01. දෛවයේ සුවඳ

597 25 0
                                        

Apartment එකේ සීනුව දෙපාරක් නාද වෙද්දි ටේහ්‍යුන්ග් ගිහින් දොර ඇරියේ, එළියේ ඉන්නේ කවුද කියලා හොඳින්ම දැනගෙන.

-"ජන්ග්කුක්... උඹ වෙලාවටම වැඩ නේ කොල්ලෝ."

-"හියුන්ග් දන්නවනේ ඉතිං මගේ විදිහ."

එහෙම කියන ගමන් තමන්ගේ අපාර්ට්මන්ට් එකක් වගේ ඇතුලට ගියපු ජන්ග්කුක් සොෆාවේ වාඩිවුනේ, ටේහ්‍යුන්ග් කිචන් එක පැත්තට යනකොට.

-"මොනවද බොන්නේ."

-"කූල් ඩ්‍රින්ක් එකක් තිබ්බනම් හොඳයි හියුන්ග්, ටිකක් tired."

ජන්ග්කුක් කිව්වේ, එයාගේ වේදනා දෙන නළල අතින් තෙරපන ගමන්. ඒත් ජන්ග්කුක්ගේ මුලු අවදානම නැවතුනේ, කවදාවත් නැතුව ටේහ්‍යුන්ග්ගේ අපාර්ට්මන්ට් එකෙන් එන Jasmine සුවඳ කොල්ලගේ නාස්පුඩු හරහාම එන්න ගත්තු නිසා.

-"WTF Hyung!!! මොකක්ද මේ Jasmine සුවඳ? Hyung ladies perfume use කරන්න ගත්තේ කවදා ඉඳන්?"

ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් හිනා වුණේ, ජන්ග්කුක් ඒ ගැන අහයි කියලා ටේහ්‍යුන්ග් දැනන් හිටියා වගේ.

-"උඹ කැමතිද ඒ Jasmine සුවඳට ආ?"

හිනා වෙමින් කියන ගමන්, කූල් ඩ්‍රින්ක් එකත් හදාගෙන සොෆාවේ ඇවිල්ලා, ටේහ්‍යුන්ග්ත් වාඩිවුනේ, ජන්ග්කුක් එක්ක ලොකු කතාවකට මුල පුරන්න වගේ.

-"මං අද එන්න කිව්වෙ ජන්ග්කුක් එක්ක වැදගත් දෙයක් කතා කරන්න."

-"I know hyung!!! මං මගේ වැදගත්ම meetings කිහිපයක් cancel කරලා මෙතනට මෙහෙම එන්නේ නෑනේ නැත්නම්."

-"Business ජීවිතේම කරගන්න එපා ජන්ග්කුක්. ඔයාට ඊට වඩා වගකීම් ගොඩක් තියෙනවා."

ටේහ්‍යුන්ග් කිව්වේ ජන්ග්කුක් දිහා එක එල්ලේම බලාගෙන.

-"Ok ok hyung. ඇයි හදිස්සියේම මට එන්න කිව්වේ?"

-"මට උඹගෙන් උදව්වක් ඕන. ලොකු උදව්වක්. සමහරවිට, ජන්ග්කුකා, උඹ මට මගේ ජීවිතේටම කරන ලොකුම උදව්ව මේක වෙයි."

-"හියුන්ග්ට මම කරන්නැති උදව්වක් නැහැ. මොකක්ද වෙන්න ඕන?"

ටේහ්‍යුන්ගේ මූණේ තිබ්බ ලොකු බැරෑරුම් කම නිසා, ජන්ග්කුක් හිටියේ කුතුහලෙන්. ටේහ්‍යුන්ග් කියන්නේ තද ගතිගුණ තියන චරිතයක්. ජන්ග්කුක් ඒක දැනගෙන හිටියා. ඇරත්, ටේහ්‍යුන්ග් කියන්නේ කාගෙන්වත් උදව් ඉල්ලන ජාතියේ මනුස්සයෙක් නෙමෙයි කාගෙන්වත්.

Alpha_Jeon Tempat cerita menjadi hidup. Temukan sekarang