කට්ටියම කෑම මේසෙට වාඩි උනත් හරි කිසිම කෙනෙක් කතාබහක් නෑ....කාටවත් ඒක ප්‍රශ්නයක් උනෙත් නෑ...මොකද කිව්වොත් එයාලා බලන් හිටියෙ එයාලගෙ ලෝකවල් වල අතරමන් උන ආන්‍යායි යේශියි දිහා....

ආන්‍යා මූණත් බිමට හරවන් ඇඹරෙන හැටි දැක්කම කට්ටිම
බොරුවට හැන්ද ගන්න වගේ බිමට නැමුණේ එයාලට පේන්නැති දෙයක් සිද්ධ වෙනව කියල තේරුණ නිසා තුන්දෙනාම  එකසැරේ බිමට නැමුණම දැක්කෙ අහින්සකයා වගේ ඉන්න යේශි ආන්‍යාගෙ කකුලට යේශිගේ සිනිදු කකුල එහාට මෙහාට කර කර පිරිමදින හැටි.......

මේ තුන්දෙනාම බිමට නැමිලා මේසේ යටින් තුන්දෙනාගෙ මූණට මූණ බලාගත්තෙ කවදාවත් යේශිගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන නිසා...අහින්සක යෙශි අහින්සකම නෑ කියල හිතන ගමන්....

ඒ එක්කම වෙනම ලෝකෙක හිටිය ආන්‍යා එකපාරම නිකමට අනික් අය දිහා බැලුවමයි දැක්කෙ ඒ තුන්දෙනාම බිමට නැමිලා ඉන්න බව...ඒ සැනින් කකුල එහාට ගත්ත ආන්‍යා බයවෙලා වගේ ඒ තුන්දෙනා දිහා බැලුවේ ආන්‍යා කකුල අහකට ගන්නවත් එක්ක ඒ තුන්දෙනා ඒ මොකද ඒ  වගේ බැල්මකින් ඔලුව උස්සලා බලපු නිසා....

පස්සෙ තමා ඒ තුන්දෙනාටත් තේරුණේ එයාලා කරේ වැරදි වැඩක් කියල...ඒ අතරේ යේශි ආන්‍යාගේ කකුල හොය හොය එයාගෙම පෙරළියක....කට්ටිය ඉන්නවා කියල අමතක උන යේශි ආන්‍යාට  කතා කරේ ගහන්න වගේ...

"ඒයි ආන්‍යා..කෝ තමුසෙගෙ කකුල"

ඒ එක්කම උගුර පාදපු මල්ශි නිසා යේශිත් නිහඩ උනේ කට්ටියටම කට්ටිය කරපු කියපු දේවල් නිසා කන්ෆියුස් වෙලා පිගාන දිහා විතරක් බලන් කන්න පටන් අරගත්තත් එක්කමයි....

යේශිනම් බත් එක ඉවර වෙනකම් නොකා ඉක්මනට දේශිටත් කතා කරන් කාමරේ ඇතුළට ගියේ අනික් අය ඉන්නවා කියලා ගානක් නොවී ආන්‍යාට කතා කරපු හැටි මතක් වෙලා ලැජ්ජ හිතෙන නිසා....

ඒ එක්කම ආන්‍යාත් කාමරේට යන්න හැදුවත් එක්ක මල්ශි ආන්‍යාගේ අතින් අල්ලගත්තෙ සද්ද කරන්නෙපා කියල අතින් පෙන්නන ගමන්...යේශිව දාලා කාමරෙන් එලියට ආව දේශි ආන්‍යාට එලියට යන් කියල කතා කලත් එක්ක මල්ශියි දේදුණුයි ගියේ යේශිගේ කාමරේට......

"ආන්‍යා"

"ක්...කියන්න අක්කෙ"

"බය වෙලාද ඉන්නෙ"

"නැහැ ඒත්"

"අව්ල් ගන්නෙපා"

"ම්ම්ම්"

"මට අහන්න ඕන උනේ පොඩි දෙයක් ඔයාගෙන් ඒකයි මන් ඔයාට කතා කරේ"

"ම්ම්ම්.."

"ඔයා ගැන වැඩිපුර දැනගන්න ඕන මට"

"ම්ම්ම්"

"කියන්න මට"

"ම්ම්ම්..අක්කේ..මන් ආන්‍යා...එදා ආව දවසෙ කිව්වා වගේම අපේ පව්ලෙ වැඩිමලා...මගෙ ට්වින්ගෙත් අක්කා මම..එයා කැම්පස්..අනික් දෙන්නා ස්කෝලේ...එතකොට මම බිස්නස් බලාගන්නවා තාත්තගේ...මම කැනඩාවෙ හිටියෙ..මගේ ටිව්න් එක්ක..එයා දැන් ඉන්නෙත් කැනඩා...මන් මේ කැනඩා ඉදන් ලන්කාවට ආවේ ටිකක් නිදහස විදගන්න....මන් වැඩ නිසා ගොඩක් කාර්යබහුලව හිටියෙ..මන් ගැනවත් බලාගන්න බැරි තරම් ...තාත්තිගෙනුයි අම්මගෙනුයි අහලා අහලා අන්තිමට කැමැත්ත අරන් මන් මේ නිදහස් ජීවිතේ ගත කරන්න ආවේ....."

"ම්ම්ම්..."

"එච්චරයි අක්කෙ"

"ම්ම්ම්...මගේ නන්ගි එතකොට"

"එයා...එයාට මම ඇත්තටම ආදරේ කරනව අක්කෙ"

"බොරුවක් කරන්නෙ නෑ නේද"

"නැහැ නැහැ මම එහෙම කරන්නෑ"

"මම ඔයා දිහා බලන් ඉන්නෙ"

"ම්ම්ම්"

"මගේ නන්ගි ඔයාට ගොඩක් ආදරෙයි...මුලින් මම ඒකට කැමති උන්නෑ...මට ඒක දරාගන්න බැරි උනා"

"ම්ම්ම්"

"ඔයා මගේ නන්ගිව බලාගන්න ඕන...මටත් වඩා හොදින්"

"අනිවාර්යෙන් අක්කෙ..මම එයාව බලගන්නම්"

"ඔයාලයි පව්ලේ අය"

"අනේ ඒ ගැන හිතන්නෙපා අක්කෙ..දැන් එයාලා මාව නිදහස් කරලා තියෙන්නේ "

"ම්ම්ම්.."

"අක්කෙ...ඔයා මාව විශ්වාස කරන්න"

"ම්ම්ම්..හරි ආන්‍යා..මන් ඔයා ගැන විශ්වාස කරන්නම්,මගේ විශ්වාසෙයි නන්ගියෙ හිතයි බිදින්න එපා...එහෙම උනොත් මම ඔයාට සතුටින් ඉන්න ඉඩ තියන්නෑ "

"ම්ම්ම්...එහෙම වෙන්නෑ අක්කෙ මන් පොරොන්දු වෙනවා..එයාව මන් බලාගන්නම් .."

"යමු ආන්‍යා ඇතුළට"

"අහ්..හරි අක්කේ"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now