දහවන වෙළුම

33 8 1
                                    

උදේ රාත්‍රි ගෙවෙමින් හෙමින් හෙමින් මන් මේ තැන ගත කරපු දවස් ව්ස්සක කාලයට තව දවස් පහක් එකතු වෙලා ඊලග මාසේ ඒ කියන්නෙ මට මෙහෙ ඉන්න ඉතුරු වෙලා තිබ්බ මාසෙක කාලේ ආරම්භ උනා ඒ මාසේ ඇතුළත ඇත්තටම මන් නොදැන හිටිය ගොඩක් දේවල් මට දැනගන්න ලැබුණා වගේම ගොඩක් දේවල් බොහොම මහන්සි වෙලා හොයාගන්න මට පුළුවන් කම ලැබුනා...ඔය අතරේ ඉන්දීර් රජතුමා හදිසියේ අසනීප වෙන්න ගත්තත් එක්ක රජපව්ලේ හැමෝමත් විශේෂයෙන් පන්චාලි ගොඩක් කාර්යබහුල උනේ ඒ වෙනකොට නකූල් කුමාරයා පවා රජමාලිගාවෙ හිටියෙ නැති නිසා ...

අගබිසවත් එක්ක එකතු වෙලා පන්චාලි තමන්ගේ දේශය ආරක්ෂා කරේ ඉන්දීර් රජතුමාගේ වගකීම් කරට අරගෙන....

මේ අතරේ මන් දැනගත්ත විශේශම දේ වුණේ කලු ඇදගත්ත කල්ලිය මෙහෙයවන කෙල්ල ඉන්දීර් රජතුමාගේ පියාගේ වෙනත් විවාහක කුමාරයෙක්ට දාව ඉපදුණ දරුවෙක් කියල...මේ හැමදේම දැනගත්තත් මේ දේවල් පන්චාලිට කියල එයාව තවත් අමාරුවේ දාන්න ඕන නැති නිසා එලියේ දේවල් මට පුලුවන් විදියට විසදන්න මන් තීරණය කලා...මේ කාලේ ඇතුළත සම්පූර්ණයෙන්ම මම මේ පන්චාලිගේ දේශයේ කෙනෙක් විදියට හැරෙමින් මන් කව්ද කියනදේ පවා වෙලාවකට මට අමතක වෙන තරමට පත් වෙවි තිබුණා...

හදිසියේ මාව හම්බෙන්න ඕන කියලා පන්චාලි කිව්ව පණිවිඩේකට චන්ද්‍ර මාලිගයට යනගමන් හිටිය මගේ පස්සෙන් කව්දෝ එනව වගෙ දැනුණ නිසා මන් පිටිපස්ස හැරිලා බලනවත් එක්කම මාව පැත්තකට ඇදගෙන ගිහිම් එකපාර මගේ කට වැහුව කෙනාගෙ ඇස් දැක්කමයි මම දගලන එක නැවැත්තුවෙ ඒ වෙන කවුරුත් නෙවෙයි පන්චාලි නිසා....

"කුමක්ද ඔබ මේ කරන්නෙ ...ඔබ ඇයි පිටතට ආවෙ පන්චාලි ..මම ඔබව බලන්නනෙ පැමිණෙමින් සිටියෙ.."

"අවශ්‍ය නෑ එහි යන්න...මේ අසන්න...පියාණන්ගෙ ජීවිතය අනතුරේ"

එකපාරට අඩ අඩ පන්චාලි එහෙම කියනකොට මන් තවත් බය උනේ මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියල නොදන්න නිසයි ....

"කියන්න මට ..නොහඩා වහාම පවසන්න"

"යුවී...පියාණන්ට දීර්ඝ කාලයක සිට විෂ ලබා දීලා...ඔහුගේ ශරීරය එන්න එන්න කෘෂ වෙනව...මට මේ දේවල් බලා සිටින්න නොහැකියි..."

"එය ...දැනගත්තෙ කෙසේද...විශ ලබා දී ඇතිබව...පියාණනුයි පැවසුවේ..."

"කුමක්ද...."

"ඔව් යුවී....පියාණන් දැනගෙන ඉදලා...නමුත් කාටවත් පවසලා නැහැ.."

"ඒත් ඒ ඇයි"

"විශ ලබා දෙන්නෙ අයියණ්ඩි නිසා"

"කුමක්ද"

"ඔව් යුවී..අයියණ්ඩි...ඔහුයි...ඔහුට පියාණන් රජකම දෙනතෙක් ඉවසන්න නොහැකි වෙලා .."

"ඉතිම් දැන් ඇයි රජු ඒ ගැන පවසන්නෙ"

"පියාණන් පවසනවා ..මෑණියන්ටත් එම ඖෂධයම ලබා දෙනව දුටු බව"

"මොකක්"

"ඔහු ....මෑණියන්ට ලබා දෙන තේ පානය මෑනියන්ට ශරීරගත නොවෙන්න සැම දිනකම මෑනියන්ට තේ පානය ලබා දෙන වෙලාවට ගොස් ඒ පානය පවා පානය කරලා.."

"පන්චාලි"

"ඔබ පවා අනතුරේ යුවී"

"ඒත් ඇයි මම"

"ඔබව අයියණ්ඩි විවාහ කරගැනීමට කැමති බව පැවසුවලු "

"මොකක්"

"පියාණන් එය නවත්වන්නයි ඔබව සෙබලියක් බවට පත් කරේ"

"ඒ නිසාද කුමරු මා සෙබළෙක් වෙන එකට අකමැති උනේ.."

"ඔව්...ඔබේ ජීවිතය දැන් අනතුරේ...අයියණ්ඩි මුලා වෙලා ....ඔබව නසා ඔහු හදන්නෙ ඔබ පැමිනි මාර්ගය හරහා ගමන් කොට සාමය රැගෙන එන්නලු"

"සාමය කොහොමද අරගෙන එන්නෙ...එය අප විසින්නෙ නිර්මාණය කළ යුත්තෙ.."

"ඔහු මුලා වෙලා ..ඔහු සම්පූර්ණයෙන් පිස්සෙකු වෙලා...නමුත් දැන් කාලය නැහැ තවත්  ඔබ යා යුතුයි ඉක්මනින්"

"කොහෙද"

"උමගට ...සැගවී සිටින්න"

"නොහැකියි"

"කරුණාකරලා"

"යා නොහැකි බව පැවසුවනෙ...ඔබ මෙහි දමානම් කෙසෙවත් යා නොහැකියි,එනිසා මට සමාවෙන්න"

"මුරණ්ඩු වෙන බව දැන සිටියා"

"මොකක්ද"

"මැයව රැගෙන යන්න"

"පන්චාලි

...අත් හරිනවා....

පන්චාලි මන් කියන දේ අහන්න ...ඔබ පවා අනතුරේ..පන්චාලි..."

පන්චාලි සෙබලු පිරිසක් අරන් ඇවිත් මාව අරගෙන ගියේ මන් කාලයක් හිටිය උමගට...එහෙ ගිහිම් මාවදාලා හැම දොරක්ම වහලා දැම්මෙ මාව මේ උමග ඇතුලෙ හිර කරල දාලා....

ඒත් මන් උමග ඇතුලට වෙලා ටික වෙලාවක් යනකොට කවුරු හරි තවත් කෙනෙක් උමග ඇතුලේ ඉන්නවා වගේ දැණුන නිසා හෝදිසි කරන්න හිතන් ඇද යට බලනකොට කොහෙදෝ ඉදන් ආව තවත් කෙනෙක් මගේ ඇගට පැනලා බෙල්ල අල්ලගත්තෙ මට හුස්ම ගන්නවත් බැරිවෙන්න

𝘼𝙘𝙧𝙤𝙨𝙨 𝙏𝙃𝙀 𝙈𝙞𝙧𝙧𝙤𝙧❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]Where stories live. Discover now