පැය ගාණක් නෑ හරියටම කියනවනම් දවස් ගාණක් තිස්සේ මෝක්ශගේ ඔලුවේ තිබුණු ඔක්කොම ප්‍රශ්නට ටික ඒ කඳුළුවල දියවෙලා තියෙන්න ඇති.. කවදාවත් මෝක්ෂ අඬනවා නොදැකපු අවින්දි වගේම යොමේනුත් මූණට මූණ බලාගත්තේ මොකුත් හිතාගන්න බැරුව... මොකද ඒ ඇඪුම ඒ තරම්ම සැරයි... ඉකි ගගහා හුස්ම හිරවෙන තරමටම කෑගහලා පිරිමියෙක් අඬනවා කියන්නේ එතන තියෙන්නම පපුව පැලිලා යන තරම් වේදනාවක්...

සාක්කුවට ඔබන් ඉඳපු එක අතක් එළියට ගත්තු මේඝ මෝක්ශගේ පිටට හෙමින් සැරේ තට්ටු කරන්න ගත්තා... ඇත්තටම අවින්දි කියනවා වගේ මේඝගේ ලොකු පිහාටු දෙක අස්සට රිංගුවට පස්සේ ඕනම මනුස්සයෙක්ට දැනෙන්නේ පුදුම ආරක්ෂාවක්.. අනිවාර්‍යෙන්ම අද මෝක්ශටත් ඒක දැනෙනවා ඇති.. ඒ හැඟීම සුරදූතයෙක්ගේ ළඟ තියෙන ආරක්ෂාව...

දන්නවද.. මේ ලෝකේ බිඳුණු මිනිස්සුන්ගේ හිත් තමයි හරි ලස්සනම.. එයාලට තමයි තවත් කෙනෙක්ව හොඳින්ම ආරක්ෂා කරන්න පුළුවන් තවත් කෙනෙක්ට මදි නොකියන්න ආදරේ දෙන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ට.. මොකද එයාලා දන්නවා බිඳුණු හිතක වේදනාව සහ.. මේ වගේ ආදරණීය වැළඳගැනීමක තියෙන මායාව... ඒ වටිනාකම.. ජීවිතේක හදවතක වටිනාකම දන්නේ බිඳුණු මිනිහෙක්ම තමයි.. ඒවගේ කෙනෙක්ගේ ආදරේ ලබන්නත් ලේසි නෑ.. මොකද එයාලා ලේසියෙන් ආයේ බිඳෙන්න කැමති වෙන්නේ නෑ.. පපුවේ කොනටම ආදරේ තදටම දැනුනාම විතරයි ඒ මිනිස්සු ආදරේ පිටට පෙන්නන්න ගන්නේ.. ඉතින් ඒ වගේ බිඳුණු මිනිහෙක්ගේ ආදරේ ලබන්න තියෙනවනම්... ඒක තමයි මේ ලෝකෙ පෙම්වතෙක්ට හෝ පෙම්වතියකට තියෙන ලොකුම සැනසීම... අවින්දි ඒ අතින් මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මනුස්සයෙක්...

"මන්.. මොකක්ද බන් කරන්නේ දැන්.. ඌට තිබුණා එහෙම නොකර ඉන්න.."

අඬන අතරෙම මෝක්ෂ කියන වචනවල තේරුම අවින්දිට ඇරෙන්න අනික් දෙන්නටම හොඳටම තේරුණා.. මේඝ..!! ඔව් එයත් දන්නවා...සර්ව බලධාරි දෙයියන් වහන්සේ ඒවා නොදැන ඉන්න බෑනේ....

"It's okay everything will be alright"

මේඝගේ පපුවට ඔලුව ගහගෙන හිටපු මෝක්ශගේ ඇඬුම තව තව වැඩි වුණා.. අවින්දිගෙන් ඉගෙන ගත්තු ඒ මායාකාරි වචනෙන් මේඝ මෝක්ෂවත් සනසන්න උත්සාහ කළා... සීරුවට මේඝගේ ටීශර්ට් එක දිගේ පල්ලම් බැහැපු කඳුළු කෙළින්ම පොළොවටම වැටෙන්න ගත්තා... හුස්ම ගන්න කොහොමටවත් බැරිවෙන තරමටම ඒ ඇඬුම දැඩි වුණා.. මේඝ හෙමිහිට මෝක්ශගේ කොණ්ඩේ පිටිපස්සෙන් අත හෙමිහිට උඩ පහළ අරගෙන ගියා..

You've reached the end of published parts.

⏰ Last updated: Mar 25 ⏰

Add this story to your Library to get notified about new parts!

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now