"හ්ම්ම්..හරි අක්කෙ...එයාගෙ නම හරි ලස්සනයි ...ආන්‍යා ..."

"ආන්‍යා අක්කා"

" අහ් ඒකට කමක් නෑ අක්කේ..

ඕ...ඕඕහ්
කියන්න නන්ගි..."

"නම ලස්සනයි අක්කේ...නම වගේම ඔයත් ලස්සන ඇති"

"නැහැ ...ඇත්තටම මම කැතයි ඔයාට වඩානම්..ඔයා හරියට 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀 කෙනෙක් වගේ"

"ඕ..අනේ...මන්දා අක්කේ..මාව එක්ක යන්නකෝ අනේ..."

"ආ බුදු අම්මේ මෙයාගෙ ලැජ්ජාව"

"ඒකනේ මල්ශියෝ"

"අහ්...සොරි අනේ "

"නෑ නෑ ඒකට කමක් නෑ ආන්‍යා දැන් යන්කෝ රූම් එකට මන් ගේන්නම් ගිටාර් එක ඔයාගෙ"

"𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 අක්කෙ.."


"වාහ්..."

"මොකෝ"

"මාරම ලස්සනයිනෙ අක්කෙ කාමරේ...හරිම පිලිවෙලයිත් එක්ක"

"මල්ශි තමා ඕක ක්ලීන් කරේ නන්ගි"

"අනේ ඒ අක්කට තැන්ක් යූ කිව්ව කියන්න"

"හරි හරි ඇතුලට යන්නකෝ..ගිහිම් වොශ් එකක් දාගෙන ඔයා එන්ඩ...මන් කෑම එක බෙදා තියන්නම් මේසෙට ..අද අපේ අනික් කාමරේ ඉන්න දේදුණු කියන අක්කත් එනව දවල් කෑමට..අපි කට්ටිය තව ටිකක් අදුරගමුකෝ"

"හරි අක්කෙ..මම ඉක්මනට එන්නම්"

"ම්ම්ම්..හරි...මම යනවා ඒනම්"

................*******..................

"ආන්‍යා හරි ලස්සන නමක් නේද මල්ශි අක්කෙ..."

"ම්ම්ම්...ඔව් හැබැයි...කෙල්ලත් පට්ට ලස්සනයි...හෙන හැන්ඩි..කොල්ලෙක් වගේ"

"කොල්ලෙක් වගේ කිව්වෙ අක්කෙ.."

"කොන්ඩේ ඒම කපලා කොලු පැටියෙක් වගෙ..කොල්ලෙක් වගේම ඇදලා සපත්තු දාලා

සින්දු කියන්නත් ඈකි ඇති...ගිටාර් එකකුත් ළග තියනව"

"ගිටාර් එකක්....අනේ..ශෝක් අප්පා..මන් ආසයි ගොඩක් ගිටාර් වලට....ඒත් ඉතින් මන් දක්ෂ නෑ ඒකට"

"ඔයාට පුලුවන්නෙ වයලින් ප්ලේ කරන්න ඉතිම්..අපිට බෑනෙ තාලෙට අඩිය තියන්නවත්"

"ඒ උනාට මල්ශි අක්කට ඈකිනෙ හොදට උයන්න"

"ඔයාලයි අක්කට තරම්නම් බෑ හැබැයි"

"මගේ අක්කට බැරි දෙයකුත් නෑනෙ මල්ශි අක්කෙ"

"එකක් බෑ.."

"ඒ මොකක්ද අක්කෙ ඒ"

"නන්ගි නැතුව ඉන්න බෑ එයාට"

"ම්ම්ම්..."

"අප්පෝ ඔය අඩනවද..අනේ මේ සූට් නන්ගි...අඩන්නෑ අරයා මාව තම්බයි බිත්තරත් එක්කම දැන් "

"අනේ මන්දා මල්ශි අක්කෙ ඔයත් කියන කතා"

"නෑ ඉතිම් ඇත්තනේ.."

"ඔව් මන් දැන් උබව තම්බනවා මල්ශි"

"ඔන්න දැක්කනෙ නන්ගි"

"ඇයි අක්කෙ ඔයාට තරහ ගිහිම්ද"

"නෑ නෑ බබෝ...මන් මේ විහිලුවට ඉතිම්...මන් මල්ශිව අරන් යන්නම් කුස්සියට ඔයාට ඈකිද ඔහොම ඉන්න සුට්ටක් තනියම..මට තනියම උයන්න ගියාම පරක්කු වෙනවනෙ දවල් කෑම කන්නත් ඕනනෙ බබෝ"

"ආ ...හරි හරි අක්කෙ..මල්ශි අක්කව එක්ක යන්න...ඕන උනොත් මම ඔයාලට කතා කරන්නම්කෝ"

"හොද බබා මගේ ..එතකම් වයලින් එක ප්ලේ කරන්න ඔයා හරිද.."

"හරි අක්කෙ"

"මගේ හොද නන්ගි බබා"

𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)Where stories live. Discover now