• විසි දෙවන දිගහැරුම •

Start from the beginning
                                    

යුගාන් තීනුගේ කොලර් එකෙන් තමන්ගේ අත් අහකට කරලා තීනුගේ යටි තොල පිරිමදින ගමන් කියද්දි කට උල් කරන් හිටපු තීනු හොද කනේ පාරක් යුගාන්ට දුන්නේ දවල් අහසේ රෑ තරුත් යුගාන්ට පෙන්නලා . තීනු ගෙන් සැරටම ලැබුනු කනේ පාරත් එක්ක යුගාන්ගේ කන කීන් ගාන්න ගද්දි තීනු දත් මිටි කන ගමන් යුගාන් දිහා බලන් හිටියා .

" ඈ බොල ගොම මැස්සෝ උබ හිතුවද මං උබට බයයි කියලා ?? වරෙන් යකෝ ගේමට උබේ ඇට දෙක උගස් කරලා මං ටයිටැනික් බලන්න මුහුදු පතුලට යනවා දැන ගනිම් !! උබ දන්නේ නැහැ මේ තීනු ගැන තාම .. මං ලගට ආවොත් උබව පෙති කපනවා දැන ගනිම් !! මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා මෙහෙම හිටියට මං හෙන දරුණු මනුස්සයෙක් !! කනවා තෝව දැන ගනිම් යේසික බිජ්ජා !! "

තීනු ජලබීතිකාව හැදුනු සුනඛයෙක් වගේ දගලද්දි යුගාන් තමන්ගේ කම්මුලත් අල්ල ගෙන තීනු දිහා බැලුවා . හිටි හැටියේම තීනු ජෝන් සීනා වැහිලා වගේ හැසිරෙද්දි යුගාන්ට තමන්ගේ අනාගතේ ගැන ඇත්තටම ලොකු බයක් දැනුනා . තවත් මොනවා හරි තීනුට කිව්වොත් ඊලග පාර තීනු තමන්ගේ දත් තිස් දෙකම ආමාංශ ගත කරයි කියලා හිතුනු නිසාම යුගාන් තීනුට ලොකු කතා නොකියා ඉන්න තීරණය කලා .

" මොකද බබා මේ තමුසෙට සන්නියද ??? "

" ඔව් යකෝ සන්නිය උප්පු ගෙනියපන් මාව උප්පු ගෙනියපන් "

තීනු කෑගහන ගමන් යුගාන්ගේ බෙල්ලේ එල්ලෙදි යුගාන් හිතුවෙම තමන්ගේ බෙල්ලත් මූ කඩලා දායි කියලා . අවුරුදු විසි පහක් උනත් තාම තීනුගේ ලමා මානසිකත්වේ නිසා යුගාන් තීනුට අනුකම්පා කලා . දැන් කොහොමත් තමන් තීනුව උප්පු ගෙනිච්චේ නැත්තම් තීනු තමන්ගේ හතර හංදි දෙකට කඩලා තුන්මන් හන්දියක් ගාවින් ගිහින් දාන නිසාම ලැජ්ජාව බල්ලට දාලා තීනුව උප්පු ගෙනියන්න යුගාන් හිත හදා ගත්තා .

" ඔයත් අනේ මන් දන්නේ නැහැ බබා මාවම කන්න ආපු එකෙක් "

යුගාන් තීනුට බැන බැනම තීනු ගාවින් පහත් වෙද්දි තීනු යුගාන්ගේ බෙල්ල බදා ගෙන යුගාන්ගේ ඉන වටෙන් තමන්ගේ කකුල් දෙක පටලවා ගත්තා . තීනු හදිස්සියෙ වත් වැටෙයි කියන බයට යුගාන් තීනුගේ කලවා වලින් තදින් අල්ල ගෙන හිමීට නැගිට්ටා . තීනුට නම් උප්පු යන එක හෙන ජොලී ඒත් මේ ටිකට යුගාන් හිටියේ තමන්ගේ කොන්ද නැහැ වගේ . තීනු යුගාන්ට වඩා පොඩ්ඩක් විතරක් පොඩියට පෙනුනත් තීනු හොදට වැඩිලා බරට හිටියා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now