කදුලු කතාවක් උන ඒ කතාවේ පන්චාලිවත්, යාන්වි ඒ කියන්නෙ යුවීවත් එකිනෙකාට ආදරේ කරන බව අවසානයෙ එක් අයෙක් මියයනකම් කාටවත් කියාගන්න බැරි උනා.....
ඉතිම් මෙතන ඉදන් පන්චාලි තමයි කතාව කියන්නෙ......
"ඇයි....ඔබලා මාව දමා යන්න ගියේ..."
එක ලග එක ලග නිර්මානය කරපු සොහොන් කොත් තුනක් ලග අඩා වැටෙමින් මන් ඉකි ගගහ ඇඩුවේ මගේ ජීවිතේ තරම් මට වටින අයව මට අවසානය වෙනකම් රැකගන්න බැරි උන නිසා.....
"රැජිණියනි"
"මෑණියනි"
"ඔබ මෙලෙස ශෝක වී කාලය ගත කළහොත් ඔබේ රට වැසියන්ට වෙන්නෙ කුමක්ද"
"නෑ මෑණියනි...මේ තිදෙනාම එක වගේ...තමන්ගේ ජීවිතය අන් අය වෙනුවෙන් කැප කරා..ඔවුන්ට අමතක උනා ඔවුන් වෙනුවෙන් මා බලා සිටින බව සිතන්න..මා මොවුන් සමග තරහයි.."
"රැජිණියනි,ඔවුන් හා තරහ වන්නෙපා...ඔවුන් දුක්වේවි"
"බලන්න ...මොවුන් තිදෙනාම මා කියන දෙයකට සවන් දුන්නෑ...පියාණන් අපට නොකියා විශ දරාගත්ත්තා...
අක්කණ්ඩි යාන්වි ලෙස පෙනි සිටිමින් යාන්විව ආරක්ෂා කරනව කියමින් යාන්විගෙ කුටිය තුළ සිටි නිසා අයියණ්ඩි එවූ කුලී මැරයන් අතින් මිය ගියා
එවිට මේ නපුරු යාන්වී මාගේ හදවත සම්පුර්ණයෙන් බිද දමමින් මගේ අණ නොතකා මිය ගියා..."
"ඔවුන් කළ කැප වීම් නිසා අප දැන් මෙලෙස ජීවත් වෙනවනෙ පන්චාලි"
"නමුත්.."
"අයියන්ඩියගේ සොහොන් කොත ලගටද යමු නේද රැජිණියනි"
"නෑ මෑණියනි...මට අවශ්‍ය නැහැ ද්‍රෝහියෙකුගෙ සොහොන් කොතක් අසලට යන්න...ඔහුගේ සොහොන් කොත දෙස බලන කුඩා දරුවෙකුට වුවද එවිට සිතේවි ද්‍රෝහි වීමෙ ඵල විපාක එනිසයි මා ඒ තැන පවා සුද්ද පවිත්‍ර නොකරන්නෙ.."
"ඔබේ කැමැත්තක් රැජිණියනි..නමුත් ඒ මාගෙ පුතුයි..මා එහි ගොස් එන්නම්"
"මා ඔබව වළක්වන්නැ මෑනියනි.."
එහෙම කියපු මම ආයමත් මාලිගාව දිහාවට යන්න ගියේ කිසිම බලාපොරොත්තුවක් නැති කෙනෙක් වගේ....මාලිගාව ඇතුලට ගියත් ලොකු පාලුවක් දැනුන නිසා යාන්විගෙයි මගෙයි කතාව ආරන්භ වෙච්ච ඒ උමග ඇතුළට ගියේ අපේ මතකයන් මට මැවි මැවි පේද්දියි.....
යාන්විව හම්බුණ තැනට වෙනකම් මතකය අව්ස්ස අව්ස්ස හිටිය මන් එකපාරම එහාට මෙහාට විසික් වෙන බඩු දිහා බැලුවෙ එකපාර සිද්ධ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව ඒ එක්කම තිර රෙද්දකින් වැහිලා තිබ්බ කන්නාඩිය දැක්ක මට මතක් උනේ එදා යාන්වි ආව කන්නාඩිය බිදුනු කන්නාඩිය නොවුන බව මගේ සිහියට එනකොට....හිමීට කන්නාඩිය ලගට ගිය මම යාන්විව මතක් කරන් කන්නාඩිය පිරිමදිනකොට මම එකපාරට ඒකෙන් ඇතුළට ඇදිලා ගියේ ක්ෂණිකවමයි....ඒ එක්කම මන් ගිහින් වැටුනේ අමුතු තැනකට...ඒ තැන තවදුරටත් මාලිගාව නොවුන බව මට දැනුනෙ මන් වැටුන තැන හරියටම ඉස්සරහ ලොකු පින්තූරයක යාන්වි ඉන්නව දැකලා..ඒ එක්කම එහා පැත්තට වෙන්න තිබ්බ ජනේලයක් වගේ තැනකින් ලොකු ආලෝකයක් ආව නිසා ඒ පැත්ත හැරුණ මන් දැක්කෙ සුදු පාට තිර රෙද්දකින් වැහිලා පේන ඒ රූපේ...හිමිට අඩිය තිය තිය ගිහින් තිරේ අයින් කරපු මන් තිරේ අයින් කරපු සද්දෙට මන් දිහා හැරිලා බැලුවේ වෙන කවුරුත් නෙවෙයි .....
"ඔව්....ඒ එයා..."
හොදටම අඩලා රතු වෙච්ච ඇස් ඒ වගේම මට හුරු කොන්ඩේ කපලා දාලා මට හුරු මූණේ අයිතිකාරි... මගේ හදවත අවුරුද්දක් තිස්සෙ මතක් කර කර හෙව්ව ඒ රූපේ...
"ප....න්...චාලි...
හැමදාම දකින හීනේම කොටසක්ද මේකත්..."
"මම හීනයක් නෙවෙයි යාන්වි"
"පන්චාලි"
මගේ නම කියන් මගේ ළගට ආව යාන්වි මාව බදාගත්තෙ මන් මෙයාව දාලා යයි කියල බයට වගේ...ගොඩක් කාලෙකින් විදගන්න බැරි උන උණුහුම විදින ගමන් මන් ඇස් වහගත්තෙ යාන්වි එක්ක කතා කරන්න ගොඩක් දේවල් හිතන ගමන්.......
..
.
.
.
𝗲𝗻𝗱.......
මේක ගැන මොකද හිතෙන්නෙ.....?