I was dumped into an endless pit.
My whole life got destroyed.
I hate you Dhyan!
I hate you for everything you did!
You are the worst monster in the whole world!"

ඒ කියන කියන හැම වචනයක් ගානෙම වැරදි බව දැන දැනත් මං අයියට කෑගැහුවා.
අයියා එදා තරම් අසරණ වෙච්ච දවසක් මං මගේ ජීවිතේටම දැකලා නෑ.
එයාගෙ ලස්සන මූණ වේදනාවෙන් ඇඹරිලා ගියා.

අනේ මගේ රත්තරං අයියා!
හැමදාමත් මාව පරිස්සම් කලේ එයා.
කොටිම්ම මාව මගෙන්ම පරිස්සම් කලෙත් එයා.
හැම කුණාටුවක් මැද්දෙදිම කොහොම හරි මාව හොයාගෙන ඇවිත් මාව ඒකෙන් ගලව ගත්තෙ එයා.
ඒ කුණාටුවෙන් ඇත්තටම එයාටයි හානි වුනේ මටත් වඩා. ඒත් එයා කවමදාවත් ඒ ගැන දුක් වුනේ නෑ.
එයාට වෙන හානිය ගැන හිතුවෙවත් නෑ.
එයාගෙ මුළු ජීවිතේම මං වෙනුවෙන් කැප කලා.
එහෙම කරපු මනුස්සයට මෙහෙම කතා කරන මම මනුස්සයෙක් නම් වෙන්න බෑ. මං මහාම මහා සාපයක්!
කරුමයක්!
අනේ අයියෙ,
ඇයි මට මැරෙන්න නොදී තාමත් ඔයාගෙ ලඟින් තියාගෙන ඉන්නෙ?

අයියගෙ වේදනාව දකිද්දි මට ඕන කලේ ඔළුව හැරෙන අතක යන්න.
මං එයාගෙ ලඟ ඉඳලා කරන එකම දේ එයාව රිද්දන එක විතරයි. ඒක එහෙම කරන්නෙ නෑ කියලා කොච්චර කොහොම හිතාගත්තත් මට ඒක නතර කරගන්න බෑ.

මගේ හිත මහා ගන්දස්කාර කුණු කන්දක් වගේ. හැම මොහොතකම ඒ කන්දෙන් මහා කුණු ගොඩවල් බිමට ඇදගෙන වැටෙනවා. එතකොට මාත් එක්කම මගේ ලඟ ඉන්න අයියවත් ඒ කුණු කන්දට යට වෙනවා. අපි දෙන්නටම රිදෙනවා. අපි දෙන්නම කුණු වලින් නෑවෙනවා.
ඒත් මට මොනවා වුනත් අයියට මෙහෙම වෙන්න දෙන්න බෑ.
මං දැන් පිස්සෙක්.
මං කරන දේවල් ගැන මට කිසිම පාලනයක් නෑ.
මට ඕනෙ දේට හාත්පසින්ම වෙනස් දෙයක් කරලා මං අපි දෙන්නවම තදබල විදියට රිද්දනවා.

මම නම් කාලකණ්ණියෙක්!
මේ ලෝකෙටම පලක් නැති මැරිලා යන්න ඕනෙ එකෙක්.
ඒත් අයියා එහෙම නෙමෙයි.
එයා මෙහෙම එක එක නරුම බල්ලොන්ගෙන් කතා අහන්න ඕනෙ එකෙක් නෙමෙයි.
ලස්සන අනාගතයක් උරුම රාජ කුමාරයෙක්.
ඉතින් මට තවත් එයාගෙ ලඟ ඉඳලා එයාව විනාස කරන්න බෑ.

අයියා දිහා නොබලම මං දොර ලඟට දුවගෙන ගිහින් අගුල ඇරගෙන එලියට පනින්න හැදුවා.
ඒත් අයියා ඉස්සර වුනා.
දොර ලොක් කරලා යතුර එයාගෙ අතට ගත්තා.
මට යකා ආවේශ වුනා.
එයා කොහොමද එහෙම කරන්නෙ.
මාව කාමරයක් අස්සෙ හිර කරගෙන ඉන්නෙ කොහොමද එයා!

මානස (Completed)Where stories live. Discover now