"කවී!!!
උඹ යන්නද යන්නෙ?"

"ම්..."

"වරෙන් මාත් එන්නම්!"

"හ්ම්...
යමං!"

ඒ ආවෙ මීරා.
ඉස්සර විදියට නම් තිමිර.
හැබැයි මෙහේදි අපි අලුතින් ඉපදුනා.
ඌ මීරා.
මං කවියා.

ජීවිතේ ඇත්තම තත්වෙ මං තේරුම් ගත්ත දවසෙ ඉඳන්ම,
එහෙමත් නැත්තම් මෙහෙට ඇවිත් අලුතින් ඉපදුන දවසෙ ඉඳන්ම මගේ ලඟ දුකට සැපට හැමදේටම හිටපු එකා තමයි ඌ.

එදා අන්ත අසරණ වෙලා යනඑනමං නොතිබුන අපි විල්සන් අයියා ලඟටම ආයෙත් ආවා.
ඊට පස්සෙ මීරාට කුද ගහගනින් කියලා මං මිනිහගෙන් රස්සාවක් ඉල්ලගත්තා. මිනිහත් දෙහිතක් නැතුව මට රස්සාවක් දුන්නා.

ඒක එච්චර අමාරු එකක් නෙමෙයි.
හෝටල් කාමරේකට බියර් බෝතලයක් ගෙනියන්න තිබුනෙ. මීරා නම් මැරෙන්න හැදුවා මට යන්න එපා කියලා.
ඒත් මාත් කාලා බීලා ඇඳලා ඉන්න සල්ලි හොයාගන්න ඕනෙ. ඉතින් ඌට අඬාගන්න කියලා මං කිව්ව තැනට ගියා.

දොර ඇරියෙ සුද්දෙක්!
ටිකක් වයස එකෙක්!
ඌට ඕන වෙලා තිබ්බෙ බියර්ම නෙමෙයි කියලා තේරෙන්නෙ මට තත්පර දහයක්වත් ගියේ නෑ.
ඒ තරම් කෑදර බැල්මක් ඌ මගේ දිහාවට දැම්මෙ.

මිනිහා මාව කාමරේ ඇතුලට ඇදලා අරන් දොර ලොක් කලා.
එතන ඉඳන් ඌට පුදුම හදිස්සියක් තිබුනෙ.
ඒකගෙ ජරා දිව මගේ ඇඟ පුරාම ගෑවෙද්දි මට දැනුනෙ කැරපොත්තෙක් ඇඟ පුරාම දුවනවා වගේ හිරිකිතයක්!

මං ඌව තල්ලු කරලා දාලා උගේ ප#යටම ඇන්නා පයින් එකක්.
ඊට පස්සෙ බියර් බෝතලෙන්ම ගැහුවා ඔළුවට!
කාමරේ දොර ඇරගෙන පණ කඩාගෙන දුවගෙන කෙලින්ම ගියේ විල්සන්කාරයා ලඟට.

"අයියේ!
උඹ මාව යවන්නෙ ඒවට නම් ඒ යන තැන්වල එවුන්ට හෙල්මට් දාගෙන ඉන්න කියපං.
මොකද මං උන්ව මරනවා.
අනික මට හු#න්න වෙන එකෙක්ට මං ඉඩ තියන්නෙ නෑ.
හු#නවා නම් හු#න්නෙ මං විතරයි!"

මං කෙලින්ම කිව්වා.
මාත් එක්ක මගේ අකමැත්තෙන් දේවල් කරන්න නම් හුඟක් එවුන්ට එලොව ගිහින් ඉගෙනගෙන එන්න තමයි වෙන්නෙ.

"මොකද්ද පොඩි එකෝ උඹ කිව්වෙ?"

විල්සනයගෙ හෙංචයියෙක් කෑගහගෙන ආවට විල්සනයා ඌව නැවැත්තුවා.

මානස (Completed)Where stories live. Discover now