උගේ හීන මම උදුරගත්තේ මේ අත් දෙකෙන් යකෝ.. මම ඌව නැති කලේ මේ අත් දෙකෙන්.. ඒ කරලත් මටම ආදරේ දීපු ඒ හිතට උහුලන්නම බැරි තැන මැරෙන්න වැටෙද්දිත් මම කලේ මුකුත් නොදන්න එකා වගේ අහක බලාගෙන ඉන්න එක..

යකෝ... මට හෙන ගහලත් මදි. මට හෙනගහලත් මදි යකෝ..

මගේ මේ අත් වල තියෙන්නේ ඒ ලේ.. හදවතක මලගමක ලේ වල බර උහුලන් ඉන්න මගේ අත් වලට ආයෙ කවදාවත් බෝලයක් පිත්තක් අල්ලන්න නොදෙන්න මම මටම සාපකරගෙන ඉවරයි..

මැරිලා පලයන් නිරුද්.. ඌට දැන්වත් සැනසීමෙන් හුස්මක් ගන්න දීලා උඹ මැරිලා පලයන්...

මගේ හිත මටම එහෙම කෑගහනකොට හිතට එකඟ වෙන ගමන් අලුතින් පිච්චුන තුවාල කැලැල් වලට බැල්මක් වත් නොදීපු මම එහෙමම ඉතුරු බියර් උගුරත් කටට හලාගන්න ගමන් හිස් ටින් එක පොඩි කරලා විසි කලා..

වෙලාව හවස හතරහමාරයි.. තව පැය දෙකහමාරයි.. ඇෆ්ගනිස්තාන් එක්ක අන්තිම ටුවෙන්ටිය.. කොච්චර ඌට උගෙ පාඩුවේ ඉන්න දෙනවා කියලා හිතුවත් පෙරේදා මැච් එක වෙලාවේ ඇන්කල් පේන් එකක් ඇවිත් මැච් එකෙන් රිටයර් වෙන්න උන මගෙ පොඩි එකා අද ගහනවද නැද්ද කියලා දැනගන්න කන් මගේ හිතට නිවනක් නැති උනා..

නෑ.. ඌ මගේ නෙවෙයි.. ඌ මගේ වෙලා උන්නා විතරයි.. ඌට උඹේයි කියන්න තිබ්බ අයිතිය උඹ නැති කරන් ඉවරයි නිරුද්..

කොහොමත් උඹ වගේ පට්‍ටම මූසල අපතයෙක්ට ඌ වගේ අහිංසකයෙක් ගෙ ආදරේ ලැබෙන්න සුදුසු නෑ බං... උඹට ඉතුරු මැරෙන්නම විතරයි..

කොච්චර එහෙම කිව්වත් මට බෑ.. ඇද ළඟ බිම ඔහේ වැටිලා තිබුන මගේ ෆෝන් එක අවසිහියෙන් වගේ අතට ගත්තු මම තාමත් ස්ක්‍රීන් එකේ තියෙන ඒ ලස්සන ඇස් දිහා බලන්න එක විනාඩියක් වැය කරන ගමන් එහෙමම ගන්න උවමනා එකාට කෝල් එක ඩයල් කලා.. කරලා ස්පීකර් ඔන් කරන ගමන් තවත් බියට් ටින් එකක් අතට අරගත්තා..

"හෙලෝ...."

ටක්ස්

"හෙලෝ... නිරුදයා.. කතා කරපන්.. උඹ ඔය බොනවද ආයෙත්..."

ඉතින් ප්‍රශ්න.. ඉතින් ප්‍රශ්න.. හොදම හුත්තිගෙ පුතාට කෝල් එකක් ගන්න බෑ ඌට මට වඩා ප්‍රශ්න.. ඇයි උගෙ අප්පගෙ ඇටෙන් යනවද මම බිව්වම.. මම ඌට ඇහෙන්නම බියර් එක කඩාගත්තා..

ප්‍රේමයට කාරණාWhere stories live. Discover now