ඉතිම් කතාවෙන් කතාව අපි කාලා ඉවර වෙලා ඩෙසර්ට් එකට අක්කා හදපු පලතුරු බීම එක බොන ගමන් ඉන්නකොට ආන්‍යා ඇහුවා....

"අද...වයලින් ප්ලේ කරේ කව්ද "

ඒ වෙලාවෙ මගේ හදවත කවදාවත් නැතුව වේගෙන් වේගෙන් ගැහෙන්න අරන්  තිව්නේ වයලින් එක ප්ලේ කරේ මම නිසා...මට කලිම් අක්කා ඉස්සර වෙලා ඇහුවේ...

"ඇයි ඒම අහන්නෙ...අපේ යේශි බබා තමා ප්ලේ කරේ"

"අහ්...නෑ අක්කෙ...ඒ වෙලාවේ මගේ ඔලුවට මාරම නිදහසක් දැනුනේ..මගේ හිත නිවිලා ගියා ඒකයි"

"තැන්ක් යූ ආන්‍යා"

"ආයමත් ආන්‍යාලු...ආන්‍යා අක්කි කියන්න නන්ගි බබා"

"අහ් කමක් නෑ කමක් නෑ අවුරුද්දනේ වැඩිමල් ඉතිම් ඒකට කමක් නෑ..ආන්‍යා කියන්න මට එහෙම හොදයි"

"අනේ මන්දා ඉතිම් ...ආන්‍යා ඒම කිව්වට මෙයා හැමෝටම නම කියලා කතා කරයිද දන්නෑ ඕම ගියොත්.."

"අනේ නෑ නෑ අක්කි..මම ආන්‍යාට විතරයි ඒම කතා කරන්නෙ"

"හ්ම්ම්..හරි හරි..දැන් කට්ටිය ඔයාලගෙ වැඩක් කරගන්න මන් මේ ටික හෝදලා එන්නම්"

"මම එන්නද උදව්වට දේශි අක්කෙ.."

"අනේ ඕන නෑ ළමයෝ...ඔයා ගිහින් මොකක් හරි වැඩක් කරන්න"

"ඇත්තටම අක්කෙ මොකුත් වැඩක් නැහැ මට දැන්..මන් උදව් කරන්නම් අක්කට හැමදාම"

"නෑ නෑ...ඕන නෑ...ආන්‍යා නන්ගි...ඔයා ගිහින් අපේ යේශි බබා එක්ක ටිකක් කතා කර කර ඉන්නකෝ මායි දේශියි මෙ වැඩෙ කරන්නම්"

"අනේ මන්දා ඒත්...හරි හරි...ඒනම් මම එක්ක යන්නම් ඒනම් යේශිව"

එහෙම කියපු ආන්‍යා එක අතකින් මගේ ඉන අල්ලන් අනික් අතෙන් මගේ අත අල්ලන් මාව කාමරේට අරන් ගිහින් හිමීට ඇදෙන් වාඩි කරවලා මගේ පුටුව ඇදලා අරන් මගේ ඉස්සරහින් වාඩි උනේ මට කෙල පවා නොගිලෙද්දි....

"ඉතිම් 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀 කියන්නකෝ ඔයා ගැන.."

"මන් ගැන..මොනාද ඉතිම්"..

"ම්ම්ම්...ඔයාට ඈකිද සින්දු කියන්න "

"ඕඕ පුලුවන්"

"අහ් ඉන්න මන් ගිටාර් එක ප්ලේ කරන්නම් ඔයා සින්දුවක් කියනවද ඒනම්"

"අනේ දැන්..."

"ඕ දැන්.."

"මට ලැජ්ජයිනෙ අනේ"

"අයියෝ හරි හරි මන් ඔයා දිහා බලන් ඉන්නෑ...මම ඔයාගෙ පිටිපස්සට වෙලා ගිටාර් ප්ලේ කරන්නම්"

"ම්ම්ම්.."

"හරිනෙ ඒනම් ඉන්නකො මන් ගිටාර් එක ගේන්න"

වෙනදා සින්දුවක් කියන්න කියල අක්කලා කියනකොට උඩ පැනලා සින්දු කිය කිය නටන මන් අද ගොලු වෙලා මේ දැනෙන වෙනස්ම හැගීම මොකක්ද කියල මට තේරේන්නේ නෑ...

හරිම අමුතු විදියට හදවත ගැහෙන්න අරන්...ඉබේම මට හිතුනෙ...මට ලෙඩක්වත්ද....  

ආන්‍යා ගිහින් ගිටාර් එක අරන් ඇවිත් මගේ පිටිපස්සට වෙන්න වාඩිවෙලා මගෙන් ඇහුවා

"ඉතින්..අපි මොකක්ද කියන්න යන සින්දුව.."

වෙනදට සින්දු දහය පහලොව කියන මට අද සින්දුවක්වත් මතක් වෙන්නැති තරම්...

මගෙන් කතාවක් නැති තැන ආයමත් එයා කතා කරනවා...

"අපි ජෝදා අක්බර් එකේ සින්දුව කියමුද"

"ජෝදා අක්බර් ...ආ...කියමු..මාත් ආසයි ඒ සින්දුවට.."

"අහ්...ඉන්ඩකෝ..."

"හරි ඒනම් පටන් ගමු අහ්.."....

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Место, где живут истории. Откройте их для себя