නවවන වෙළුම

29 8 1
                                    

පන්චාලි ලගට ආව ඒ මනුස්සයා මන් මෙච්චර වෙලා අල්ලන් හිටිය පන්චාලිගෙ අත ගසලා දාලා පන්චාලිව මගෙන් එහාට අරන් යනකොට මට දැනුනේ කියා ගන්න බැරිතරම් දුකක් තරහක් ඒ එක්කම ඒ මනුස්සයගෙ ඇගට කඩා පැන්න මම ඒ මනුස්සයව තල්ලු කරලා පන්චාලිගේ මූණෙන් අල්ලගෙන

"මාව දාලා යන්නෑ නේද ...අහ්...කෝ මට කියන්න...මන් ළගම ඉන්නව නේද...මාව ඈත් කරන්නෙ නෑ නේද..."

ඇස්වල කදුලු පිරිලා නිසා බොදවෙලා පේන පන්චාලිගේ රූපෙ දිහා බලාගෙන හිටියේ ලොකූ වේදනාවක් හිත ඇතුලෙන් දැනෙද්දි...

පුදුම වෙලා මන් දිහා බලන් ඉන්න පන්චාලි මගේ ඇස් වල කදුලු පිහිදැම්මෙ කිසිම කතාවක් නැතුව...

මන් අහන දේවල් වලට උත්තර නොදි එයා මගේ කදුලු පිහිදාපු නිසා මට දැනුනේ එයා මාව මගහරිනව වගේ....ඒත් එක්කම එයාගේ අත් මන් ගසලා දාලා ආයමත් කතා කරන්න හදනකොටම අර මනුස්සයා මොන මොනවදෝ කිය කිය අපි ළගට ඇවිත්

"නුඹ අයිති තැනට පිටත්ව යන්න ඇත්තෙ තව මසක පමණ කාලයක් පමණයි...එතෙක් නුඹ පැමිණි එම ස්ථානය හා නුඹ හා සම්බන්ධ මෙහි ඇති සියලු දේ ආරක්ෂා කිරීම ඔබලාගෙ රාජකාරියයි...විශේශයෙන් ඒ කණ්නාඩිය..."

එහෙම කිව්ව ඒ මනුස්සයා ආයමත් බය හිතෙන විදියට වෙව්ලලා වෙව්ලලා බිම බලාගෙන

"විනාශයක් සිදූ වීමට පෙර ඈත් වී සිටින්න...ඔබලාගේ තීරණ නිසා අනෙක් අය පවා මියයාවි....මුලු රාජකීය පරම්පරාවම අනතුරක..අදුරු සෙවනැල්ල විනාශ කරන්න එසේ නොකළහොත් සියල්ලන්ටම සිදුවන්නෙ මියයන්නයි"

එහෙම කිව්ව ඒ මනුස්සය එකපාරටම කඩාගෙන බිමට වැටුනේ අගබිසව පවා බයවෙලා එතනට ආරක්ෂකයන්ව කැදවද්දි....

ආරක්ෂකයෝ කැදවද්දි එතනට දුවගෙන ආවේ මම ඊයේ රෑ දැකපු අර කේන්තිකාරිගෙ කලු ඇදගත්ත සෙබළු හතරදෙනාගෙන් එක් කෙනෙක්...

පූජකතුමා පවා රාජකීයන්ගේ පෞද්ගලික පුද්ගලයෙක් නිසා සහ අද මෙතැන මන් හිටපු බව ඒ මිනිහා දැක්ක නිසා මන් මගේ කඩුව ඇදගෙන ඒ මනුස්සයගෙ බෙල්ලෙන් තිබ්බෙ මන් රාජකීයන්ට ළග පුද්ගලයෙක් කියලා කවුරුත් දැනගන්න ඕන නැති නිසා විශේෂයෙන් අර කේන්තිකාරි...

මගේ මේ හැසිරීම නිසා හොදටම කලබල උන වෘෂාලි ,අගබිසව වගේම පන්චාලිත් මගේ අතින් අල්ලගත්තෙ මන් මේ මනුස්සයව මරයි කියල බයට වගේ ඒත් එයාලට වඩා ඉක්මන් උන මම ඒ සෙබළගෙ හිස කදින් වෙන් කරත් කිසිම දවසක කූඹියෙක්ටවත් හිතලා කරදරයක් නොකරපු මම මාව අයිති නැති තැනකට පවා ඇවිත් එක් පුද්ගලයෙක්ව මරපු එක ගැන මට ඇති උනේ දුකක්...ඒත් එක්කම පන්චාලි මගෙ අතින් කඩුව උදුරගෙන

"නුඹෙ සිහිවිකල් වෙලාද...කුමටද ඒ පුද්ගලයව මරා දැමුවේ"

ඉතින් මේ සිද්ධියත් එක්ක මන් එයාලට කියන්න ගත්තෙ ඊයේ රෑ මම දැකපු සිද්ධිය ඒත් මන් පන්චාලිට කියන්න ගියේ නෑ අර කුකුල් කේන්තිකාරි එයාට කැමතියි කියල.....

මන් හැමදේම කියනකම් සාවදානව හැමදේම අහන් හිටපු අගබිසව

"අප කෙසේද ඔබව විශ්වාස කරන්නෙ..ඔබ මෙතෙක් කල් ජීවත්ව සිටියෙ පන්චාලිට හෝ වෙනත් අයෙකුට නුඹෙන් කිසි කරදරයක් සිදු නොවුන නිසා..මෙය බරපතල වරදක්..නුඹට අයිතියක් නැහැ මෙහි සිටින අයව අපේ අවසරයක් නොමැතිව විනාශ කරන්න හෝ ඔවුන්ට රිදවන්න"

ඒ කාරණයත් එක්ක මට ඇත්තටම තේරුම් ගියා මාව තාම හරියට පිළි අරන් ඉන්න එකම කෙනා පන්චාලි විතරක් බව....
ඉතිම් පන්චාලි දිහාවට හැරුණ මම

"පන්චාලි ඔබට මාව විශ්වාසයි නේද...ඔබට සිදු වනවා මාව විශ්වාස කරන්න...ඔබලා මාව පිළිගත්තත් නොගත්තත්...මා දැන් සිදු කල දේ ඔබලාව ආරක්ෂා කිරීමට සිදු කරන්න උනොත් එසේ සිදු කිරීමට පසු බහින්නෙ නැහැ..ඉතින් අගබිසවනි ඒ සදහා මට ඉදිරි කාලයේදි සමාව දෙන්න"

එහෙම කියපු මම ආපහු හැරිලා ආයම අපේ නවාතැනට ආවේ මගේ හිතට පවා මිනිහෙක්ව මරලා දාපු එක හොදක් විදින්නට දැනුනෙ නැති නිසා....ඒත් මන් තීරණය කළා....

පන්චාලි වෙනුවෙන්...ඇයගේ මාර්ගය අවහිර කරන ඕනම කෙනෙක්...ඒ ඇයගේ අයියණ්ඩිය හෝ කුමන අයෙක් හෝ වේවා...මා ඔවුන් සැවොම විනාශ කරනව...ඇයට ආරක්ෂා සහිත වටපිටාවක් මා යන්නට පෙර නිර්මාණය කරනව...

ඉතිම් ඒ තීරණයත් එක්ක මන් මගේ පලවෙනි පියවර තියන්න ගත්තෙ අර කුකුල් කේන්තිකාරි කව්ද කියලා හරියටම දැනගන්න ලොකු සැලැස්මක් හිතේ ඇදගෙන.....

𝘼𝙘𝙧𝙤𝙨𝙨 𝙏𝙃𝙀 𝙈𝙞𝙧𝙧𝙤𝙧❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]Where stories live. Discover now