15 🦋🤍

302 65 111
                                    

......................................

ඇත්තටම මේ ලෝකේ ඉන්න මිනිස්සු විවිධාකාරයි නේද බං....දැන් බලපන් මම , කීර්තී , හේෂ් අයියා , හේෂිත අයියා මේ කවුරු ගත්තත් අපි කවුරුවත් එක වගේ නෑ...හැමෝම විවිධාකාර මනුස්සයෝ..ඉතින් එහෙම වෙනකොට ඒ මනුස්සයන්ගේ ප්‍රශ්නත් විවිධාකාර වෙනවානේ නේද බං...

දැන් පැයක් විතර වෙනවා අපි ක්ලාස් එකට ඇවිත් ....ආව වෙලේ ඉදන් කීර්ති ඩෙස් එකේ ඔලුව ගහන් හිටියා මිසක් අපි කාත් එක්කවත් ඒකී කතා කලේ නැ...උදේ හේෂිත් අයියා ඇවිත් මහ පාර මැද හොද ජවුසමක් නැටලා ඒ කෙල්ලට මනුස්සයෝ ඉස්සරහම ලැජ්ජා කරද්දි ඒකිට මූණ දෙන්න බැරි එක සාධාරණයිනේ....ඒත් ඒකිගෙ අතේ කිසි වැරැද්දක් නැත්තන් ඔහොම ඉන්න ඕනිද...මං දන්නවා අපි කොච්චර කිව්වත් ඒකි කෙල්ලෙක්..ඒකිත් රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න ඕනි..පිරිමි ලමයෙක්ට දෙයක් උනා වගේ නෙවෙනේ ගෑනු ලමයෙක්ට මොනාහරි උනොත් ඒ කෙල්ලට රටේ නැති අවලන් කතා කියලා මානසිකව වට්ටලා අන්තිමට ඒකිව මැරෙන තැනට පත් කරලා තමා මනුස්සයො පස්ස බලන්නේ...

ඒ අතින් බලද්දි ගෑනු හරි පව් බං මොකද මටත් අම්මෙක් ඉන්නවා මටත් සහෝදරියක් හිටියා ඉතිම් ඒගොල්ලො දිහා බලද්දි මට හැමවෙලේම ඔය දේ හිතෙනවා...උන්ටත් ඕනි නේද බං නිදහසක්...ගෑනියෙක් ඉන්න ඕනී කුස්සියටම හිරවෙලා බත් තම්බ තම්බ කන්න දෙන්න විතරමද , මිනිහගේ ඕනෑ එපාකම් ඉටුකරගන්න විතරමද  , ළමයි බලාගන්න විතරමද , විකාරයක් නෙවේද බං මේක..උනුත් අපි වගේම නෙවේද බං ගෑනියෙක්ගෙයි , පිරිමියෙක්ගෙයි තියෙන්නේ එකම එක වෙනස්කමයි ඒ ලිංගේ විතරයී....අනිත් සේරම දේවල් අතින් උන් අපිට සමාන වෙද්දි එතනින් විතරයී උනුයි අපියි වෙනස් වෙන්නේ...අනික උබලා අහලා ඇතිනේ බං පිරිමියෙක්ට වඩා ගෑනියෙක්ගෙ දරාගැනීමේ ශක්තියත් වැඩී කියලා...මං උබලට කියන්නේ නියම ගෑනූ ගැන මිසක් හැමතැනටම පුක දිදී හැමිනෙන වේසා බඩු ගැන නෙවේ හොදද.....

උදේ හේෂිත් අයියා ඇවිත් කීර්තිගෙන් එක එක දේවල් අහද්දි කීර්තී කලේ ඌ දිහා කිසිම හැගීමක් නැති විදිහට බලන් හිටපු එක..කතාවක් තියනවනේ බං හැහීම් බාල්දු වෙන තරමට මනුස්සයා නිහඩ වෙනවා කියලා...ඉතිම් හේෂිත් අයියා එන්න කලින් මාත් එක්ක අච්චර වෙලා රටේ නැති කුනුහරප ගැන කියව කියව හිටපු අපේ  කටකාර සුකුරුනාත් එවෙලේ නිහඩ වෙලා හිටියේ..හේෂිත් අයියට ඕන දෙයක් කියන්න ඇරලා කීර්තී අහගෙන ඉදියා..ඒකි වචනයක්වත් උට කිව්වේ නෑ...අන්තිමට කියවලා කියවලා අරකිගෙන් උත්තරයක් නැතිම තැන අරූ යන්න ගියා ඒකත් නිකන්ම නෙවේ අර බස් එකට යන්න ඉදපු හැම මනුස්සයෙක්ම ඉස්සරහ " උබට මං ඇර වෙන එකෙක් එක්කවත් ලව් කරන්න දෙන් නැ " කියලා අරකිට තර්ජනෙත් කරලා මටත් රවලා ගියේ....ඌ ගියාට පස්සේ කීර්තී හරි අමාරුවෙන් මාත් එක්ක හිනාවෙලා මං බස් එකට නැග්ගම උබට විස්තරේ කියන්නම් කියලා බිම බලාගෙන ඉදියා..මට පව් කියලා හිතුනා...ඒකිගෙ ඇස්වල කදුලු පිරිලා...මට ඒකි ලගට යන්නත් බැ මනුස්සයො ඉන්න නිසා තවත් ප්‍රශ්නයක් එතකොට .... ප්‍රශ්න ඇති කරගන්න ඕන නැති නිසා බස් එක එනකන් ඉදලා...කීර්තිව මුලින්ම නග්ගවලා මාත් බස් එකට නැගලා ඒකි ගාවින් ඉදගෙන ඒකී කියන්නම් කියලා කියපු දේ කියනකන් බලන් ඉදියා...ටික වෙලාවකට පස්සේ ඒකී දිග හුස්මක් පිට කරලා හැමදේම මට කිව්වා...

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now