chapter 02

36 7 1
                                    

අන්තිමට දිග ගමනකින් පස්සෙ අපි සෝල් වලට ආවා.. අපි කලින් ජීවත් වුනු පැත්තට වඩා ගොඩක් වෙනස්... වාහන, මිනිස්සු හැමතැනම.. පාරෙ දෙපැත්තෙ තීන චෙරි ගස්වල මල් පිපිලා රෝස පාටයි.. ලස්සනයි.. අපි පරක්කුයි ලුලූ නැන්දගෙ අලුත් රස්සාව නිසා අපි ඉක්මනටන ටැක්සි එකක් දාගෙන ගෙදරට යන්න පිටත් වුනා...

ටිකවෙලාවකින් වාහනේ නැවැත්තුවෙ මාලිගාවක් වගේ ගෙයක් ඉස්සරහා.. අපි නවතින්නෙ මෙහෙද??

"වාව් ලුලූ නැන්දා ඒ ගෙදර හරිම ලස්සනයිනෙ.."

"අපි අද ඉදන් මෙහෙ තමා මගෙ පැටියො ඉන්නෙ.. මට පොරොන්දු වෙන්න ඔයා අතින් කිසිම වැරැද්දක් වෙන්න දෙන්නෑ කියලා.."

"මන් පොරොන්දු වෙනවා නැන්දා.. මන් කිසිම වැරැද්දක් වෙන්න දෙන්නෑ.."

"මගෙ හොද කෙල්ල.. අපි යමු.."

"ඔයා ඉන්න නැන්දා මන් බඩු ටික ගන්නම් ඔයා මහන්සි වෙන්නෙපා.."

අපි අපේ බඩුත් අරගෙන ලොකුම ලොකු ගේට්ටුවෙන් ඇතුලට ආවා.. ලගට තවත් ලස්සනයි.. ඇත්තටම මේ වගේ ගෙයක් ලගට එන්න හරි පුලුවන් වෙච්ච එකනම් ඇත්තටම සෝක්... දොර ඇරෙනවත් එක්කම මේඩ් කෙනෙක් අතින් සංඥා කරේ පිටිපස්සෙන් එන්න කියලා...

"මිස් ලියානා..."

"ඔව්......"

"මන් මේ ගෙදර ප්‍රධාන මේඩ් ඇනා.."

"ඔයාට දැන් ඉදලා මේ ගෙදර වැඩ පටන්ගන්න පුලුවන්.. එක නීතියයි තමන්ට අදාල නැති දේවල් වලට මැදිහත්වෙන්නෙපා ඒ වගේම ගේ ඇතුලෙ සිද්දවෙන කිසිම දෙයක් පිටට යන්න බෑ.. එහෙම වුනොත් සදහටම කට පියාගන්න වෙන තැනට වැඩ සිද්ද වෙන්න පුලුවන්.. මන් හිතනවා ඔය පොඩි නෝනටත් ඒක තේරුම් යන්න ඇති කියලා... තමන්ගෙ තරම දැනගෙන හිටියොත් තමුන්ලට රස්සාව රැකගෙන ජීවත් වෙන්න පුලුවන්.. ඒ වගේම තමුන්ලා මෙහෙ ජීවත් වෙන එක රහසක් විදිහට තියාගන්න එක තමුන්ලගෙම ඇගට ගුනයි.."

"හනා... මෙයාලට එයාලා ඉන්න තැන පෙන්නන්න.."

"හරි මැඩම්.."

"මාත් එක්ක එන්න.."

පුහ්.. එයාගෙ සැර.. එයා හිතන් ඉන්නෙ අපි  ඩිස්පැට්ච් එකෙන් කියලද දන්නෑ.. එයාලගෙ දේවල් ගැන හැමෝටම කියන්න.. මේ ගෙදර ලොකුයි වගේම හැන්ගිච්ච දේවලුත් ගොඩයි වගේ... ඕවට අත්දාන්නැතුව ඉන්නෙක තමයි හොද.. මගෙ අතින් වැරැද්දක් උනොත් ඒම ලුලූ නැන්දගෙ රස්සාවත් ඉවරයි..

දූවිලි බිදක් නැති කොරිඩෝ එක දිගේ හනා අපිව එක්කන් ගියෙ අපේ කාමරේට.. මෙහෙට ඇවිත් විනාඩි 15ක් වගේ උනත් ඒ ටික කාලෙටම මන් දැක්කෙ හනාවයි අර නපුරු මායාකාර මේඩ්වයි විතරයි... ඒ දෙන්නා කොහොමද මෙච්චර ලොකු ගෙදරක් මේ විදිහට බලාගන්නෙ... මූන බලාගන්න කන්නාඩි ඕන්නෑ ඒ තරම් දිස්නෙ ගහනවා පොලොව...

කෝමින් කෝමහරි අපි අන්තිමට ආවෙ හරිම පොඩි කාමරයක් ගාවට.... කොච්චර වර්ණනා කරත් ඒ කාමරේටනම් අවුරුදු 100කින්වත් මනුස්සයෙක් ගිහින් ඇති කියලා හිතෙන්නෑ... තනිකර දූවිලි වලින් වැහුනු කාමරයක්...

"ඔයාලට පුලුවන් ඔතනින්ම රස්සාව පටන් ගන්න... පැය තුනකින් වැඩේ ඉවර කරගත්තොත් හොදයි මොකද මැඩම් අද ගෙදර එනවා... අනික.. මතකනෙ කිසි වැරැද්දක් වෙන්න බෑ..."

"මන් හිතුවෙ හනා චුට්ටක් හරි හොද ඇති කියලා වෙනසක් නෑ පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ කියනවනෙ.. මට තේරෙන්නෑ ඇඉ මේ ගෙදර මිනිස්ඩු මේ තරම් දරුණු කියලා.."

අමාරුවෙන් උනත් ලුලූ නැන්දත් එක්ක එකතු වෙලා කාමරේ අස් කර ගත්තා.. ඇත්තටම මට මෙහෙ රස්සාවක් නෑ මට මෙහෙ ඉන්න හම්බුනේ ලුලූ නැන්දා නිසා.. හෙට ඉදන් මන් මෙහෙ තීන ස්කෝලෙකට යන්න පටන් ගන්නවා... අමාරු උනත් කොහොමහරි මන් මේ ජීවිතේට හුරුවෙනවා..

සෝල් කියන්නෙ අපිට ආගන්තුක නගරයක්... මට වැඩක් නැති නිසා මට ඕනි උනා ස්කෝලෙට යන්න කලින් නෙහෙ පාරවල් ගැන දැනගන්න.. ඒ නිසා මන් ගෙදරින් එලියට යන්න හදදිම...

"සර් ප්ලීස් ඕක නවත්තන්න.."

"සර්...."

                                                                                          
ඔයාලා කැවුරුහරි මේක කියෝනවනම් වෝට් එකක් දාන් යන්න අමතක කරන්නෙපා...

                                                                      Itz_lv

HER FIRST LOVEOpowieści tętniące życiem. Odkryj je teraz