58- පළිඟු දිඟහැරුම ♡

Start from the beginning
                                    

"මම එන්නම් "

"හරියටම තව මාස දෙකකහ මාරකින් අපිට එක්සෑම් අපි ආයේ ඉස්කෝලේ එන්නේ සාගා එකට .... ඔයා දන්නවද මම අර උඩම තියෙන පන්ති කාමරේ දාලා යන්න ලෝභයි "

"මමත් !"

"ඔයා ඇයි ඒ !"

"මම වෙනුවෙන් ඉදීවී .... මට ආදරේ කරාවි කියලා කෙනෙක්ව දැක්ක ගමන් හිතුනේ ඔය පන්තියේදි .... පළවෙනි පාරට ඔයා මාව තුරුල් කරගත්තේ ... මගේ ඔළුව අත ගෑවේ ඒ පන්තියේදි ... කොටින්ම මගේ ජීවිතේටම ලැබුන පළවෙනි යාලුවෝ ආදරණීය ගුරුවරු .... වගේම ආදරය ලැබුනෙත් ඒ පන්තියේදි .... "

"මම ඔයාට ආදරෙයි ....."

"හැම වෙලේම නොකිව්වට මම ඔයා හිතනවට වඩා සිය දහස් ගුනේකින් ආදරෙයි රොනාල් ... මේන් මෙච්චරක් කියලා කියන්න බැරි තරමට .... ළඟින් තියාගන්න ඕනි කියලා දැනෙනකොට මරාගෙන මැරෙන්න හිතෙන තරමට ... මම ඔයාට ආදරෙයි ..  "

මගේ අතට කිස් එකක් දෙන ගමන් එහෙන්මම ආයෙම එයාගේ කම්මුලක් මගේ අත උඩින් තියාගත්ත එයා ඔහේ කියවන් ගියා ......සාමාන්‍යෙන් අඩුවෙන් කතා කරන එයා කරන්නේ වැඩියෙන් දැනෙන්න ආදරේ කරන එක .... මම හිතන්නේ එයාට ඒක ජිනී ආන්ටි හරි පරිස්සමට හදවතට අරන්තියාගන්න කියලා ඒ කාලේ දුන්න ලෝභ හිතෙන හැඟීමක් .....

"මම වෙනුවෙන් දෙයක් කරනවද ?"

"ඕනම දෙයක් ! "

"සාගා එකට මට ඔයත් එක්ක සින්දුවක් කියන්න පුලුවන් වෙයිද ?"

"ම්ම් .... ඔයා කැමතිනම් ..ඔව් ඔයා කැමති ඕනම සින්දුවක් "

"ම්ම් පන්තියට යන්න මම ඩියුටි ගිහින් එන්නම් "

හැමදාම එයා මගේ බෙල්ලට කිස් එකක් දෙන එකේ අද මම එකක් දුන්නම මොකද කියලා මමත් එකක් දුන්නා අපරාදේ කියන්න බෑ සීනි පාට මගේ ජස්ටින් කොල්ලාට ලැජ්ජ හිතිලා කන්දෙකත් රතු කරගත්තා ... යකෝ මූ දෙන කිස් තොගේට රතු වෙන්න ගියානම් මම අද චෙරි ගෙඩියක්..... පුදුම ලැජ්ජාවක් තමා මේකත් ..

ලැජ්ජාව පැත්තක තියලා මගේ ඔලුවටත් කිස් එකක් දීලා හැරිලා යන්න ගිහින් ආයේ ආපු එයා දිහා ආයෙම මම ඇස් උස්සලා බැලුවේ එයා මොකක් හරි පොඩි පේපර් බෑග් එකක් මට දිග් කරපු නිසා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now