පහුවදා එයා එයාගෙ මුළු university එකමත් පෙන්නුවා. ඒකත් හරිම ලස්සනයි.
පුංචි කාලෙ ටීවී එකේ බලපු සුරංගනා ලෝකයක් මතක් වෙන්නෙ දැක්කම.

"You too can study in this fairy world Thambaru.
As soon as you finish your A/Ls I'll take you to me!"

ඔව් ඒක තමයි.
දැන් ඉතින් 10 ඉවර වෙන්නත් මාස තුනක්වත් නෑ.
ඊට පස්සෙ O/L.
අයියට ඕනෙ results ගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයිනෙ.
ඉතින් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා.
එතකොට මට කල්පනා කර කර දුක් වෙවී ඉන්න වෙලාවක් කොහොමත් නැති වෙයි. අනික ඉතින් දුක් වෙන්න දේකුත් නෑ.
අයියා කියනවා වගේ මේ අමාරු දවස් ටික පුළුවන් උපරිම හොඳින් ගෙවාගන්න එකෙන් වෙන්නෙ අපිට ඊටපස්සෙ හැමදාමත් එකටම ඉන්න පුළුවන් විදිහක් හැදෙන එකනෙ.

ඉතින් මං ඉස්සරටත් වඩා මහන්සි වුනා.
පන්තියෙ හොඳම ලකුණු තියෙන ළමයෙක් වෙන්න මටත් ඕනෙ කලේ.
අනේ අනේ ඉතින් කාණුවක් හාරගෙන පතලක් කොටාගෙන ඉන්න හිටපු superman කොල්ලෙකුටත් වෙච්ච දෙයක්!
මේ චූටියෙක් ඇවිත් ඒකව කණපිට ගහලා!

ඇත්තටම ඉතින් Uk university එකකට යන්න scholarship එකක් ගන්න පුළුවන් තරම් හොඳට වැඩ කරගන්න පුළුවන් වුනොත් අයියා ලඟට යන්න තවත් ලේසි වෙයි.
මොකද අම්මලා වුනත් මාව යවන එක ගැන එතකොට සලකා බලයිනෙ.
රණ්ඩු වෙලා හොරෙන් යන්න හදනවට වඩා එයාලගෙත් කැමැත්තෙන්ම යන එක හැම අතින්ම ලේසියි.
මං නම් නෙමෙයි, අයියා තමයි මේ සේරම plan කරන්නෙ.

හැබැයි අම්මලා මාව යවන්න අකමැති වුනත් මං අයියා ලඟට යනවම තමයි. කොහොමත් අම්මලගෙ සල්ලි කිසිම දේකට ඕන වෙන්නෙ නෑ කියලත් අයියා කිව්වනෙ. මට ඉගෙනගන්න ඕනෙ කරන ගානට සල්ලි අයියා ලඟ තියෙනවලු.
එයාගෙ ආච්චි අම්මගෙ සල්ලි ටිකත් තාම ඉතුරුයිනෙ.
අනික අයියට ඒ වෙද්දි job එකක් කරන්නත් පුළුවන්ලු.

මාත් ඉතින් ගිහිල්ලා part time jobs හරි කරනවා. මගේ චූටියට සේරම කරදර ටික බාර දීලා මොකාද වගේ උඩ බලාගෙන ඉන්න බෑනෙ මට.
හැබැයි මං රස්සාවක් කරන කාලෙක නම් එයාට ඇති වෙන්න නිවාඩු අරන් ආස කරන හැමදේම කරන්න කියන්න ඕනෙ.
මං ඉන්නෙ එයාව බලාගන්නනෙ කොහොමත්.
.
.
.
.
.
.
හිතුව තරම්ම අමාරු නැතුව දවස් ගෙවුනා.
හැමදාම රෑට නිදාගන්න ගියාම පැය ගානක් අයියයි මායි කයිය ගැහුවා.
තාමත් මගෙ චූටියා ඉස්සර වගේම ලස්සන හිනා මලක්!
පොඩ්ඩක් විහිළු කලාම රතුම රතු වෙන ජම්බු ගෙඩියක්!

මානස (Completed)Where stories live. Discover now