පුහුලම් වාරේ

600 103 88
                                    

යොමේන්වත් උස්සගෙන අමාරුවෙන් පන්සිළුත් මෝක්ශත් දෙන්නම සමරවික්‍රම මහත්තයගේ ගෙදර ළඟට ආවේ කොහෙන් හරි වාහනයක් හොයන් යොමේන්ව ඉස්පිරිතාලෙකට එක්කගෙන යන්න හිතාගෙන..

"අන්කල්..... අන්කල්...."

කඩුල්ලෙන් එපිට ඉඳගෙනම මෝක්ෂ හයියෙන් සමරවික්‍රම මහත්තයට කතා කළත් කිසි ප්‍රතිචාරයක් නම් තිබුණේ නෑ...

"දැන් මොකක්ද බන් කරන්නේ..."

පන්සිළු මෝක්ශගේ පැත්තට හැරිලා එහෙම අහද්දිම වගේ පාරේ දූවිලි අවුස්සගෙන ආපු වෑන් එකක් මෝක්ෂගෙත් පන්සිළුගෙත් ඉස්සරහින් නැවැත්තුවා... මේ හද්ද පිටිසර ගම් ගොඩේ වෑන් කට්ටක් දකින්න ලැබෙන එක හිතාගන්න බැරි පුදුමාකාර දෙයක් හින්දා මෝක්ෂත් පන්සිළුත් මූණට මූණ බලාගත්තේ වෑන් එක කාගෙද කියලා හිතනගමන්..

ඒත් එක්කම වෑන් එකේ පිටිපස්සේ දොර ඇරගෙන එළියට බැහැපු සමරවික්‍රම මහත්තයා කලබලෙන් මෝක්ෂගෙත් පන්සිළුගෙත් ළඟට ආවේ යොමේන් දිහා බලාගෙන...

"දෙයියනේ මේ මොකක්  වෙලාද..."

"අර... ආශ්...."

"කකුළ ලිස්සලා ගිහින් ඇළේ වැටිලා ඔලුව ගලක වැදිලනේ මාමේ.. ඉස්පිරිතාලේ එක්කන් යන්න වෙයි වමනෙත් ගියා.."

"හප්පොච්චියේ එහෙමද... එහෙනම් බල බල ඉඳලා බෑ ඉක්මනට යන් මේ වාහනේම..."

සමරවික්‍රම මහත්තයා එහෙම කිව්වට පස්සේ මෝක්ශත් පන්සිළුත් දෙන්නම යොමේන්ව වෑන් එක ඇතුළට දාගෙන ඒ දෙන්නත් වාහනේට නැග්ගා...

"ඔය විදියට යන්න ඇහැකිද...ළමයෝ.."

මෝක්ශත් පන්සිළුත් මඩ නාගෙන ඉඳපු හින්දා සමරවික්‍රම මහත්තයා වාහනෙන් එළියේ ඉඳන්ම ඒ දෙන්නගෙන් ඇහුවා...

"අවුලක් නෑ අන්කල්  අපි යන්..."

දෙන්නටම තිබුණු කලබලය හින්දා ඩ්‍රයිවර්ටත් ඉක්මනට වාහනේ ඉස්පිරිතාලේ පැත්තට අරගෙන යන්න කියන ගමන් සමරවික්‍රම මහත්තයා වෑන් එකට නැගලා වාඩිවුණේ යොමේන් දිහා බලාගෙනමයි....

ඉස්පිරිතාලෙට ගියාට පස්සේ යොමේන්ගේ තුවාල වලට බෙහෙත් කරලා ඉවර වුණත් එයාව හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් නොකර ඊළඟ දවසත් එහෙම තියන්න තීරණය කළේ.. සිරුරේ මොනවහරි වෙනස්කම් වෙයිද කියන එක සමීපව අධීක්ශණය කරන්න ඕන නිසා...

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now