• දහනව වන දිගහැරුම •

Start from the beginning
                                    

" අනේ තීනු පුතේ යුගාන්ව ඔහොන්මම සෝෆා එකට දාන්න පුලුවන් ද ?? "

" හරි ආන්ටි මං දාන්නම් "

යුගාන්ව ආයෙම හරි අමාරුවෙන් වාරු කර ගෙන තීනු සෝෆා එකට ගිහින් දාද්දි හස්නා තමන්ගේ නිය පොත්තත් හප හප මේ දිහා බලන් හිටියා . යුගාන් කලින් තීනු ගැන කියලා තිබුනු දේවල් නිසාම හස්නා හිතුවේ යන්න කලින් තීනු තමන්ටත් හොද කනේ පාරක් දීලම යයි කියලා . මොනවා උනත් කෙල්ල ගහපු ප්ලෑන් එක ගැන කෙල්ල පලවෙනි පාරට බය උනා .

" තීනු ඔයා කොහොමද පුතේ මෙයාව එක්කන් ආවේ ?? "

" Uber එකක් දැම්මා ආන්ටි පාරේ වාහන තිබ්බේ නැහැ එන්න "

" අනේ දෙයියනේ !! මට තරහ යනවා පුතේ යුගාන් කරන මේ වැඩ වලට "

යුගාන් ගේ අම්මා තමන්ගේ අත් දෙකත් හරහට බැද ගෙන යුගාන් දිහා බලන් කිව්වේ කලකිරීමෙන් . ඒත් යුගාන්ගේ දඩබ්බරකම් යුගාන්ගේ අම්මා හැම වෙලාවෙම ඉවසුවේ යුගාන් ඉලන්දාරි කොල්ලෙක් උනු නිසා උනත් යුගාන් කලේ ඒකෙන් අයිතු ප්‍රයෝජන ගත්තු එක .

" යුගාන්ගේ හැටි ඔහොමනේ ආන්ටි !! එහෙනම් මං ගිහින් එන්නම් "

තීනු යුගාන්ගේ අම්මා දිහා බලලා හිනා වෙලා කිව්වත් හස්නා දිහා බලලා රැව්වා .

" අනේ පුතේ මේ මහ රෑ තනියම යන්නේ කොහොමද ?? අද මෙහෙ ඉදලා උදේට යන්න පුතේ !! "

" බැහැ ආන්ටි මම තීර්ථලගේ ගෙදර අද යන්නේ තීර්ථ මං එනකල් බලන් ඇති !! "

තීනු යන සිහියෙන්ම කතා කලත් යුගාන්ගේ අම්මට තීනුට මේ මහ රෑ යන්න දෙන්න හිතක් තිබුනේ නැහැ . විශේෂයෙන් හස්නව දකිද්දි තීනුට ඇති වෙන තරහ නැති කර ගන්න තීනුට ඉක්මනින්ම යුගාන්ගේ ගෙදරින් පිට වෙන්න දැඩි වුවමනාවක් ඇති උනා .

" ඒත් පාරේ වාහන නැත්තම් යන්න බෑනේ "

" මං uber එකක් දා ගන්නම් ආන්ටි "

" එහෙම ඕනේ නැහැ අපේ ඩ්‍රයිවර් ඉන්නවා එයාට කියලා පුතාව ඇරලවන්නම් "

" අනේ කරදර වෙන්න ඕනේ නැහැ ආන්ටි මට යන්න පුලුවන් !! "

යුගාන්ගේ අම්මට බොරුවට වද දෙන්න තීනු අකමැති නිසා කිව්වත් මෙ වෙලාවේ හැටියට යුගාන්ලගෙ ගෙදර ඉන්න ඩ්‍රයිවර් එක්ක යන්න ලැබෙන එක ලොකු දෙයක් කියලා තීනුට හිතුනා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now