"දැන් කියපන් මොක්කද මෙතන සිද්ද වෙන්නේ.."
ඔෆිස් රූම් එක ඇතුළට ආපු හැටියෙම වගේ පන්සිළු පපුවට අත් දෙකත් බැඳගෙන අවධාරණාත්මක බැල්මක් මේඝ දිහාවට හෙළන ගමන් කිව්වේ අනික් දෙන්නත් ඒ විදියටම මේඝ දිහා බලන් ඉද්දි...
බර හුස්මක් පහළට හෙළපු මේඝ තමන්ගේ ලියන මේසය ගාවට ගිහින් තුන් දෙනාටම පිටුපාලා හිටගෙන මේසේ මතින් අත් දෙක තියාගෙන කකුළකින් මේසෙට ජැක් එකක් ගහගෙන කතාව ආරම්භ කළා..
"Greek mythology ගැන අහලා තියෙනවද..."
"ඔව් මන් නම් ටිකක් විතර දන්නවා... උබ දන්නවද..."
පන්සිළු එහෙම කියන ගමන් මෝක්ශගෙන් ඇහුවේ මෝක්ෂත් යොමේනුත් දෙන්නම දන්නේ නෑ කියන්න ඔලුව දෙපැත්තට හොලවද්දි..
"හරි හරි.. ඒවා වැඩක් නෑ කතාව කියහන්කෝ.."
"ඊබන්වේල්ස් ගැන අහලා තියෙනවද.."
"ම්ම්ම්ම් නෑ.. අදමයි ඇහුවේ ඒ මොකක්ද..."
"ඒක ෆික්ශනල් සිවිලයිසේශන් එකක්... "
"මොකක්.. ඇත්ත එකක් නෙමෙයිද "
"නෑ.. ඊබන්වේල්ස් කියන නගරය මැව්වේ දෙවියන් විසින්.. දෙවියොත් මිනිස්සුත් ඊබන්වේල්ස්වල එකට ජීවත් වෙලා තියෙනවා.. දෙවියොන්ට ඒ මිනිස්සු ගැන තිබුණු විශේෂ කැමත්ත නිසා දෙවියෝ ඒ මිනිස්සුන්ව ලෝකේ ඉන්න දක්ෂම බුද්ධිමත්ම මිනිස්සු බවට පත් කරලා...."
"හරි හරි ටිකක් ඉඳපන්.. දැන් ඔය දෙයියොන්ගෙයි.. ඔය ඊබන් මොකක්ද ඒවගේ කතායි මේ දැන් සිද්ද වෙන දේවල් එක්ක ගැළපෙන්නේ කොහොමද අනික.. ඕවා දැනට අවුරුදු බර ගාණකට කලින් සිද්ද වුණු දේවල් වෙන්නැති නේ.. ඒවගෙයි මේවගෙයි අතරේ තියෙන සම්බන්ධේ මොකක්ද.."
මේඝගේ කතාවට බාධා කරමින් පන්සිළු කතා කළේ මේ සිද්ද වෙන දේවල් ගැන දැනගන්න කාටත් වඩා වැඩි උනන්දුවක් පන්සිළුට තිබුණු නිසා...
"එතනින් තමයි මේ හැමදේම පටන් ගන්නේ..."
"ඒ කිව්වේ..."
"ඊබන්ස්ලා කියන්නේ මිථ්‍යාවක්.. ප්‍රබන්ධයක්.. ඒත් ඒ වගේ ප්‍රබන්ධයක් ඉබේම නිකන් ගොඩනැගෙන්නේ නෑ.. ඒකට ඊට ටිකක් හරි සමාන දෙයක් පවතින්න ඕන... ප්‍රබන්ධයක් ගොඩනැගෙන්නේ යථාර්තයකින්මයි..."
BẠN ĐANG ĐỌC
(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLD
Tiểu Thuyết Chung❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ වගා ළිඳක් වගේ කට ඇරගෙන පිම්පොම් බෝල දෙකක් වගේ සයිස් එකට ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන මේඝගේ අතේ එල්ලිලා...