"අයියෙ!
දැන් ගිහින් බෙහෙත් දාගෙන එන්න අයියෙ. අපි මෙතන ඉඳන් කාරෙක බලාගන්නම්."

ඒ අස්සෙ ඩිනාලයත් කියනවා.
අනේ ඔව් දෙයියනේ, මං කියන දේ අහන්න බැරි නම් වෙන එකෙක් කියන දේ හරි අහන්න අයියෙ. කොහොම හරි බේත් ටිකක් දාගන්න යං.

අන්තිමේ ඉතින් කුලප්පු වෙච්ච අලියෙක් ආම්බාං කරනවා වගේ අපි කට්ටියම එකතු වෙලා බොහොම අමාරුවෙන් අයියව ත්‍රීවීලරේ අස්සට ඔබා ගත්තා. 10 එවුන් ටිකත් ඈතට වෙලා බය වෙලා වගේ බලාගෙන හිටියා. කැ# පො#නයො ටික. ඕකුන්ව හම ගහලා, කණපිට හරවලා, පණ පිටින් ගිනි තියන්න ඕනෙ!

"අනේ අයියෙ ඔයාට මොකුත් අමාරුවක් නෑ නේද?"

අයියව මගේ ඇඟට වත්තම් කරගන්න හැදුවට එයා ඔරවගෙන අහක බලාගෙන ඉන්නෙ. මගේ ඇඟේ ගෑවෙන්න තියා මගෙ දිහා බලන්නෙවත් නෑ. තරහා වෙන එක වුනත් කමක් නෑ ඉවසගන්නම් දෙයියනේ ඔයා හොඳින් නම්.

Hospital එකට ගියාම අයියගෙ තුවාලෙ සුද්ද කරලා බෙහෙත් දැම්මා. තුවාලෙට මැහුම් දාමුද ඇහුවම අයියා එකම සන්නියක් නැටුවා බෑ කියලා.
ඉතින් plaster එකක් ගහලා doctorත් නිකා හිටියා.

ඊට පස්සෙ මගේ මූණටත් බේත් දාගන්න වුනා. අයියා යකෙක් වගේ කෑගහන හැටියට ඉස්පිරිතාලෙ මිනිස්සුත් බය වෙලා හිටියෙ. මට නම් ඇත්තටම එහෙම ලොකු දෙයක් නෑ. ඒත් ඉතින් බෑනෙ.

අන්තිමේදි ඉතින් බොන්න බේත් වගේකුත් දීලා අපිව ගෙදර එව්වා.
වමනෙ ගියොත්, හුඟක් නිදිමත ගතියක් ආවොත් වගේ අයියට ආයෙම එන්නත් කිව්වා.
එයාට දවසක් දෙකක් යනකල් drive කරන්නත් එපා කිව්වා.

ඒ වුනාට මෙයා hospital එකෙන් කෙලින්ම ආවෙ car එක ලඟට.

"Ayye, you shouldn't drive!"

"Shut the fu#k up Thambaru!
Just get in the car!
I desperately wish something'd happen to me, so I don't have to see you becoming some irresponsible maniac!"

මං මොනවා හරි කියන්න කියන්න අයියා ඒකෙ අනිත් පැත්ත කරන්නෙ. අනික කෑගහලම මොකුත් වෙයිද කියලත් මට බයයි.
ඉතින් මං car එකෙන් වාඩි වුනා. ඩිනාලයයි අනිත් උන් ටිකයිත් බය වෙලා බලාගෙන ඉන්නවා. මෝඩ හැත්ත!
උන් නිසා තමයි මේ සේරම!
වැදගත් විදියට ඉන්න හැදුවට ඉන්න දෙන්නෙම නෑනෙ!

මානස (Completed)Where stories live. Discover now