ඒ ඒක්කම මගේ uk advisorට call එකක් ගන්නත් ඕනෙ. ඒ හාදයාට අනිවාර්යයෙන් මේක ගැන හොඳ දැනුමක් තියෙයි.
කුරුළු මොළේ වුනාට ඒක හොඳට වැඩනෙ.
ආදරේ සම්බන්ද දේවල් තමයි පොඩ්ඩක් පසුගාමී.
අනික්වා සේරම ගානට වැඩ!

අනේ මට වැඩ තියෙනවා නාකියනේ!
මං වගේ ලෝකෙටම වැදගත් මනුස්සයෙක්ව office කාමරයක් අස්සෙ හිර කරගෙන එක එක ආකාරයේ අසහන පිට කරගන්න හදන්න එපා!

හිත ඇතුලෙන් මං විලාප තිය තිය කෑගැනුවා.
අන්තිමේ ලෝක පාලන දෙයියන්ගෙ පස්ස පිච්චෙන්න අරන්ද කොහෙද දැඩි අවවාද අනුශාසනා මැද්දෙ මට ගෙදර එන්න ලැබුනා.
ඒ වුනාට අම්මා නම් අඬනවා හෝ ගාලා. ඉස්කෝලෙ යටවෙයිද දන්නෙත් නෑ මෙහෙම ගිහින්.
වෙලාවට මට කලින්ම ගෙදර යන්න ලැබුනෙ. නැත්තම් ඉතින් අද පීනිල්ලක් තමයි මේ යන හැටියට.

අපේ අම්මටත් පිස්සුනෙ ඉතින්.
මං මැරිලා කියලද මොකෝ ඔච්චර හොටු පෙරන්නෙ.
දවස් තුනක් ගෙදරට වෙලා ඉන්න විතරයිනෙ තියෙන්නෙ. ඕවා ගනන් ගන්න දේවල්ද?
ඔහොමද මිනිස්සුන්ට වෙන්නෙ මං අහන්නෙ?
අර චූටියෙක් ඉන්නෙ kiss කියන වචනෙ ඇහුවත් ප්‍රෙශර් වැඩි වෙලා සන්නිපාතෙට එන. ඒවා එක්ක බලද්දි මේවා මොනාද?

හැබැයි දැන් අද ඉස්කෝලෙ ඉන්න පීනන්න දන්න එවුන්ට තමයි හෙනම කේස් එක වෙන්නෙ. උන්ට පීනිල්ල පැත්තක දාලා සීනිගම ගිහින් පොල් ගහන්න හිතෙයි. ඇයි ඉතින් පීනගන්න බැරි එවුන්ව කරේ තියාගෙන යන්නත් වෙයිනෙ.
තඹරු මොනා වුනත් උඹේ වෙලාව හොඳයි.
දෙයියනේ කියලා ඉක්මන් ගමනින් ගෙදර පලයං!

ගෙදර ඇවිල්ලා මං මගේ advisor චූටියට message එකක් දැම්මා. එයත් එක්ක කතා කරන්නම ඕනෙ වෙච්ච දේ ගැන හරි idea එකක් ගන්න නම්. මගේ ඔළුව නිකං හෙල්ලිලා ගිහිල්ලා තියෙන්නෙ.
ඒ මගුල බෑග් එකේ තිබ්බත් මොලේ විකාර වෙනවද මන්දා.
මේ ඔක්කොම තාම නිකං හීනයක් වගේ.

මගේ message එක දැක්ක ගමන්ම චූටියා කෝල් කලා. මං ඉතින් විස්තරේ ඔක්කොම කිව්වා. මුලින්ම නම් චූටියත් මං වගේම හොල්මන් වුනා. නිදාගෙන ඉඳල ඇහැරුන ගමන්මද කොහෙදත්නෙ. මොකද මට දැන් දවල් වෙන්නත් ලඟ වුනාට එයාට තාම පාන්දරනෙ.

මානස (Completed)Where stories live. Discover now