"අම්මේ!!!!
අයියට මොනවත් කියන්න එපා!!!!
එයා නැත්තම් අද අම්මත් එක්ක මෙතන මෙහෙම කතා කරන්නවත් තඹරු කෙනෙක් නෑ.
හැබැයි එයාට ආයෙම එක වචනයක් හරි කිව්වොත් මං මොනවා කරයිද කියලා මං දන්නෙත් නෑ.
මේ ඉන්නෙ මගෙ අම්මා කියන එක මට අමතක කරන්න සිද්ද වෙන දේවල් කරන්න එපා!!!!!"

මගේ රත්තරං අයියා!
එයා ඇයි මෙහෙම එක එක කතා අහන්න ඕනෙ?
එයාට ලැබෙන්න ඕනෙ හොඳම දේවල් විතරයි හැමදාමත්.
තඹරු කියන කාලකණ්ණි ළමයා අදටත් ජීවත් වෙන්නෙ ඔයා නිසාම විතරයි මගෙ අයියෙ.

"උඹ!!!
උඹ එහෙනම් එහෙමද තඹරු???
කමක් නෑ.
මොනවා කිව්වත් කලත් උඹ මගේ පුතා. ඒක වෙනස් වෙන්නෙ නෑ.
මගේ පණ තියෙනකල් මේ ලැජ්ජනැති ජරා දේවල් කරන්න ඉඩ දෙන්නෙත් නෑ.

ධ්‍යාන්!
මං මේ හැමදේම ගිහින් උඹේ අර මහ ලොකු තාත්තටත් කියනවා.
මේ photos හැම එකක්මත් පෙන්නනවා.
එතකොට මගේ එකාට කතන්දර කිව්වට එයාගෙම පුතණ්ඩියා පොඩි ළමයෙක්ම රවට්ටගෙන කරලා තියෙන දහජරා වැඩ සේරම ගැන දැනගනීනෙ.
දෙයියනේ beach යනවා, town යනවා කියලා මොනවද මේ කරලා තියෙන්නෙ?"

අනේ!!!
අම්මගෙ අතට ෆෝන් එක ගද්දිම මොන කරුමෙකටද මන්දා photos ටිකක් open වෙලා.
ඒ හැම ෆොටෝ එකක්ම ගත්තෙ මං. ඇත්තටම නම් බලහත්කාරෙන් වගේ. අයියා ගියාම බලලා සැනසෙන්නවත් photos ඕනෙනෙ කියලා හිතලා මං එහෙම කලේ.
ඒත් අයියා එවෙලෙත් කිව්වා කවුරුහරි දැක්කොත් ප්‍රශ්නයක් වෙයි කියලා.
මං හිතුවෙ නෑ ඒ වුනාට මේවා මෙහෙම වෙයි කියලා.
අනේ දැන් මං මොකද්ද කරන්නෙ?

එතන ගොඩාක් photos තියෙනවා.
අයියයි මායි kiss කරන photos.
බදාගෙන ඉන්න photos.
ඇඳ උඩ තුරුල් වෙලා ඉන්න photos.
කොටින්ම මම අයියගෙ මූණ ලෙවකන photo එකකුත් තිබුනා.
Chat history එකේ උඩම හරියෙ තිබුන photos ටික මොන කරුමෙකට ඒ වෙලාවෙම open වුනාද මං දන්නෙ නෑ.
කොහොම වුනත් දැන් අම්මා msgs එකින් එක කියවන්න ගත්තොත් තත්වෙ මීටත් වඩා භයානක වෙනවා!

ඉතින් දැන් හිත හිත ඉන්න වෙලාවක් නෑ.
ඕන දෙයක් වෙච්චාවෙ මං අම්මව තල්ලු කරලා දාලා phone එක උදුර ගත්තා.
කොහොමත් එයාට මේකත් උස්සගෙන අයියලගෙ ගෙදර යන්න දෙන්න බෑනෙ.
අයියව බේරගන්න ඕනෙ මට මොනවා වුනත්!

මානස (Completed)Where stories live. Discover now