"ම්ම්ම්..ඔව් ...ඒක ඇත්ත දේශි"

"අපි මොකද කරන්නෙ මල්ශි"

"හැමදේම හොදින් විසදෙයි ළමයෝ..බය වෙන්නෙපා..අපි කාටවත් වරදක් කරලා නෑනෙ.."

"මගේ ජීවිතේ තියෙනකම් මන් නන්ගිව බලාගන්නවා මල්ශි"

"අපි බලාගමු නන්ගිව "

................*********................

author's pov

"කට්ටිය එන්න එන්න ඉස්සරහට "

"මොකද දේදුනු අක්කෙ"

"එන්නකෝ හැමෝම..කෝ නන්ගිවත් එක්කන් එන්නකෝ"

"අහ්..ඉන්න ඉන්න.."

යේශිව එක්කගෙන යන්න දෙන්නෙක් ඒ වෙලාවේ ඉදිරිපත් උනත් එක්ක කලබලේ හිටිය හැමෝම එක වෙලාවකට පොඩ්ඩක් නිශ්ශබ්ද උනේ වෙන්නෙ මොකද කියල බලන්න වගේ...

යේශිව එක්කගෙන යන්න හැරුණේ දේශියි ආන්‍යායි...දෙන්නට දෙන්නා මූණට මූණ බලාගෙන ඒ වෙලාවේ හිටියා මිසක් කවුරුත් මොනවත්ම කතා කරන්න ගියෙ නැහැ....

ඒ ගමන්ම මල්ශි දේශිගෙ අතකින් අල්ලගෙන ආන්‍යාට කිව්වෙ නන්ගිව එක්කගෙන එන්න කියල....

දේශි පුදුම වෙලා ඒ වගේම පොඩි තරහකින් මල්ශි දිහා බලන් හිටියෙ මල්ශි කරපු දේට දේශි අකමැති බව පෙන්වමින්...

"දේශි.."

"ම්ම්"

"තරහ වෙන්නෙපා මා එක්ක ...ආන්‍යාට අවස්තාවක් දෙන්න"

"අවස්ථාවක්...ඒ මොකටද"

"බලාගන්න එයාව..."

"මන් තාම ජීවත් වෙනව මල්ශි"

ඒ එක්කම යේශිගෙ කාමරේට ගියපු ආන්‍යා යේශිවත් අරන් එලියට එනකොට මල්ශි දේශිගේ අතට යන්තන් තට්ටුවක් දැම්මෙ යේශිගේ මූණේ හිනාව බලන්න කියන ගමන්...

"නන්ගි සතුටින් හිනාවෙලා ඉන්නෙ ආන්‍යා එයාව එක්ක ආව නිසා කියලද කියන්න හදන්නෙ"

"ඒක මන් කියන්න ඕන නෑනෙ ...ඔයාට පේනවනෙ"

"නන්ගි කොහොමත් හිනාවෙලා සතුටින් හිටියා මල්ශි"

"මේ විදියට..ආන්‍යා එන්න කලිනුත් හිනාවුනාද"

"මල්ශි"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now