"

"මගෙ නංගිට පොඩි හරි තුවාලයක් වුනොත් උබට විදවන්න වෙයි "

"වෝ.....මන් හොදටම බය වුනා "

" ජෙසී ඔයාට මාව ඇහෙනවද ආ බයවෙන්න එපා අයියා ඉන්නවා උබ එක්ක "

"අනේ මේ සහෝදර බැදීම මටත් තිබ්බා ඒ වගේ එකක් ඒත් ඒක මන් කරපු පොඩි දෙයක් නිසා නැති වුනා "

"මොනා නිසාද Doctor "

තරුනය එසේ අසද්දි Surgeon ඔහු දෙස රවලා බැලුවා

" නෑ ඉතින් අපි දෙන්නෙ නැහැනෙ කියන්න ඕනෙ නැත්තන් කියන්න එපා "

ඔහු රවපු මූණ හිනාවකට හරවා

" නැ නැ මන් කියන්නම් උබලා දැනගන්න එපැයි ඉන්න මේකයි වුනේ දවසක් පොඩි කාලෙ අම්මගෙ අත හොදටම පිච්චුනා එතන  හරිම කැත කැලලක් ආවේ මන් ඒකට කැමති වුනෙම නැහැ මොකද අපේ අම්මලා හැමදාම ලස්සනට ඉන්න එපැයි නැත්ද ඉතින් මන් පොඩි දෙයයි කලේ මගෙ නංගිගෙ හම කෑල්ලක් එයාට රිද්දන්නැතුව කපලා අම්මට බද්ද කලා හැබැයි මොනා වුනද මන්දා නංගිගෙ ඇගින් ලේ ගිහින් එයා මැරිලා හිටියා අම්මා මාව ගෙදරින් පැන්නුවා "

ඔහු සුරංගනා කතාවක් කියනවනවා වගේ හිනා වෙවී කිව්වට ඒක අහන් හිටිය හතර දෙනාම බය වුනා කතාව අතරතුර ජැක් ඔහුගේ සාක්කුවෙන් phone එක කාටවත් නොපෙනී අරගෙන පොලිස්සියට කතා කලේ ආරක්ශාවක් ඔවුන්ට අවශ්ශ වෙයි කියලා සිතලාමයි

psycho Surgeon ||Short Story ||Opowieści tętniące życiem. Odkryj je teraz