මිනීමරුවා !!

555 77 60
                                    

"තමුන් මොකා උනත් කමක් නෑ.. මේ ගේ ඇතුළේ තියෙන බඩුමුට්ටු අතපත ගාලා අහුවෙන්නෑ..."

පන්සිළුගේ පිටිපස්සෙන් වටපිට බල බලම ගෙට ගොඩ වුණු අමුතු භූතයට එහෙම කිව්ව අවින්දි සාලේ කණුවකට බර වෙලා ඒ මනුස්සයා ඇවිදගෙන ඉස්සරහට එන දිහා බලාගෙන හිටියේ නොරිස්සුමෙන්..

'"ඉතාමත් කුඩායි නේද.."

"මොකක්ද කුඩා...."

"මේ නිවස..."

"යකෝ මුගේ ආච්චිට..... මේ දඩ සයිස් ගෙදරත් තමුසෙට කුඩා නම් කියනවකෝ බලන්න ඔහේගේ මහලොකු බකින්හැම් මාළිගාව කොහෙද තියෙන්නේ කින්ද මන්ද ඔක්කොම නම් ගම් විස්තර..."

යන්තන් ටිකක් තරහා පාලනය කරගෙන අවින්දි පපුවට අත් දෙකත් බැඳගෙන එහෙම කියද්දිත් භූත මිනිහා වටපිට බල බල ඉඳපු එක විතරයි කළේ...

"අවින්දි.. මෙයා මේ අපි දෙන්නා දන්න කෙනෙක්... "

"ඕහෝ... ඔයා ඉන්න මිස්ට පන්සිළු මන් ඇහුවේ මේ රාජකුමාරයගෙන්..."

"හරිම අගෙයිනේ.. කට කියවන තරුණිය..  නුඹ මාව හැඳිනගත්තා සැනෙකින්..."

"පිස්සුද ඕයි.. මන් කොහෙද තමුසෙව හැඳිනගත්තේ... මන් ඇහුවේ තමුසේ කවුද කියලා..."

"රාජකුමාරයෙක්..."

"පන්සිළු අනේ පින් අත්වෙයි... මේන් මේ පිස්සව ඇදලා එළිය දාන්න.. මොන ලෝක ලෙඩක්ද මේ...."

භූත මනුස්සයා කියවන දේවල් තේරුම්ගන්න ගිහින් තරහා තව තවත් වැඩි වෙන්න ගත්තු හින්දා අවින්දි ටිකක් සද්දේ වැඩි කරලා කෑගැහුවේ පන්සිළු හරිම අසරණ විදියට නළල එහෙට මෙහෙට පිරිමදිද්දි....

"රාජකුමාරතුමෝ... පව් නොදී යනවද යන්න ආපු දිහාවකට..."

"මා අයෙකු එනතෙක් සිටිය යුතුයි..."

"අයෙක් නෙමෙයි දාහක් එනකන් උනත් ඉන්න පුළුවන් මේ ගෙයින් එළියට වෙලා..."

"අවින්දි අවින්දි අහන්නකෝ... මේ මේඝ අඳුනන කෙනෙක් ටික දවසකට මෙහේ තියාගන්න කියලා ඔය එවලා තියෙන්නේ..."

පන්සිළු කැඩි කැඩි වගේ එහෙම කියද්දි අවින්දි ලොකු හුස්මක් ඉහළට ගත්තේ කියන්න ආපු හොඳ වචන දෙක තුනක් ගිලගන්න ඕනකමට...

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now