එදා මං තිමිරව බේර ගන්න බොරු නොකිව්වා නම් මේවා මෙහෙම නොවෙන්න තිබුනා.
ඒත් මං එහෙම කලා නම්,
ඊට පස්සෙ ඌට දැන් ඉරණමම අත්වුනා නම් මං ඒ ගැන ජීවිත කාලෙ පුරාවටම පසුතැවෙයි.
මොකද මට ඉර හඳ වගේ විශ්වාසයි, මං ඇත්තම කිව්වා නම් ඌව හැමෝම කුඩුකාරයෙක් විදියට හංවඩු ගහලා එදාම ඉස්කෝලෙන් එලියට දානවා.
සමහරවිට එහෙම වුනා නම් උගේ පිස්සු තාත්තා ඌව මරන්නත් තිබුනා!

අන්තිමේදි මං ඒ කරපු දේ නිසා ඌටත් ලැබිච්ච දෙයක් නෑ තමයි.
ඒත් අඩුම ගානෙ මට මගේ හිත හදාගන්න පුළුවන්, මං මට පුළුවන් තරමින් ඌව බේරගන්න try කලානෙ කියලා.

එතකොට මට එදා ඩිනාලයට නොගහා ඉන්න තිබුනා.
ඒත් ඌ කිව්ව කතාවල හැටියට කාටද අයියෙ ඉවසගෙන ඉන්න පුළුවන්.
අනික ඔය වගේ රණ්ඩු කොච්චර ඉස්කෝල ඇතුලෙ සිද්ද වෙනවද?
ඒ වුනාට හැම එකාටම එවෙලෙ ඕනෙ කලේ මාව කුඩුකාරයෙක් කියලා හංවඩු ගහන්න.
ඒ රණ්ඩුව මගේ වැරැද්දක් නිසාම විතරක් ඇති වුනා කියලා පෙන්නන්න!
ඉතින් මට සේරම දමලා ගහලා එන්න හිතුන එක වැරදිද අයියේ?

ඊට පස්සෙ අම්මලා!
එයාලා ඇයි එකම එක සැරයක්වත් මගේ පැත්තෙන් මට මොකද්ද වුනේ කියලා අහලා නොබැලුවෙ.
මං ඒ වෙද්දි පොඩි ළමයෙක් අයියෙ.
ඊලඟට කරන්න ඕනෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව මං අතරමං වෙලා හිටියෙ.
ඉතින් මට ඕනෙ කලේ උදව්වක්!
ඒ අවුල් ජාලාවෙන් එලියට එන්න පාර පෙන්නන එලියක්!
හැබැයි එහෙම මට උදව් කරන්න හිටියෙ ඔයා විතරමයි.
අනික් හැමෝම මගේ පොඩි වැරැද්දක් අල්ලගෙනත් මට කෑගැහුවා බැන්නා මිසක් මට ඇත්තටම ඕනෙ මොකද්ද කියලා හොයලා බැලුවෙ නෑනෙ.

එතකොට ලොකු තාත්තා කියන්නෙ සතෙක්!
ඒ බව දැන දැනම අම්මලා මාව එයාට බාර දුන්නා.
ඒ මිනිහා ලඟ මං තව ටික කලක් හිටියා නම් එක්කො ඌ මැරෙනවා.
එක්කො මං මැරෙනවා.
දෙකම නැත්තම් මං පිස්සෙක් වෙනවා.
ඉතින් ඒකයි මං එතනින් පැනලා ආවෙ.

ඊට පස්සෙ කන්න බොන්න නැතුව වින්ද දුක් ගැන කතා කරන්නවත් මං කැමති නෑ අයියෙ.
ගෙදර ඉද්දි තුන් වේලටම කොත ගහලා බත් පිඟානක් ලැබෙන නිසා මට බඩගින්න ගැන තේරුමක්වත් තිබුනෙ නෑ.
හැබැයි දවස් ගනන් වේල් ගනන් නොකා නොබී ඉන්න ගියාම ඒ තරම් අමාරු දෙයක් මේ මුළු ලෝකෙම නෑ කියලා මං ඉගෙන ගත්තා.
ඉතින් කන්න දෙයක් හොයාගන්න ඕනෙම දෙයක් කරන මට්ටමට මාව වැටුනා.
බඩගිනි දැනෙන එක ඇත්තටම වැරැද්දක්ද මගෙ අයියෙ?
බඩගින්නට කෑම ඕනෙ කරන එක වැරැද්දක්ද?

මානස (Completed)Where stories live. Discover now