• දහඅට වන දිගහැරුම •

Začať od začiatku
                                    

ඩීජේ එක පුරාවටම තීනු නටලා නටලා කොච්චර හෙම්බත් උනත් තීනුට නටන එක නම් නතර කර ගන්න ඕනේ උනේ නැහැ . තමන් එක්ක නට නට හිටපු තීර්ථ මිසින් වෙලා කියලා වත් තීනු දන්නේ නැහැ ඒ තරමටම නැටිල්ල . හස්නත් මහන්සි නිසා නටන එක නතර කරලා පොඩ්ඩක් එහාට ගියාට පස්සේ සිතිජ යුගාන්ට ලං වෙලා මොනවද කියන්න ගත්තා .

සිතිජ කිව්වේ මොනවා උනත් ඒ කියපු දෙයින් පස්සේ යුගාන් නටන අතරෙම තමන්ගේ ඇස් වටේ යවලා එක රූපයක් හොයන්න ගත්තා . ඒ රූපේ වෙන කාගෙවත් නෙමෙයි තීනුගේ !! තීනු තනියම නට නට ඉන්න නිසා සිතිජ ඇස් වලින් යුගාන්ට පෙන්නුවේ තීනු ලගට යන්න කියලා . කෙල්ලො කොල්ලො අතරින් රිංගලා තීනු ගාවට ආපු තීනුගේ ඉනෙන් අල්ල ගෙන තීනුගේ කම්මුලක් මිරිකුවා .

නොහිතපු විදිහට තමන්ට දැනුනු ඒ ස්පර්ශය නිසාම තීනු ගැස්සිලා ගියා ඒත් තමන්ව අල්ලන් ඉන්නේ යුගාන් කියලා දකිද්දි තීනු යුගාන්ව තල්ලු කරලා දැම්මා . කොහොමත් තීනු කරපු දෙයින් යුගාන් පුදුම උනේ නැහැ මොකද තීනු කොහොමත් ඔහොමයි කියලා යුගාන් නොදන්න දෙයක් නෙමෙයි නිසා හැබැයි තීනුගේ ඒ හැසිරීමෙන් නොදැනුවත්ව හෝ යුගාන්ට හුගක් රිදුනා . 

" තීනු බබා මාත් එක්ක නටන්න එනවද ?? "

" ඇයි අර උඩචක්කරමාලේ තමුසෙව දාලා ගියාද ?? "

තීනු තමන්ගේ අත් දෙකත් හරහට බැදන් ඇහුවේ තමන්ගේ ඇස් දෙකත් හීනි කර ගන්න ගමන් . හස්නා එක්ක නටලා නටලා දැන් බොරුවට යුගාන් තීනු ගාවට එද්දි තීනුට තරහා ගියා . යුගාන් කොච්චර තීනුට ආදරේ කලත් ඒ ආදරේ වතුරෙ ගහ ගෙන යන්න එක පොඩි දෙයක් උනත් තීනුට මහ මෙරක් උනා . හැබැයි කොච්චර වත් යුගාන්ගේ ආදරේ නම් බොරුවක් නෙමෙයි .

" ඒ උඩචක්කරමාලේ ගැන හරියටම දැන ගත්තු දවසට ඔයා ඔහොම කියන එකක් නැහැ තීනු ඒක නිසා හස්නව දැන් අමතක කරන්න !! අපි ටිකක් එන්ජෝයි කරමු !! "

යුගාන් තීනුගේ අතින් අල්ලලා කිව්වත් තීනු යුගාන්ගේ අත ගසලා දැම්මා .

" එන්ජෝයි කරන්න ?? තමුසෙ එක්ක ?? හහ් ඊට වැඩිය හොදයි මම මැරෙන එක !! මට මගේ පාඩුවේ ඉන්න දෙනවා යුගාන් මෙච්චර වෙලාවක් මම නිදහසේ හිටියා  ඒ තමුසෙ නැතුව !! ඇයි මෙහෙම කරදරයක් වෙන්නේ මට ?? තමුසෙ සිරාවටම මල වාතයක් ඕයි !! "

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now