01

2.4K 191 435
                                    


2024.02.21

වම් අතේ රැඳුන බියර් ටින් එක
දකුණු අතේ ඇගිලි දෙකකට හිර වුන බාගයල් අලුවුන සිගරට් එක
අපායක් උනු හෝටල් කාමරය
බිම පුරා තැන තැන විසිරුනු හිස් බියර් කෑන්
වගේම
අවසානයේ මගේ ඇස් වලින් නිහඬවම ගලන කඳුළු කැට...

මේ තමයි අවුරුද්දක ආදරයෙන් මට ඉතිරි සිහිවටන..

නෑ.. මම උවමනාවෙන් ඉතිරි කරගත්තු සිහිවටන... කිසිම කෙනෙකුට කවදාවත් දොස් කියන්න බැරි මගෙම තීරණ නිසා අවසානේ මට ඉතුරු උන දායාද..

දඩබ්බර.. හිතුවක්කාර.. කොටින්ම කිව්වොත් සල්ලිකාර තාත්තෙක්ට දාව ඉපදුනු නොසන්ඩාල එකම දරුවා මම.. ඒත් එකම දරුවා නිසා ඕනිවටත් වඩා ආදරේ දීලා එකායකා උනු චරිතයක් කිව්වොත් මම සෑහෙන්න දුරට හරි... කොටින්ම මම කළු චරිතයක්... සල්ලි වලට, මගෙ ඩිග්නිටි එකට මගෙම රට පවා, පාවා දීපු නරුමයෙක් මම...

ඉතින් කාටවත් බැනලා වැඩක් නෑ.. මමම කරගත්තු කරුම මම ම ගෙවනව ඇර මට වෙන විකල්පෙකුත් නෑ.. ඒත් මම මේ විදවනවත් මදි.. අහිංසක හිතකට දුන්නු වේදනාවට මම මේ විදවනවා හොදටම මදි..

කේසර නිරුද් රාජපක්ෂ

උඹ මේ විදවනවා මදියි යකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උඹ මේ විදවනවා මදියි යකෝ... තව බීපන්... නැති වෙනකන් බීපන්.. ඔය අතේ තියෙන සිගරට් එකෙන් උඹවම පුච්චගනින්...

ඉතින් පුච්චගත්තා... මේ පලවෙනි වතාව නෙවෙයි... උඩහම පසාරු කරන් සිගරට් එකේ ගිනියම මාව පුච්චනකොට මට දැනුනේ වේදනාවක් වෙනුවට නිකන්ම නිකන් හිස් හැඟීමක්...

ඇස් වලින් තාමත් කඳුලු ගැලුවත්, ඒ මගේ වේදනාවට නෙවෙයි.. ඒ කඳුළු එන්නේ එයා වෙනුවෙන්.. මම නැතිකරගත්තු මගේ වස්තුව වෙනුවෙන්.. යකෝ ඌ මගෙ හුස්ම... මගෙ පන... මම ආදරේ කලා බං.. ඒත්... ඒත්... ආදරේ කරනවට වඩා මට ඌට දුක් දුන්නා.. ආදරේ කරන මුවාවෙන් මම ඒ අහිංසකයට ඌවම නැති කලා..

ප්‍රේමයට කාරණාWhere stories live. Discover now