තුන්වන වෙළුම

34 9 2
                                    

උමග ඇතුලට යන්න යන්න කළුවර උනත් එක්කම මගේ කකුල ලිස්සලා ගිහින් පඩි හතරක් පහක් පාස් කරන් බිමට පත බෑවුනෙ මට හිතාගන්නවත් බැරිව....ඒ එක්කම අර නපුරු කෙල්ල මන් ළගට ආවම මන් අත දික් කරේ නැගිටගන්න ඕන නිසා ඒ වගේම මගේ කකුල නිකන් උලුක් වෙලා වගෙ දැනුන නිසා

ඒත් මට අත නොදී මන් දිහා බලපු ඒ කෙල්ල

" ඔබ කුඩා දරුවකු හෝ මගලු අයෙක් නොවෙනෙ...මන් කිසි දා මගේ දෑත් දිගු කරන්නෙ නෑ එවැනි අය හැර අනික් අයට..කරුණාකර නැගිටින්න...ඒ වගේම මෙතන තමයි අද සිට ඔබ ඉන්නෙ..."

"මේ කරුවල කාමරේ ඔය අතේ තියෙන චූටි ඉටිපන්දම් එලියක් පාවිච්චි කරන්ද මන් ඉන්නෝන..පිස්සුය ඔහෙට"

"ඔබ කතා කරන ඔය ආකාරය නිසා මට ඔබව විහිලුවක් වගෙ දැනෙන්නෙ..කරුණාකර අප කතා කරන ආකාරයට කතා කිරීමටද මෙහි සිට පුහුණු වන්න.."

"මොන විකාරයක්ද..මට බෑ..මන් යන්නෝන...මන් ආව විදියටම මට යන්න ඈකි වෙයි..මට මෙතන ඉන්න බෑ ඒ නිසා"

"තමුන් කොහෙදෝ සිට කඩාපාත් උනේ මේ උමගට තමා,මා මෙහි පොතක් කියවමින් සිටියදියි ඔබ එකපාරටම මාවද බිය වද්දම්න් මගෙ ඉදිරියට කඩා වැටුනෙ"

"එතකොට මන් උඩ තැනට වැටුණෙ කිව්වෙ"

"කවුරුත් දන්නා ස්ථානයක් නොවෙ මෙය...මෙය මගෙ පියාණන් මට නිර්මාණය කරන ලද්දක්..ඉතින් කෙලෙසද මා අනික් අයට පවසන්නෙ නුඹ එක්වරම වැටුනෙ මෙතනටබව..අනික පියාණන් ඔබව ජීවතුන් අතර තබා ගැනීමට හේතුවද මෙම ස්ථානයට ඔබ කඩා වැදීමයි..."

"දැන් මන් මේ කරුවලේ මොකක්ද කරන්න ඕන මේක මහ පිස්සුවක්"

මන් එහෙම කියනකොට එකපාරටම ඒ කෙල්ල මගේ බෙල්ලෙන් හයියෙන් අල්ලපු නිසා මට එකපාරටම ලොකු වේදනාවක් දැනෙන්නෙ ගත්තෙ හරියට තුවාලයක් තියෙන තැනක් ඇල්ලුවා වගේ..මන් ඉක්මනට ඒ කෙල්ලගෙ අත ගසලා දානකොට මෙච්චර වෙලා නැගිටලා හිටපු ඒ කෙල්ල මන් ගානටම බිමට බර උනේ මගේ බෙල්ලෙ මොකක් හරි දෙයක් දැකලා වගේ ඉටිපන්දම මගේ බෙල්ලට ළන් කරපු ඒ කෙල්ල ඉක්මනට මාව නැගිට්ටවලා ඇදකින් වගේ වාඩි කෙරෙව්වත් මට කිසිම දෙයක් හරියට පෙනුනෙ නෑ..ඒ එක්කම අර කෙල්ල ඉටිපන්දම අරන් තැනින් තැන තිබුණ තව ඉටිපන්දම් ටිකකුත් පත්තු කරේ මුලු උමගම ආලෝකමත් කරගෙන...

𝘼𝙘𝙧𝙤𝙨𝙨 𝙏𝙃𝙀 𝙈𝙞𝙧𝙧𝙤𝙧❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]Where stories live. Discover now