අන්තිමේදි මගේ ටිකට් කැපුවා.
අයියා මාවත් එක්කගෙන එයාගෙ පුංචි කාමරේට ගියා.
යනකල්වත් මං එයා එක්ක කතා කලේ නෑ.
මට තිබුනෙ කියන්න නොතේරෙන තරහක්.
ඒක කවුරු වෙනුවෙන් ඇති වෙච්ච එකක්ද කියන්න මං දන්නෙ නෑ. හැබැයි කවුරු වෙනුවෙන් ඇති වුනත් ඒක පිට කරන්න මගේ ලඟ ඉන්නෙ එකම එක කෙනෙක් විතරයි!
ඉතින් ඒ දේව දූතයට මං මට පුළුවන් හැම විදියටම රිද්දුවා.

ඒත් එක්කම මට දැනුනෙ පුදුම තරම් හිස් කමක්.
ජීවිතේ කලකිරීමක්!
මට ඕන කලේ මැරෙන්න.
ඒත් අයියා හැම මොහොතකම මගේ ලඟ හෙවනැල්ලක් වගේ ඉන්න නිසා මට එක කරගන්නත් බැරි වුනා.
ඉතින් මට එයත් එක්ක තවත් තරහා ගියා.

"I hate you ayye...
I hate you to the core!
Just leave me alone!"

"You are such a headache!
Meeting you was the worst thing that happened to me in my life!"

මං අයියට කෑගැහුවෙ එහෙමයි.
මගේ ජීවිතේ එකම වාසනාවට,
මාව පණ වගේ පරිස්සම් කරපු මනුස්සයට,
මාව හැමදාමත් තේරුම් ගත්ත මනුස්සයට මං කතා කලේ එහෙමයි.

මං ඒ මොනවා කිව්වත් එයා මට ආපස්සට බැන්නෙ නෑ.
මට එහෙම කියන්න එපා කියලා කිව්වෙත් නෑ.
ඒ කිසිම දෙයක් ඇහුනෙ නෑ වගේ,
ඒවා එයාට නෙමෙයි වෙන කෙනෙකුට කිව්ව දේවල් වගේ තමයි එයා හැසිරුනේ.

මගේ හැම ඕන එපාකමක්ම කිසිම මැසිවිල්ලක් නැතුව ඉෂ්ට කලා මගෙ අයියා.
ඒත් මං උපරිමේටම එයාව රිද්දුවා.
මං මේ ලෝකෙ ඉන්න නරුමම කාලකණ්ණියා වුනා.
ඉතින් යක්ශයෙක් එක්ක ආදරෙන් බැඳුන ලස්සන දේව දූතයෙක් හැමදාමත් ඒ වැරැද්ද වෙනුවෙන් විඳෙව්වා.

මං කොච්චර කෑගැහුවත් බැන්නත් අයියා ඒකට react නොකරන එක මට පුදුම තරම් පීඩාවක් වුනා. මට ඕන කලේ එයත් එක්ක රණඩු වෙන්න.
රණ්ඩු වෙලා ඔළුව හැරුන අතේ යන්න.
ගිහින් ගඟක මුහුදක පැනලා හරි, කෝච්චියට බෙල්ල තියලා හරි, මොනවම හරි කරලා මැරෙන්න.
මගේ ජීවිතේ එකම අරමුණ හැටියට මට දැනුනෙ මැරෙන එක.
ඒකට ලං වෙන්න නොදෙන අයියා එක්ක මට දැනුනෙ එසේ මෙසේ තරහක් නෙමෙයි.

"Dhyan!!!
You are a shameless devil, who destroyed my whole life.
You walked me into a trap.
Molested me!
I was just a child for god's sake!
But what did you do?
You completely ruined me.
And I lost everything.
My education!
My parents!!
Everything!!!

මානස (Completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon