• විසිතුන් වන දිගහැරුම •

Start from the beginning
                                    

" යුගාන් අයියට මං හෙන ආදරෙයි .. මේ ලෝකේ ඉන්න ලස්සනම මස්සිනා ඉන්නේ මට "

" මං ඒ තරම් ලස්සනද පැටියෝ ?? "

" ආයෙත් අහලා අපේ අයියටත් වඩා ලස්සනයි "

මන්දාරමී කියපු දේට තීනු තමන්ගේ අත් දෙකත් හරහට බැදන් ඇස් රෝල් කරන්න ගද්දි යුගාන් තීනුට පේන්න තමන්ගේ කොලර් එක පොඩ්ඩක් හදා ගත්තා . මන්දාරමී කිව්වා වගේම මේ ලෝකේ ඉන්න ලස්සනම මස්සිනා ඉන්නේ එයාට . මන්දාරමී ඒ දවස් වල ඉදලම යුගාන්ට ගොඩක් කැමති නිසා කෙල්ල යුගාන්ව බදා ගෙනම ඔහේ කියවන්න ගත්තා . යුගාන් උනත් මන්දාරමීට හෙනට ආදරේ උනේ හස්නා එන්න කලින් නංගි විදිහට යුගාන් මන්දාරමීව සලකපු නිසා .

" අපෙ අයියා මෝඩයා උනාට හරිම කෙනාව තමා සෙට් කර ගෙන තියෙන්නේ "

" අනේ තමුසෙ කට වහනවා !! පොඩි එවුන් පොඩි එවුන් විදිහට ඉදපන් "

" අහ් එතකොට මහ එවුන් මහ එවුන් විදිහට ඉදපන් මං එද්දි මහ එවුන් කලේ පොඩි එවුන් දකින්න හොද දේවල්නේ "

මන්දාරමී මූණත් පුම්බන් යුගාන්ගේ අස්සේ ඉදලම තීනුට කෑ ගහන්න ගත්තේ තීනු හදිස්සියේ වත් තමන්ට දෙකක් ඇන්නොත් බේර ගන්න යුගාන් ඉන්න නිසා . කොහොම නමුත් මන්දාරමී පොල්ලෙන් ගැහුවා වගේ කිව්ව එකට යුගාන්ට පොඩි ලැජ්ජාවකුත් දැනුනා ඒ වගේම මන්දාරමීට මෙච්චර වෙලා කෑ ගහපු තීනුගේ කටත් වැහුනා .

" තමුසෙගෙ කට වැඩී කොයි වෙලාවක හරි මගෙන් ගුටි කනවා "

" මට ගැහුවොත් යුගාන් අයියට කියනවා "

මන්දාරමී තීනුට දිවත් කරලා ආයෙම යුගාන්ව බදා ගනිද්දි යුගාන් හිනා වෙන ගමන් මන්දාරමීගේ ඔලුව අත ගෑවා .

" යුගාන් අයියට කියලා කොරයි මට "

" ඉන්නවකෝ !! යුගාන් අයියේ මෙයා හැම වෙලාවෙම මට බනිනවා ඊයේ රෑත් මොකක්දෝ රෙස්ලින් ගහ ගන්න එකක් බලලා මෙයා මගේ බෙල්ල හිර කරලා මාව මරන්න හැදුවා එතකොට අද උදේ මේකා කොහෙදෝ ඉදලා බැට් මෑන් වගේ ඇවිත් මගේ අතට ගැටයක් දාලා මාව උස්සලා සෝෆා එකට විසික් කලා .. "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now