මණ්ඩලේ කචල් !!

656 96 53
                                    

පන්සිළුවත් ගෙදර උදෑසන වත්පිළිවෙත් ආරම්භ කරන්න කියලා හිතාගෙන එළියට යද්දි උදේ පාන්දරම මේඝ ඉක්මන් අඩි තියන ගමන් ගෙදරින් එළියට යන්න ආවා..

"හෝව්... හෝව්...හෝව්.."

පන්සිළු දුවගෙන ගිහින් මේඝගේ ඉස්සරහට පැනලා යන්තන් මිනිහව නවත්තගත්තෙ යන තැනක් අහගන්න ඕන හින්දා..

"උබ මේ පාන්දරම පැදුරටත් නොකියා කොහෙද යන්නේ...ආ.."

"ගමනක් යනවා.. සමහර විට අද එන්න බැරිවෙයි.. පොඩ්ඩක් මේ පැත්ත බලාගන්න.. "

එහෙම කියපු මේඝ පන්සිළුගේ උරහිසකටත් පොඩි තට්ටුවක් දානගමන් පන්සිළුව පාස් කරන් දොර ගාවට ගියා..

"මුටද පිස්සු මටද පිස්සු කියලා හිතාගන්න බෑ..."

මේඝගේ කාර් එක ගේට්ටුවෙන් එළියට යන දිහා බලාගෙන දොරට හේත්තුවෙලා ඉඳපු පන්සිළු කල්පනා කළා..

"මහත්තයා මහත්තයා.. මහත්තයලා ට්‍රිප් එකක්වත් යනවැයි..."

කොහෙදෝ ඉඳගෙන දුවගෙන ආපු අල්ලපු ගෙදර වැඩකරන බිංදු පන්සිළුගෙන් ඇහුවා...

"අර මොකෝ එහෙම ඇහුවේ.."

"නෑ.. මන් උදේම ආවානේ අවින්දි නෝනගෙන් රම්පේ ටිකක් ඉල්ලගන්න.. එතකොට මේඝාදිත්‍ය මහත්තයා බෑග් එකක් පැටෙව්වා වාහනේට.."

"බෑග් එකක්.."

"ඕව්.. ලොකු එකක්ම නෙමෙයි ට්‍රිප් යනකොට අරන් යන එකක්..."

"එහෙමද.."

"මහත්තයලත් යනවැයි.. අනේ මාත් ආසයි ඕවගේ නම් යන්න.."

"පිස්සුද බන්.. මොන ට්‍රිප්ද මෙන්න.. මේ වැඩක් බලාගෙන පලයන්.. ආ ඉඳපන් තේ බිව්වද..."

"තාම නෑ මහත්තයා.."

"ආ ඉඳපන්කෝ එහෙනම් බීලම යන්..."

පන්සිළු එහෙම කියලා කිචන් එකට ගියේ මේරි අම්මා කවදා ආයේ වැඩට එයිදෝ කියලා කල්පනා කරනගමන්...

කෝප්පවලට තේ හදලා පුරවපු පන්සිළු කුස්සියේ කොනකට වෙලා ඉඳපු බිංදුගේ අතටත් තේ කෝප්පයක් දුන්නා.. මොනා වුණත් අවින්දි ඉන්නේ අවුලෙන් හින්දා කෑකෝ ගහලා එයාගේ නින්ද කඩන්න උවමනාවක් නොතිබුණු හින්දා පන්සිළු පොලිස් ඩබලගේ තේක අරගෙන කාමරවලට ගියේ හිතින් නොසෑහෙන දෙන්නටම බනින ගමන්...

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWo Geschichten leben. Entdecke jetzt