මං නැටුම අස්සෙම උයන්න පටන් ගත්තා.
එතකොට අයියාව එතනම තියෙන පුටුවක් උඩින් වාඩි කෙරෙව්වා.
දැන් හරි!
එයා තමයි මගේ supervisor.

හැබැයි supervisorගෙ ඇඟ උඩ දඟල දඟල, පණු පැටියෙක් වගේ ගෑවි ගෑවි තමයි මං වැඩිපුරම ඉන්නෙ.
එහෙම ඉන්න එක තරම් වෙන සැපක් කොහේද දෙයියනේ ඉතින් තියෙන්නෙ!
මේ හාවා සැපම සැප කොට්ට ගෙඩියක්නෙ.
එහෙම කිව්වට මෙයා මහත චබ්බෙක් නෙමේ.
හීනි උස පැත්තට තමයි බර.
ඒ වුනාට පුළුං බෝලෙකටවත් බෑ මෙයා තරම් සනීප වෙන්න!

සැරින් සැරේට peck එකක්,
චූටි kiss එකක් මං නොවරදවාම අයියා පැටියට දුන්නා.
ඒ කිව්වෙ හැම තත්පර පහකටම එකක් වෙන්න වගේ.
නැත්තම් බෑ දැන් නම් ජීවත් වෙන්න!
මගේ ඔක්සිජන් ටික තියෙන්නෙ එයාගෙ කටේ!

ඒවට නම් මේ හාවත් උඩ පැනලා කැමතියි හැබැයි.
තොල් දෙකත් උල් කරගෙන kiss එකක් දෙනකල්මයි බලාගෙන ඉන්නෙ.
අසරණ මගේ සිල් බිඳෙන එක අහන්නත් දෙයක්ද ඒ මායම් වලට අහු වෙලා!

"Angel baby angel
Baby you are my angel..
Angel you are my everything
Baby baby angel...."

"Hey cute dancer!
Are we gonna have a carbon rich dinner tonight?
I thinks the eggs are burning!!"

අයියා මාවත් පෙරලගෙන ගිහින් ලිප off කලා.
ඉණට අත් දෙකත් ගහගෙන මගේ දිහා බලාගෙන හිනා වෙන්න පටන් ගත්තා.

"We decided on some bull's eye and toast only my Snowdrop!
But did you want to barbecue the whole house as well.
I don't have that much of an appetite towards houses you know!"

"Oh!
I...
I'm so sorry!
I'll cook something else!"

බිත්තර දෙක කට්ට කළු වෙන්නම කර වෙලා ගිහින්.
අයියෝ!!!
අයියා හිතනවා ඇති මං බිත්තරයක්වත් හදාගන්න බැරි මෝඩ අලියෙක් කියලා.

"No!
No!
This is more than enough for one night.
Let's have bread and butter.
Or I can make some noodles for you!"

"අනේ අයියේ...
I really wanted to cook something for you..."

මට දැන් ඇඬෙන්නත් වගේ.
කොච්චර ආසාවෙන්ද හිටියෙ මං මගේ ලස්සන angelට මගේ අතින්ම කෑම හදලා, ලස්සනට පිඟානකට දාලා කන්න දෙන්න.
ඒත් මං plan කරන හැමදේම වගේ ඒකත් පටන් ගන්න තැනම විනාස වෙලා ගියා.

"Hey darling!
Don't be so upset.
It's ok.
This is not the end of the world!
Sometimes accidents happen and it's natural.

Now let's cook together.
I'll cook for you and you can cook for me.
Is that ok?"

මානස (Completed)Where stories live. Discover now