ඊලඟට මං ගියේ කොටුවෙ stand එකට.
එතන තියෙනවා සෑහෙන වැඩ. ඉස්සර පොඩි එකා කාලෙ වගේ නෙමෙයිනෙ දැන් මං මිනිස්සු එක්ක ගණුදෙනු කරන හැටි දන්නවා. ඉතින් බඩු අදින වැඩක් සෙට් කරගන්න අමාරු වුනේ නෑ.
හැබැයි අපේ මොකෙක් හරි මේ හරියෙන් යයිද කියලා ඇහැ ගහගෙනමයි මං හිටියෙ.
මොකද කවුරුමහරි එකෙක් විල්සනයගෙ කනේ මේවා තිබ්බොත් අපේ plan ඔක්කොම වතුරෙ යන්න ඉඩ තියෙනවා.

හැබැයි ඉතින් මෙහෙම සල්ලි හොයලා නම් මදි. එක්කො මට මීට කලින් සල්ලි හොයන්න පටන් ගන්න තිබුනා. නැත්තම් දැන් ඉක්මනටම වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා.
අයියට ලස්සනම ලස්සන birthday surprise එකක් plan කරන්නනෙ මට ඕනෙ.

කල්පනා කරද්දි කරද්දි අන්තිමේ මට ආවා හොඳම හොඳ අදහසක්.
ඉටි කොල ටිකක් අරන් පොඩි කාලෙ වගේ සරුංගල් හදලා beach එක ලඟ විකුණුවා නම් හරි.
ඉටි කොල නිසා ඉරෙන්නෙත් නෑනෙ ලේසියෙන්. එකක් රුපියල් දෙසීයකට, දෙසිය පනහකටවත් විකුණගන්න පුළුවන් වෙයි.
දහයක් විකුණගත්තොත් දෙදාහක්වත් ලාබ වෙයි.
එතකොට තව සතියක් යද්දි මං ලඟ දාහතරක් තියෙනවා.
දවල්ට උදේට එහෙම බඩුත් ඇද්දොත් තවත් ගානක් එකතු කරගන්න පුළුවන්.
එතකොට විස්සක් විසි පහක් හොයාගන්න පුළුවන් වෙයි.
ඒ ටිකෙන් අයියට ලස්සන තෑග්ගක් අරන් ලස්සනටම මොනවා හරි plan කරගන්නත් පුළුවන් වෙයි.

මට ආසම ආසයි එයා පුදුම වෙලා ඒ ඇස් සතුටින් දිලිසෙනවා බලන්න.
හැමදාමත් අයියව මං බලාගන්නවා, එයාව සතුටින් තියනවා කියලා හිතුවට වෙන්නෙම එයා මාව බලාගෙන සතුටින් තියන එකනෙ.
ඉතින් එකම එක පාරක් හරි මටත් ආසයි එයා වෙනුවෙන් මොනවම හරි කරන්න.
.
.
.
.
.
.
.
.
.
මගේ සරුංගල් business එක නැගලම ගියා. දැන් කාලෙ ඉන්න ළමයි තරම් කම්මැලි එවුන් නම් කොහේවත් නැතුවැති. සරුංගලුත් සල්ලි දිලා ගන්නවා කියද්දි හිනාත් යනවා ඉතින්.
හැබැයි ඒක නිසා මට වාසියි. හිතුවට වඩා ගානක් එකතු කරගන්න ලැබුනා.
ඉතින් දැන් මගේ චූටියට ලස්සනම ලස්සන තෑග්ගක් ගන්නයි තියෙන්නෙ.
ඒත් එයාට මොකක් අරන් දෙන්නද කියලා හිතාගන්න අමාරු එකයි ප්‍රශ්නෙ.

මේ අතරෙ lab එකෙන් call කලා මගේ reports ආවා කියලා.
ලස්සන හීන ලෝකෙක අයියත් එක්ක හුරතල් වෙවී හිටපු මාව මේ ලෝකෙට ඇදගෙන වැටිලා පස්සම බිම ඇනුනා.
අනේ මට නම් බෑ දෙයියනේ....
මට ඒවා බලන්න යන්න බෑ....

මානස (Completed)Dove le storie prendono vita. Scoprilo ora