හැබැයි දැනගනින් කවියො!
මෙච්චර කල් උඹ දැක්කෙ මේ විල්සන්ගෙ හොඳ විතරයි. ඒත් අද ඉඳන් ලබන්නෙ උඹේ ජීවිතේ නරකම කාලෙ. උඹ වෙනුවෙන් බලාගෙන ඉන්නෙ අපායක්!
මැරෙන එක ඊට වඩා හොඳක් කියලා දැනිලා උඹ මරණය වෙනුවෙන් මගේ ඉස්සරහා අඬා වැටෙයි.
හැබැයි මරණයවත් උඹට ලැබෙන්නෙ නෑ බල්ලො!
උඹලා වගේ ගුණමකුවො හැමදාම අපායෙ පැහෙන්න ඕනෙ.
වේදනාව දරාගන්න බැරුවම විලාප තියන්න ඕනෙ.!"
.
.
.
.
.
.
විල්සනයගෙ පුංචි කාමරේට ඇදගෙන ගිය මට කොච්චර වෙලාවක් තිස්සෙ කීදෙනෙක් ගැහුවද කියලා මට තේරුමක් නෑ.
මං දන්නෙ මගේ ඇඟ වේදනාවක්වත් නොදැනෙන තරමටම හෙම්බත් වෙලා කියලා විතරයි.

අනේ අයියෙ!
මොනවා වුනත් ඔයා පරිස්සම් වෙනවා නේද?
ඔයාව පරිස්සම් කරන්න බලාගෙන හිටපු එකා මෙලෝ දෙයක් කරගන්න බැරි පො#නයෙක් අයියෙ.
හැම එකාම ඇවිත් ගහලා යනකල් කිසිම දෙයක් කරගන්න බැරුව බලාගෙන ඉන්න පො#නයෙක්!

කොච්චර පොරවල් කියලා හිතාගෙන ඉන්න එවුන්ට වුනත් දෙයියො මතක් වෙන වෙලාවල් තියෙනවා.
දැන් මේ මටත් වෙලා තියෙන්නෙ ඒක.
අර කාමරේ අස්සට වෙලා මං වැඳ නොවැටුන දෙවි කෙනෙක් නෑ.

මගේ අයියට මුකුත්ම වෙන්න දෙන්න එපා!!
.
.
.
.
.
.
.
"කවියා!!!"

එකපාරට මාව ගැස්සුනේ කන ලඟම ඇහෙන සද්දෙකින්.
අමාරුවෙන් ඔළුව උස්සලා බලද්දි එතන හිටියෙ ජොනා. මං අහක බලාගත්තා. එකටම ඉඳලත් මට වල කැපුවා ඌ. ඉතින් ආයෙම මොන කතාද?!

"උඹ හරි හැඩයි බං!
උඹට මගේ හිත ගියේ දැක්ක පළවෙනිම දවසෙමයි. ඇත්තටම කිව්වොත් විල්සනයගෙන් උඹව ඉල්ලලා ගත්තෙත් මමමයි.
ඒත් ඉතින් උඹට ඕන කලේ අර පො#න මීරවනෙ. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෑ.
මොකද අද හෝ හෙට උඹේ රස බලනවාමයි කියලා මං හිතාගෙන හිටියෙ. ඒකට මට හදිස්සියක් තිබුනෙ නෑ. මොකද ඉතින් උඹ විල්සනයවත් අල්ලගෙනනෙ හිටියෙ.
ඒ නිසාම මං ඉවසුවා.
හැබැයි උඹ වැඩේ වරද්දගත්තා මචං.
උඹ පිට එකෙක්ගෙ පස්සෙන් ගියා. ඌ එක්ක බුදියගත්තා.
ඒකත් කමක් නෑ.
මොකද එකෙක් එක්ක බුදියගත්තා කියලා තව එකෙක් එක්ක බුදියගන්න බැරි වෙන්නෑනෙ.
හැබැයි උඹ අපිට ද්‍රෝහි වුනා හු#තෝ!!!
උඹ ද්‍රෝහි වුනා!!!
ඉතින් දැන් උඹට ඒවගෙ පලවිපාක පෙන්නන්න වගේම කාලෙක ඉඳන් මගේ හිතේ තිබුන ආසාවත් ඉශ්ට කරගන්න කාලෙ හරි!
බලහත්කාරෙන් වුනත් මට ඕනෙ මල්වල රහ මම බලනවාම තමයි!"

මානස (Completed)Where stories live. Discover now