• විසිවන දිගහැරුම •

Start from the beginning
                                    

" මායි යුගානුයි අතර එහෙම පකක් නැහැ !! උබ මොනවා හිතුවත් ඒක එහෙමයි !! "

තීනු තමන්ගේ අත් දෙකත් හරහට බැදන් කියද්දි යුගාන් තීනු දිහා තමන්ගේ ඇස් හීනි කරලා බැලුවා .

" තෝ තෝ තෝ බේස පකයා මටනේ බොරු කරන්නේ හිටපන් අද උබව මම මරනවා "

තීනු මොන දේ කිව්වත් තීර්ථ තීනු කිව්ව කිසිම දෙයක් විශ්වාස කලේ නැහැ . තමන් කරේ එල්ලන් හිටපු බෑග් එක ගලවලා අතට ගත්තු තීර්ථ තීනුට බෑග් එකෙන්ම ගහන්න ගද්දි තීනු ඉක්මනට යුගාන්ගේ පිටි පැස්සට ඇවිත් යුගාන්ට කවර් උනා . තීර්ථ යුගාන්ගේ පිටි පැස්සේ හිටපු තීනුට පැන පැන නෙලද්දි සමහර ශොට් යුගාන්ටත් වැදුනා .

" අනේ යුගාන් බේර ගන්නවකෝ !! "

පැත්තෙන් පැන්න තීර්ථ තීනුගේ ඔලුවට හොද පාරක් දෙද්දි තීනු යුගාන්ගේ නම කියලා කෑ ගැහුවා . මෙච්චර වෙලාවක් තීනු ගුටි කන දිහා යුගාන් බලන් හිටියේ තමන් තීනුගෙන් කාපුවත් එක්ක මේවා මොනවද වගේ !! ඒත් තව දුරටත් තීනු ගුටි කන විදිහ රස විදින්න ගියොත් තීනුයි තීර්ථයි දෙන්නම එකතු වෙලා තමන්ට ගහයි කියලා හිතුනු නිසාම යුගාන් තීනු ගෙයි තීර්ථ ගෙයි මැද්දට ආවා .

" ඕක නතර කරපන් තීර්ථ !! උබ තව එක පාරක් හරි මගෙ තීනු බබාට ගැහුවොත් මම උබව හාල් මැස්සෙක් වගේ දෙකට කඩනවා බලා ගනිම් !! "

යුගාන් තීර්ථට ඇගිල්ලකුත් දික් කරලා කියද්දි තීනු යුගාන්ගේ පිටි පැස්සේ ඉදන් තීර්ථට දිව දික් කරන්න ගත්තා . එක පැන්සල දෙකට කඩන් ගණන් හදපු තීර්ථට අද තීනු වල කැපුවා . මිතුරා යනු සුනඛයාය කියන එක තීනු අද තිතටම ඔප්පු කලා .

" යුගාන් උබ ඔය කතා කරන්නේ සුරාබදු නිලදාරියෙක් ගේ පුතෙක්ට !! "

" උබත් ඔය මෙච්චර වෙලා ගැහුවේ ඇමති කෙනෙක්ගේ පුතෙක්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට !! ඒකත් හොදට මතක තියා ගනිම් උබ !! "

යුගාන් තීර්ථට ඇගිල්ලකුත් දික් කරලා කියද්දි තීනු දිවත් හපා ගෙන යුගාන් දිහා බලන් හිටියා . හැබැයි තීර්ථ නම් ගේම අතාරින පාටක් පේන්න තිබුනේ නැහැ . ගැහුවොත් ගහනවා බැන්නොත් බනිනවා වගේ සීන් එකක තීර්ථයි යුගනුයි ඉද්දි තීනු හිතුවෙම සේරම පැත්තකට දාලා ඒ පාර මුන් දෙන්නා ඇන ගනී කියලා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now